හැබෑ කොටි ඉස්කෝලෙ

හැබෑ කොටි ඉස්කෝලෙ කියන පොත මොන භාෂාවකින් කා විසින් සිංහලට පෙරලන ලද්දක් ද කියල හරියට මතක නෑ. ඒත් කතව නම් ගලේ කෙටුව වගෙ මතකයි.

එක ගමක ජීවත් වූ අයට වැඩියෙන්ම අවශ්‍ය වුණේ ගඟට අත දාල මාළු අල්ලන විදියයි කොටින්ගෙන් බේරෙන විදියයි. මේ කාරණා දෙක දැන ගත්ත අයට ඒ ගමේ ලොකු පිළිගැනීමක් ලැබුණා. මේක තේරුම් ගත් තරුණ පිරිසක් මේ දේ උගන්වන්න පුංචි ටියුෂන් ක්ලාස් එකක් දැම්මා. ඒක කාලයක් යද්දි ඉස්කෝලයක් වෙලා, මහා විද්‍යාලයක් වෙලා අන්තිමේදි විශ්ව විද්‍යාලයක් වුණා. මේ විශ්ව විද්‍යාලෙ දෙන්නෙ උපාධි දෙකයි. එකක් අත දමා මාළු ඇල්ලීමේ උපාධිය. අනෙක කොටින්ගෙන් බේරීමේඋපාධිය. (කතාව මතක හැටියටයි කියන්නෙ. ඕනෙ තාම් වැරදි ඇති.)

කාලයක් යද්දි කාලගුණ දේශගුණ විපර්යාසයන්ට මේ ගමත් ගොදුරු වුණා. කොටි ටික අඳවෙලා වලස්සු ටිකක් බෝ වුණා. මාළු අත දාල අල්ලන්ඩ බැරි තරමට බුද්ධිමත් වුණා. මේක තේරුම් ගත්ත තරුණ පිරිස අළුත් ටියුෂන් ක්ලාස් එකක් දැම්මා වලස්සු අල්ලන්නයි මාළුන් අල්ලන්නයි කියා දෙන.

ඒත් විශ්ව විද්‍යාලය පාඨමාලා වෙනස් කළේ නැහැ. ඒගොල්ලො කිව්වෙ බොහෝ කාලයක් ඉගැන්වූ නිසා ඒ පාඨමාලාවලට ලොකු ගෞරවයක් ලැබී ඇති හෙයින් ඒවා වෙනස් කරන්නෙ නැහැ කියලා. ඒ ගොල්ලො කලින් අල්ලා ගත් නාකි කොටි මාල්ලෙක්ව පරීක්ෂණයට ගන්න තියාගෙන මේ උපාධි දිගටම කරගෙන ගියා.

මේ පොත නම් ලංකාවෙ සියළුම උපාධිධරයොයි උපාධි අපේක්ෂකයොයි කියවිය යුතුමයි. කියවල ඉවර වෙලා ආත්මානුකම්පාවට නිකම්ම ඇඬුනොත් පුදුම වෙන්න එපා.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

One Response to හැබෑ කොටි ඉස්කෝලෙ

  1. මධුරංග says:

    so true

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s