බස් එකෙන් කැම්පස් යාම

ඒ කාලෙ මම මොරටුව විශ්ව විද්‍යාලයට යන්න හැතැප්මක් ඇවිදගෙන දෙමටගොඩට එනවා 154 ගල්කිස්ස බස් එක අල්ලගන්න. අද වගේමයි එදත්. කිරිබත්ගොඩ ඉඳන් එන බස් එක දෙමටගොඩට ළඟා වෙනකොට ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. ඒ කාලෙයි චිත්ත ධර්ම විද්‍යාවෙ රසය ඇඟටම දැනිල තිබුණෙ. මම හිතුවා මේ ප්‍රශ්ණෙට විසඳුමක් ලබා ගන්න ඕනෙ ය කියල.

කැම්පස් යන්න ඉස්සෙල්ල මොහොතක් පුටුවක් උඩ ඇඟ කඩා දාල වගේ වාඩි වෙලා මම හිතුව මට බස් එකේ වඩි වෙලා යන්න ඕනෙ කියල. ඊට අස්සෙ දෙමටගොඩ බස් හෝල්ට් එකට ගියා.

විස්වාස කරනව නම් විස්වාස කරන්න. බස් එකේ ඩ්‍රයිවර් බ්‍රේක් ගහන්නෙ හරියටම බස් එකේ දොර මගෙ ඉස්සරහට එන ඉදියටයි. බස් එකට ඉස්සෙල්ලාම නඟින්නෙ මම යි. ඊළඟට තල්ලු වෙලා තල්ලු වෙලා ගිහිල්ල ම්ම හිට ගන්නෙ ඊළඟ හෝල්ට් එකෙන් බහින කෙනෙක් ගාව. ඒ මනුස්සය බහිනවා. මම හිතට ස්තුති කරල වාඩිවෙනවා.

මෙහෙම ටික කාලයක් කරන කොට මට ඕනෙ වුණා අයිනක වාඩි වෙන්න. මම මගෙ ස්වයං යෝජනාව අළුත් කළා. එතකොට උනේ තල්ලු වෙලා තල්ලු වෙලා මම හිට ගන්න තැන තියෙන සීට් එකේ එක්කො දෙන්නම බහිනවා. එහෙම නැත්නම් අයිනෙ සීට් එකේ එක්කෙනා බහිනවා. අනෙක් කෙනා මට අයිනට යන්න ඉඩ දෙනවා. එතනදිත් මම කළේ හිතට ස්තුති කරල අයිනෙ වාඩි වෙච්ච එක.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

2 Responses to බස් එකෙන් කැම්පස් යාම

  1. Bandaraya says:

    පුදුමයිනේ…. අපි කරන කොට ඕවා හරියන්නේ නෑනේ…

    • kumudupinto says:

      මට කියන්න බැරි වුණු නීතියක් තියෙනවා, කිසිම සැකක් තියා ගන්න එපා කියල.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s