තථ්‍ය ප්‍රේමය

අද කාලෙ වුණත් පිරිසිදු තථ්‍ය ප්‍රේමයක් තියෙන්න පුළුවන්. ප්‍රේම කරන හුඟාක් අයගෙන් මං අහන ප්‍රශ්ණයක් තමයි ඔයාගෙ ප්‍රේමවන්තයගෙ හරි ප්‍රේමවන්තියගෙ හරි දකුණු අතේ මාපට ඇඟිල්ල හිතෙන් මවා ගන්න පුළුවන් ද කියන එක. මේක ඇහුවහම හුඟාක් අය පුදුම වෙලා මගේ දිහා බලනවා. මගෙ තර්කය වෙන්නෙ ඒ වාගෙ ආදරයෙන් තමන්ගෙ සහකරු හෝ සහකාරියව නිරීක්ෂණය කරල නැත්නම් ඒ රූපය ආයෙත්, තමා කැමති වෙලාවක මවා ගන්න බැරි නම් වැඩක් නෑ කියන එකයි.

ඒ එක්කම මං විස්වාස කරන දෙයක් තමයි, ඉතා තද බැඳීමකදි ආදරයකදි තමන්ගෙ සහකරු හෝ සහකාරිය කියන කරන දේ පවා තමන් දන්නවා කියන එක. ප්‍රේම කරන කාලෙදි ඕගොල්ලො අත්දැකල ඇති සමහර වෙලාවට තමන් ඔහුට (හෝ ඇයටා දුරකථන ඇමතුමක් ගන්න හදන කොට ඒක එන්ගේජ්ඩ්. හේතුව මොකක්ද එයත් තමන්ට කතා කරන්න උත්සාහ කිරීම.

මෙන්න මේ බැඳීම අවබෝධය සාමාන්‍යයෙන් අත් දකින්නෙ ඉඳල හිටල නෙ. ඒක හැම තිස්සෙම හැම මොහොතකම හැම හුස්මකදී ම ලබන්න විඳින්න පුළුවන් නම් ? ආන්න ඒ වගෙ බැඳීමක් තුළ අඩු තරමෙ එක්කෙනෙක් ඉන්නවා මමත්වය නැති කරපු තාවකාලික ව හරි.

තමන්ගෙ ජීවිත කාලය තුළ එවන් බැඳීමක් සඳහා කරන උත්සාහයක තේරුමක් තියෙනව කියලයි මං හිතන්නෙ. ඒත් හුඟාක් අය මේ වෙනකොටත් හිතනව ඇති, මට කියලත් තියෙනව තමන් දැන් තෝරාගෙන ඉන්න සහකරු හෝ සහකාරිය එක්ක ඒ වැඩේ කරන්න බෑ කියල. මං හිතන්නෙ නම් ඒ අදහස සම්පූර්ණයෙන් වැරදියි. ඒකපාර්ෂිකව ඒ වැඩේ කරන්න පුළුවන්, කරන විදිය දන්නවා නම්.

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

6 Responses to තථ්‍ය ප්‍රේමය

  1. //ඔයාගෙ ප්‍රේමවන්තයගෙ හරි ප්‍රේමවන්තියගෙ හරි දකුණු අතේ මාපට ඇඟිල්ල හිතෙන් මවා ගන්න පුළුවන් ද කියන එක.//

    මේක හරි නිර්නායකයක් නම්…….

    මට ගැටළුවක් නෑ වාගෙ🙂

  2. risenfall says:

    ඔය මොන වර්ගයේ ප්‍රේමයක් වුනත් ඔක්කොම ප්‍රේමයන් වලට ඇත්තෙ Chi-Square හරි Gamma හරි Distribution එක් ..🙂

    • kumudupinto says:

      අපොයි නෑ. අපි කරන ලොකුම වැරැද්දක් තමයි Distribution සම්බන්ධ න්‍යායයන් ප්‍රේමය සමඟ පටලවා ගැනීම. මා යෝජනා කරන ප්‍රේමයෙහි අත්හදා බලන හැමෝටම ලැබෙන්නෙ එකම ප්‍රතිඵලයක්. හැබැයි දැන් බොහෝ විට ප්‍රේමය නමින් දකින්නට තියන දෙයෙහි නම් එය නැති බවයි පේන්නෙ.

  3. දනුක says:

    මේ බ්ලොග් වැඩේ නිසා සර් දැන් මගෙ යාළුවෙක් වගේ වෙලා. තරහා නෑනෙ එහෙම කිව්වට. සර්ට කියන්න විශ්වාස කරනවනම් කරන්න මට ඔය කියනදේ කරන්න පුලුවන්. ( ඔයාගෙ ප්‍රේමවන්තයගෙ හරි ප්‍රේමවන්තියගෙ හරි දකුණු අතේ මාපට ඇඟිල්ල හිතෙන් මවා ගන්න, ඒ රූපය ආයෙත්, තමා කැමති වෙලාවක මවා ගන්න එක ) මම අර permutation & combination ප්‍රශ්නෙදි එහෙම දෙයක් නෑ කිව්ව මතක ඇති. ඒත් එකක් තිබිල තියනවා. දැන් නම් නෑ. හේතුව අධ්‍යාපනේ.

  4. Teshan says:

    මගේ ජීවිතයේදීත් මේ වගේම ඒ කෙනාට දුරකතනයෙන් අමතද්දී එයත් මට දුරකතනෙන් එකම මොහොතේදී කතා කරන්න හදද්දි දෙන්නටම එකිනෙකාව එන්ගේජ් ටෝන් එක ඇහුණු වේලාවල් පස් හය වතාවකටත් වඩා සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේදීත් ඒ වාගේම සිද්ධ වුණා. මේකෙන් මම තේරුම් ගත්තු දේ පිටින් කොච්චර ආදරේ නොපෙන්නුවත් හිතේ තියෙන ආදරෙන් දෙන්නාම ගොඩාක් තදින් බැඳිලා තියෙනව බව. ඒක මටත් හිතා ගන්න බැරි තරමේ පුදුම සිදුවීමක්. ඒත් එහෙම වෙලා තියෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා. මම ඒ කෙනා වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒ මටත් කොටසක් තියාගෙන කරනවා කියලා හැඟීමක් තාමට ඇති වෙලා නෑ. මුල්ම කාලෙදී (දින දෙක තුනකදි විතර ) එහෙම හිතුණත් දැන් නම් කොහෙත්ම නෑ. තමන් සිතෙන් හරි වරදක් නොකර දෙයක් කරනවා නම් තමන් බලාපොරොත්තු වෙන දේ තමන්ට ඉබේටම අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ බව නොපෙන්නුවත්, කවදා හරි වෙන් වෙන මොහොතකදී හරි ඒ බව දෙන්නෙක්ට දැන ගන්න ලැබුණොත් ඒ කියන්නේ ඒ ආදරය අනික් හැම ආදරයකටම වඩා ගැඹුරුය කියලා.

  5. අමිල says:

    මෙයට ඌන පුරණ එකතු කරන්න කෙනෙකු නැති වීම කනගාටුවක්. මේ බ්ලොගය කියවාගෙන යන ගමන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s