විභාග පාස් වීම

අපි හිතමු යමෙකුට යම් විභාගයකින් සමත් වෙන ඕනෙ කියල. එහෙම නම් “මම අහවල් විභාගෙන් පාස්” වගෙ වාක්‍යයක් හොඳටෝම ගැලපෙනවා අවශ්‍ය වැඩේට. හැබැයි “මාව ෆේල් කරන්න එපා දෙයියනේ ” කියන්නෙ හරිම භයානක වාක්‍යයක්.

සමහරු කියන දෙයක් තමයි, “මම හිතුව ෆේල් වෙයි කියල”. එහෙම නැහ්නම් “මම දැනගෙන හිටිය ෆේල් වෙයි කියල”. ඇත්තටම වෙන්න ඇත්තෙ එහෙම ෆේල් වෙයි කියල හිතුව හින්ද ෆේල් වෙයි කියල දැනගෙන හිටිය හින්ද ෆේල් වීමයි.

දැනගෙන ඉන්න පාස් වෙයි කියල. හිතන්න පාස් වෙයි කියල. එතකොට පාස් වෙනවා. හැබැයි තව නීති ටිකක් තියෙනව. අපී යම් දෙයක්, යම් අරමුණක් ගැන, එය සාර්ථක වීම ගැන මෙහෙම හිත එකඟ කර ගන්නව නම්, ඒ කාලෙ ඇතුළත ඒ අරමුණට බාධා වෙන දේවල් හිතන්න හොඳ නෑ. කියන්න හොඳ නෑ. කරන්න හොඳ නෑ.

ඒ කියන්නෙ යම් විභාගයකින් හොඳින් සමත් වීම අරමුණු කරගෙන ඉන්න කාලෙක කාලෙ නාස්ති කරන ට්‍රිප් යෑම, ටෙලිවිෂන් හෝ චිත්‍රපට බැලීම, බඩ්කට පුරා කා හොඳින් නිදා ගැනීම වගෙ දේවල් කරන්න බෑ. අනෙක් අයත් සමඟ ෆේල් වීම ගැන කතා කරන්න බෑ. “මම මේ විභාගෙන් ෆේල් වුණොත් මොකද කරන්නෙ” වගෙ ඔලමොට්ටල දේ ගැන හිතන්න බෑ.

කවුරු හරි ඇහුවොත් “කොහොමද පුතා/දුව විභාගෙ ?” කියල, අවංකවම “අපොයි හොඳටම පාස් වෙනව” කියල කියන්න ඕනෙ. එහෙම කීම පුරාජේරුවක් කියල හිතනව නම්, කොටින්ම එහෙම කියන්න කැමති නැත්නම්, “කියන්න බෑ” වගෙ දෙයක් කිව්වත් එවේලේම “මොකද කියන්න බැරි. මම පාස් වෙන. ඒක ෂුවර්” වගෙ දෙයක් හිතල කලින් කී දේ නිෂේධනය කරන්න ඕනෙ.

ඒ එක්කම ඔබ හරියටම අර තමා හදා ගත්ත වාක්‍යය හිතට යෝජනා කරනව නම්, ඔබට ඒ අදහසට විරුද්ධව හිතන්නවත්, කියන්නවත්, කිසිම දෙයක් කරන්නවත් බැරි වේවි. මුල් කාලයේ, ඒ කියන්නෙ ඒ සිතුවිල්ල එතරම් ප්‍රබල නොවන කාලයේ ඒ අදහසට විරුද්ධව යමක් හිතුවොත්, කිව්වොත් හෝ කළොත් දැන ගන්න, තවමත් සිතුවිල්ල ප්‍රබල නැති බව. එය ප්‍රබල කර ගන්න. එය ඔබට මිස වෙන කිසිම කෙනෙකුට කළ හැකි දෙයක් නොවෙයි.

අපේ කාලයේ යමෙක් උපාධි දෙකක් කළා කිව්වොත් මිනිහ ඇත්තටම පොරක්. ඒත් මේ කාලයේ බොහෝ අය උපාධි එකකට වඩා කරනව. එහෙම වෙන්නෙ කොහොමද ? ඩාවින් හරි නම් පරම්පරාවෙන් පරම්පරාවට හැකියාවන් වැඩි වෙන්න ඕනෙ. ඒකයි ඉස්සර ළමයින්ට වඩා දැන් ළමයින්ට මතක තබා ගන්න පහසු. ඒ අයගෙ ධාරිතාව වැඩියි. තර්කානුකූල ශක්තිය වැඩියි. ඒත් රටේම කරුමෙකට ඒ බව ඒ අයවත් ඒ අයගෙ දෙම්පියන් හෝ ගුරුවරුවත් දන්නෙ නෑ. ඒ හන්ද ඒ ශක්තියෙන් කිසිම ප්‍රයෝජනයක් ගැනෙන්නෙත් නෑ.

තේරුම් ගන්න. ඔබ කලින් පරම්පරාවට වඩා දක්ෂයෙක්. ඒ බව ඔබ තවම අවබෝධ නොකළ නිසයි මේ ඔක්කොම නස්පැත්තිය. අවබෝධ කර ගන්න. අද අදම.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

4 Responses to විභාග පාස් වීම

  1. ```Outsider``` says:

    අගේ ඇති කතාවක්.
    මේක විභාග සම්බන්ධයෙන් විතරක් නොවිය යුතුයි.

  2. ඔව්! නියම උපදෙසක්! ජීවිතයට වැදගත්! ඒ වගේම අපේ අරමුණ වෙනුවෙන් යම් කැපකිරීමකත් අපි කරන්න ඕනේ!
    බොහොම ස්තූතියි!

  3. buddhika says:

    ඇත්ත
    මට ඔය අත්දැකීම තියනවා.
    මමත් ස්කෝලෙ යන කාලෙ හිතුවෙ “මැත්ස් තමයි අප්සෙට් අනිත් 2 නම් ගොඩ” ඇත්තටම ඒ දේ උනා.දෙවනි පාර කරනකොට හිතුවෙ “මේ මොන මගුලක්ද මේකනම් කවදාවත් ගොඩ යන්නෑ” ප්‍රතිඵලය උනේ F 3ක් ආපු එකයි.

  4. buddhika says:

    තව දෙයක් කියන්න අමතක උනා.
    දැන් මම කරන දේ නම් මම ඉහලින්ම සමත් වෙනවා කියලා හිතා ගෙන කරන්නෙ. පුදුමෙ නම් දැන් මට වෙනදට වඩා ඉගෙනගන්න හරි ආසයි…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s