සර්වඥ ධාතු

ගෞතම බුදුන් වහන්සේගෙ සර්වඥ ධාතු ඉතා කුඩා කොටස් ගණනාවකට කැඩී බිඳී ගිය බවත් කිහිපයක් පමණක් ඒ ආකාරයෙන් ඉතුරු වූ බවත්, ඒ එක් එක් ධාතු කොටසක් වෙනත් වෙනත් අය විසින් රැගෙන ගොස් තම තමන්ගේ ලෝකවල තම තමන්ගේ රටවල ථූප කරවා ඒවායේ නිදන් කළ බවත් පොතපතේ සඳහන් වෙනවා.

ටික වෙලාවක් ගැඹුරින් මේ ගැන හිතා බලන කොට පෙනෙන්නෙ මොකක්ද ? තවමත් අප අතර ගෞතම බුදුන් වහන්සේ වැඩ වාසය කරන බවයි. ඒත් සම්පූර්ණයෙන් එක කයක නෙවෙයි. විසිරිලා. එක් එක් කොටසක් එක් එක් අයගෙ කයවල්වල. බොහෝ වෙලාවට අපේ දෙමව්පියන් ගාව.

සමහරවිට අඩු ගණනෙ මොහොතකටවත් ඒ අය තුළ උතුම් බුද්ධ ගුණ පහළ වෙනවා. නමුත්, අනෙක් ක්ලේශයන් නිසා ඒ ගුණ මොහොතක් පමණක් ඉඳලා වෙන කයකට යනවා. දෙමාපියන් ගාව විතරක් නෙවෙයි. රෝගීන් ගාව, අතේ සතේ නැති දුප්පතුන් ගාව, හුඟාක් වෙලාවට හැමෝම ගාව පාහේ ඉඳලා හිටලා මොහොතකට හරි පපුව ඇතුළෙ බුදු කෙනෙක් වැඩ ඉන්නවා.

මට දැන් ඇහෙනවා, කොහේදෝ ඈත රේඩියෝවකින් ටී. එම්. ජයරත්නයන්ගෙ කටහඬ.

“අඳුරු කුටිය තුළ – ද්‍රගුළු ලා ගෙන – ගයන ගීතිකා – යදින යාතිකා – දෙවියන් හට නෑසේ. . .දෙවියන් හට නෑසේ. – කුඹුරු කොටන තැන – පාර තනන තැන – ගිනියම් අව්වේ මහ වරුසාවේ – දෙවියෝ වැඩ ඉන්නේ . . දෙවියෝ වැඩ ඉන්නේ. – බලන් කඩතුරා හැර දෑසේ . . බලන් කඩතුරා හැර දෑසේ . . ”

ඒ එක්කම කොහේදෝ මං දැක්කා, එක පල්ලියක පුවරුවක ලියා තිබුණු වැකියක් වන “God is coming. Are you Ready ?” යන්නට යටින් කවුදෝ ලියා තිබුණලු “I am Ready. Is God coming ? ” කියල. හිනා වෙන්න එපා. බුදුහාමුදුරුවො ආයෙත් පහළ වෙනව, මේ බුද්ධෝත්පාද කාලය නිම වීමට පෙර. අපි බලා ඉඳිමු, ඒ බුදුරදුන් වඩින තෙක්.

මේ එක් එක් කයක ඉන්න බුදු ගුණ, ඒ සර්වඥ ධාතු, කවදා හරි බුදු කයක් එනකම් බලාගෙන ඇති. අපිත් බලාගෙන ඉඳිමු, ඒ බුදු කය එනකම්,. එතකම් අප අඩු ගණනේ ඒ අපි දකින බුදු ගුණවලට, මොහොතක් හරි බුදුවරයකුට සලකන්න ඕනෙ අන්දමින් සලකමු.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

One Response to සර්වඥ ධාතු

  1. isimbuwa says:

    කඩතුරාව හැර යතාර්තය දකින්න උනන්දු වෙනතුරාවට අපි අන්දයො වගේ හැසිරේවි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s