හිතෙන් වැඩ ගැනීම – පළමු ක්‍රමය

මම අද කියා දෙන්න පටන් ගන්නම්, මම සුමනදාස සමරසිංහ මහත්තයගෙන් ඉගෙන ගත්ත ශිල්පීය උපක්‍රම ටිකක් හිතෙන් වැඩ ගැනීම සඳහා. මේ පළමු උපක්‍රමය යි.

මේ උපක්‍රමය කරන්න එක හොඳ වෙලාවක් තමයි, උදේට ඇඳ පැළඳගෙන වැඩට යන්න ඉස්සෙල්ල. ඉස්සෙල්ලාම තමන් කැමති තැනක වාඩි වෙලා ඇඟපත ලිහිල් කරන්න ඕනෙ. කිසිම තැනක් ගැන කිසිම හන්දියක් ගැන තමන්ට වෙනම හිතන්න නොවෙන විදියට. මෙ පළමු පියවරයි.

ඊළඟ පියවරට යන්න නම් තමන්ට අවශ්‍ය දේ වාක්‍යයකින් හදා ගෙන තියෙන්න ඕනෙ. ඒ වාක්‍යය හදන කොටත් යම්කිසි නීති ටිකක් තියෙනව අනුගමනය කරන්න. පළවෙනි නීතිය ඒ වාක්‍යය වර්තමාන කාල වෙන්න ඕනෙ. කිසි දෙයක් හෙට වේවා කියල පතන්න බෑ. ඒක දැන් මේ වෙලාවේ වෙනවා කියන හැඟීම ගන්න ඕනෙ. ඊළඟට ඒ වාක්‍යය පුළුවන් තරම් කොට වෙන්න ඕනෙ. ඊළඟට ඒ වාක්‍යය හුඟාක් සරල වෙන්න ඕනෙ. ඒ එක්කම නිශේධන දෙකක් වාක්‍යය ඇතුළු තියෙන්න බෑ. ඒ කියන්නෙ “අනේ මාව විභාගෙන් ෆේල් කරන්න නම් එපා. ” කියන එක තහනම්. මෙතන “ෆේල් වීම” කියන නිශේධනයත් “එපා” කියන නිශේධනත් ඇති බැවින් මේ වාක්‍යය වැරදියි.

ඊළඟට විනාඩි කිහිපයක් මේ වාක්‍යය හිතමින් ඉඳල යන ගමන යන්න පුළුවන්.

මේ වැඩේ රෑ නිදා ගන්න යනකොටත් කරන්න පුළුවන්. එතකොට නිදා ගන්න ඇඳී දිගා වෙලා මේ වැඩේ පටන් ගන්න ඕනෙ. හැබැයි ඇඟ ලිහිල් කරන්න පුරුදු නැති අයට ටිකාක් ඒක කරන කොටම නින්ද යන්න බලයි. හොඳින් පුරුදු වෙන්න ඕනෙ.

ඇත්තම කියනව නම් මේ හිතුවිල්ල නින්ද යනකොට එන අන්තිම හිතුවිල්ල වෙන්න ඕනෙ. කොහොමද ඒක දැන ගන්නෙ. ඒක අන්තිම සිතුවිල්ල වුණොත් නැගිටින කොට පළවෙනි හිතුවිල්ල වෙන්නෙත් ඒකයි.

හැබැයි පුරුදු නැති අයට, හිත දුවන්නම් වාලෙ දුවන අයට මේක ටිකක් අමාරු වෙයි. යම් නිශ්චිත අරමුණක් හිතන්න පටන් අරන් ටිකක් වෙලා යනකොට වෙන බහුබූත ඔලුවට එනවා. ඒක නම් හරියන්නෙ නෑ.

ඒ එක්කම මම දවස් දහහතරක් කියල කිව්වෙ පොඩි පොඩි දේ වලට. ඒකත් හොඳින් මතක තියා ගන්න. ඒ එක්කම මේ වාක්‍යය වර්තමාන කාලයේ එකක් විය යුතු නම්, තමාගේ අවශ්‍යතාවය මේ දැන් ඉටුවෙමින් පවතිනවා නම්, කොච්චර සන්තෝසයක් හිතට එන්න ඕනෙද ? මුළු ඇඟ පුරාම පැතිර යන සන්තෝසයක්. අවංකවම ඒ සන්තෝසයත් විඳ ගන්න. ඒකත් මේ අභ්‍යාසයෙම, මේ ශිල්පීය උපක්‍රමයෙම කොටසක්.

