බුද්ධියේ ආකාර 7

ඊයෙ අපේ කළමණාකාර අධ්‍යක්ෂක තුමා කීවා දැන් දැන් බුද්ධියේ ආකාර 7ක් ගැන කතා කරනව කියල. මම වහාම අන්තර්ජාලයේ හෙව්ව මේ ගැන. මට ලැබුණා අපූරු ලිපියක් මේ ගැන කියපු.

ඉස්සර බුද්ධිමතෙක් වෙන්න නම් යම් තර්කානුකූල හැකියාවක් තියෙන්න ඕනෙ. ඉස්සර ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ගණකාධිකාරීවරු මේ ගණයට අයත් වුණා. යම්කිසි දරුවෙක් චිත්‍ර අඳිනව නම් සංගීතය කරනව නම් දෙමාපියන්ගෙ විතරක් නෙවෙයි බොහෝ ගුරුවරුන්ගෙනුත් මේ දරුවාට අවලාද අහන්නට සිදු වුණා. මේ වගෙ දරුවන්ව අවතක්සේරුවට ලක් කරන්න තවමත් අපේ සමාජය පසුබට වෙන්නෙ නෑ.

ඒත් මීට වසර කිහිපයකට ඉස්සර මාත් එක්ක වැඩ කළා සහතිකය තිබුණු කෙනෙක්. ඔහු පරිගණක විද්‍යාවෙ දක්ෂයෙක් විතරක් නෙවෙයි. පරිගණකයෙන් චිත්‍ර ඇඳීමට හා සජීවීකරණය කිරීමට හපනෙක්. ඔහුට ලැබුණා එක්තරා ප්‍රචාරණයට සම්බන්ධ ආයතනයක රැකියාවක්. ඊට ටික කාලයකට පස්සෙ මට ඔහුව හම්බ වුණා. සාමාන්‍යයෙන් දන්නා අඳුනන අයගෙන් මම අහන එක ප්‍රශ්ණයක් තමයි “ඔයාගෙ පඩිය කීයද ? ” කියන එක. මාත් ඔහුගෙන් ඒ ප්‍රශ්ණයම ඇහුවා. (මේ අඩු ගණනෙ අවුරුදු හත අටකටවත් ඉස්සෙල්ලා සිද්ද වෙච්ච දෙයක්.) ඔහු කිව්වා මගෙ පඩිය හැටදාහයි කියල. ඊළඟට ටික වෙලාවකින් ඔහු කියනව “පහුගිය හැම මාසෙකම මට පඩියට අමතරව Commission එකක් ලැබුණා. හැම මාසෙකම ඒ ගණන මගෙ පඩියට වඩා වැඩිය ” කියල.ඕන්න චිත්‍ර වලට හපනුන්ගෙ අනාගතය.

අපේ සමාජය බුද්ධිය ගැන හිතන හැටි කොච්චර පටු ද කියන එක අර ලිපිය කියෙව්වහම ඔයගොල්ලන්ටත් තේරේවි.

අපි දැන් හොයන්නෙ මේ හැකියාවන් කිහිපයක් ම තියෙන දරුවන්. තව දුරටත් ඒ අයව ඔප මට්ටම් කිරීමේ හා අපේ ආයතනයට සම්බන්ධ කර ගැනීමේ බලාපොරොත්තුවෙන්.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

One Response to බුද්ධියේ ආකාර 7

  1. අමිල says:

    පින්තු සර්ගේ වටිනා දර්ශණය…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s