හරි පුදුම ඉස්කෝලෙ

ලීලානන්ද ගමාච්චි ජපන් බසින් සිංහලට පෙරලූ “හරි පුදුම ඉස්කෝලෙ” පොත අපේ කරුමෙකට හංවඩු ගැහිල තියෙන්නෙ ළමා කතාවක් හැටියට. ඒත් මේ පොත අනිවාර්යයෙන්ම කියවිය යුත්තෙ දෙමාපියන් හා ගුරුවරුන්. මම මගෙ බැචෙක්ට කිව්වා මේ පොත ගැන. ඒ එක්කම මම කිව්වා “මේ පොත දෙමාපියන් කියවිය යුතුම පොතක් බව.” ඔහුගෙ උත්තරය වුණේ “අපොයි. මම ඒක මගෙ දුවට අරන් දුන්නනෙ දන්නෙ නැතුව කියල.” එයා හිතුවෙ ඒක “වැඩිහිටියන්ට පමණයි” පොතක් කියල.

ජපානයේ තිබූ මොන්ටිසෝරියක් ගැන එයින් පිට වූ ශිෂ්‍යාවක විසින් රචිත මෙය කියවන විට පුදුම ආත්මානුකම්පාවක් දැනෙන්නේ අපේ ළමා කාලය සිහි වීමෙනි. මෙහි ප්‍රධාන චරිතය ටොට්ටෝ චාං නම් කුඩා දැරිය වන අතර මේ පොතේ එන එක් සිද්ධියක් මෙසේය.

එක දවසක් ගුරුතුමිය මේ පන්තිය දෙකට බෙදුවා. එක් කණ්ඩායමක් භූතයෝ. අනෙක් කණ්ඩායම මිනිස්සු. මුලින්ම භූතයෝ ගිහිල්ලා ගස් අස්සෙ හැංගෙන්න ඕනෙ එතනි යන මිනිස්සුන්ව බය කිරීම සඳහා ඔවුන්ගෙ ඇඟට පනින්න. දවස අවසානයෙ සමහර “භූතයො” අඬාගෙන එනවලු ඒ පාරෙන් කිසිම මිනිහෙක් නොගිය නිසා. එක සැරයක් භූතයෙක් මිනිහෙක්ගෙ ඇඟට පනිද්දි මිනිහටම යටවෙලා භූතයට හොඳටම තුවාල ලු.

අපි පු\චි ළමයින්ට බත් කවද්දි ඔවුන්ව බය කරන්න කියන භූත කතා හා මේ කතා සැසඳීමේදී ජපානය කුඩා දරුවන්ගෙ සිත් ගැන කොච්චර හොඳට හිතල තියෙනවද කියල හොඳටම පේනව. අපේ අය ලොකු වුණහමත් අර භූත කතාවලට බයයි. ඒත් ජපන්නු ලොකු වුණහම අර භූත කතා මතක් කර කර හිනා වෙනව. ලංකාවෙත් ජපානයෙත් එක ප්‍රධාන වෙනසක් ඒ.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

5 Responses to හරි පුදුම ඉස්කෝලෙ

  1. හසී says:

    මමත් ඔය පොත කියෙව්වා, ඇත්තටම ලස්සන පොතක්…

  2. Bandaraya says:

    ඇත්තටම කදිම පොතකි එය….

  3. කවුද කතෘ, නම ඉංගිරිසියෙන් ලියනවද?

    • kumudupinto says:

      Wikipedia වල මේ විස්තර දැක්වෙන Link එකයි මේ. ප්‍රධාන චරිතය වන ටොට්ටෝ චාං ගේ නමිනුයි තියෙන්නෙ. සිංහල පරිවර්තනය ගැනයි මං කිව්වෙ.

  4. මේක අපේ දෙමාපියන් කරන මෝඩම මෝඩ වැඩක්.
    තමාගේ දරුවා තමාට අවනත කරගන්න අපොහොසත් උනාම එතනට තව Virtual Personality එකක් යොදාගන්නවා. වැඩේනම් කෙරෙනවා. හැබැයි සදාකාලිකව ඒ ළමයා අර Personality එකට බයේ ජීවත්වෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s