ඒ එක්කම මතක තියා ගන්න මේ වැඩේ හුරු වෙනකම් අරමුණු දෙක තුනක් කරන්න යන්න එපා. පුළුවන් නම් උදෙත්, රෑ නිදා ගන්න යන වෙලාවෙත් දවස පුරා තමන් වැඩක් නොකරන වෙලාඅවෙත් මේ එකම අරමුණ ගන්න බලන්න.

ඔබ භාෂාවට සංවේදී කෙනෙක් නම් මේ වැඩේ හරියන එක අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

11 Responses to හිතෙන් වැඩ ගැනීම – පළමු ක්‍රමය

  1. මට නිෂ්ශබ්ද වෙලාවක හිත එකඟ කරගන්න අමාරුයි. මම ගොඩක් වෙලාවට ඒක දැකලා තියෙනවා. දාහක් දේවල් ඔළුවට එනවා එතකොට

    හැබැයි මොකක්හරි සංගීතයක්, ශබ්දයක් ඝෝශාවක් වගේ දෙයක් පසුපසින් තියෙනවා නම් මට ඒකටම අවධානය දෙන්නේ නැතිව එක දෙයක් ගැන හිතන්න පුළුවන්.

    මම පාඩම් කරනකොට ඒක පාවිච්චි කරනවා, එහෙම දෙයක් මෙතනදි යොදාගත්තට වරදක් නෑ නේද?

    • kumudupinto says:

      අපොයි. කමක් නෑ. ඒ දේ කමක් නැති වීමට හේතු පස්සෙ පැහැදිලි කරන්නම්.

  2. චරිත says:

    සර්. තව ටිකක් උදාහරණ සහිතව පැහැදිගි කරන්න පුලුවන්නම් හොඳයි.

    • kumudupinto says:

      හදිස්සි වෙන්න එපා. හෙමින් හෙමින්, පියවරෙන් පියවර හොඳේ.

  3. ” කිසිම තැනක් ගැන කිසිම හන්දියක් ගැන තමන්ට වෙනම හිතන්න නොවෙන විදියට. මෙ පළමු පියවරයි”

    පළවෙනි පියවර තව පැහැදිළි කරලා දෙන්න පුළුවන්ද ?

  4. සිංහයා... says:

    වැදගත් වැඩක අාරම්භයක් දිගටම කරගෙන යන්න දැනුම ෙබදා දීෙම් සතුට ඔබට සැමදා තිෙය්වි… ජය ෙව්වා…!!!🙂

  5. ඔබේ අදහස් ඉතා වටිනවා. ඇත්තෙන්ම අපි දෙයක් ධනාත්මකව හිතල ඒ දේ ගැන හැම වෙලේම හිතනකොට ඒක සාර්ථක කරවීමට අපේ යටි සිත ක්‍රියාත්මක වෙනවා. අපි හිතන දේ සෘණාත්මක නම් ඒකත් එහෙමම වෙනව. මොකද අපි තදින් දෙයක් හිතුවොත් අපිට ඒක කරන්න පුළුවන්. ඒක ඉබේම වෙනව වගෙයි පේන්නෙ, නමුත් ඇත්තටම වෙන්නෙ අපේ යටි සිත මගින් අපේ උඩු සිතට පණිවිඩ දීල ඒක අපි ලවාම ක්‍රියාත්මක කරවන එක.

  6. Anushka says:

    මෙ ක්‍රමය නිවැරිදියි

  7. පසන් තරිඳු says:

    අදම පටන් ගන්න ඕනේ……

  8. Wathsala Vithanage says:

    In Quantum physics there is a fundamental theory called Quantum Entanglement (QE). It may have some connection with this. According to QE two electrons are in entangled pairs, that means if you measure the state of a one electron then without measuring you can find the state of the other electron. Measuring is a kind of change you do to the state of an electron according to Quantum physics (Known as collapsing of wave function). In other words when you change the state of an electron the entangled counterpart will also change it’s state, the implication is entangled pairs are connected no matter how far they are located and information is transfered between them independant of space time.

    According to physics every thing was entangled at big bang, therefore every particle must be entangled! When you think of something you are observing it which intern affects the entangled particles. Entangled particles must have some sort of connection with the manifestation of your wish depending on the observation you made. This might be applicable in the area of astrology as well.

    Please have a look at this video: http://www.youtube.com/watch?v=9QcKDvcnZrE&feature=related
    Once you click on it you may also find related articles as well.

  9. panhida says:

    වටින ලිපියක්…දිගටම කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s