හිතෙන් වැඩ ගැනීම – දෙවන ක්‍රමය

භාෂාව හුඟාක් ප්‍රබල, භාෂාවට හුඟාක් සංවේදී අයට පළමු ක්‍රමය හොඳයි. හැබැයි හිතට ස්වයං යෝජනා ඇතුළු කරන තව ක්‍රම ගණනාවක්ම තියෙනවා. මේ ක්‍රමය රූප සමඟ දැඩි සම්බන්ධකමක් තියෙන අයටයි.

අප ඉෂ්ට කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි කූට ප්‍රාප්තියට සම්බන්ධය යම් රූපයක් හිතෙන් මවාගෙන ඒ ප්‍රීතිය විඳ ගැනීම මෙම දෙවන ක්‍රමයයි. අප මෙම ක්‍රමය උදාහරණ කිහිපයක් හරහා තේරුම් ගැනීමට උත්සාහ කරමු.

අපි හිතමු යම් කෙනෙකුට යම් විභාගයකින් ඉහළින් සමත් වීම ය ඉෂ්ඨ කර ගත යුතු අරමුණ කියල. එහෙම නම් එම විභාගයේ ප්‍රතිඵලය මවා ගැනීමට සුදුසු රූපයක්. සමහර ටියුෂන් ගුරුවරු තමාට අවශ්‍ය ප්‍රතිඵලය කොළයක ලියා ඇඳෙහි වැතිරුන විට පෙනෙන අන්දමට ඇඳ ඉදිරිපස එල්වා ගන්න යැයි කියන්නේ මෙම ක්‍රමයට අනුව යි.

එහෙමත් නැත්නම් තමාට යම් පදක්කමක් හෝ තෑග්ගක් ලැබීම හිතෙන් මවා ගන්නත් පුළුවනි. මේ කුමක් වුවත් නිකම්ම හිතේ මවා ගැනීම නොවේ මෙහිදී කළ යුත්තේ. එම අවස්ථාවේදී ඇති විය යුතු සතුට, ඇත්තටම එය සිදු වූයේ නම් ඇති විය යුතු සතුට එවේලේ ඔබ හිතෙන් විඳින්න ඕනෙ. ඇඟ පුරා ඉතිරී පැතිරී යන විදියට හිතෙන් ඔබ ඒ සතුඅ විඳින්න ඕනෙ. මේ ක්‍රමයත් අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

5 Responses to හිතෙන් වැඩ ගැනීම – දෙවන ක්‍රමය

  1. මං කරන A/Levels කාලේ ලොකු A අකුරක් කාඩ්බෝඩ් එකක ඇඳල මේසෙ ඉස්සරහ තියන් හිටිය.

    ඒ හතරක් ලැබුනෙ නං නෑ. ඒත් ඒක ප්‍රයෝජනවත් වුනා.

    අපේ අම්ම නං මට ඒ හතරක් එයි කියල හිතං ඉඳල අන්තමේදි ඇඬුව ප්‍රතිපල ආපු දවසෙ.

    • kumudupinto says:

      කලින් ලිව්ව කතාව මං සම්පූර්ණයෙන් අස් කර ගත්තා.

  2. මුලින් නොලිව්ව කොටස තමයි – ප්‍රතිඵල අකුරු කෙසේ වෙතත් මං හොඳම තැනට ගිය බව.
    කුමුදු මොනව ලියාගෙන හිතාගෙන හිටියත් ගිහින් තියෙන්නෙ දෙවෙනි තැනට නොවැ.

    • kumudupinto says:

      ඇත්තම කියනව නම් මං අන්තිම තැනට ගිය කෙනෙක්. ඒත් මට සැක කතන්දරකාරයා මං හොඳටම දන්න කෙනෙක් ද කියන එකයි.

      අහසෙ තරු හුඟාක් පායල තියෙනව. ඒත් ඒ කාලෙ මං වැඩියම කැමති ගුරු තරුවට. ආතර් සී. ක්ලාක් මහත්තයගෙ එක පොතක තියෙනව ඊළඟට සූර්යයා වෙන්නෙ ගුරු තරුව ය කියල. දැන් දැන් ලකුණු තියෙනව ඇත්තටම ඒ සිද්ධිය වෙයි කියල. මට ඒ තරුව ළඟටවත් යන්න බැරි වුණාට, මාත් ආසාවෙන් ඒ සිද්ධිය වෙනකම් බලාගෙන ඉන්නව.

  3. සාමාන්‍යයෙන් මාත් යන්තර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක් නෙමේ.අපේ ගෙදර අයට ආරක්ෂා යන්ත්‍ර දානකොට මට හදපුවා ඔක්කොම තියෙන්නේ කාමරේ බිත්තියේ ඇණයක එල්ලලා.

    තමන් ගෙ හිත තරම් ආයුධයක් නෑ කියලා මාත් පිලිගන්නවා.හැබයි ඒකෙන් වැඩ ගන්න හැටි තව කෙනෙක්ට කියා දෙන්න මම කවදාවත් උත්සාහ කලේ නෑ.

    සා/පෙළ පන්තියෙදී මාත් දක්ෂ නෑ.ඒත් මම උසස් පෙල විභාගය පාස් වෙලා කැම්පස් යනවා කියන දේ මම කිසිම සැකයක් නැතුව විශ්වාස කලා..
    සා/පෙළ පන්තියේ කොමස් වලට ලකුනු 35-40 ගත්ත මම, උසස් පෙල පන්තියේදී ව්‍යාපාර අධ්‍යනයට ලකුනු 100 ක් ගත්ත දවසෙ ඉන්දු මිස්ගෙ ඇහේ කදුලු පිරුනා මට මතකයි.

    එහෙම ගමනක් ආපු මම අද ව්‍යපාර අධ්‍යන උපාධි අවසන් වසරේ ඉන්න අයි,ටී උපාධියේ පලමු වසරේ ඉන්න,පිලිගත් ක්ෂේත්‍රයක රැකියාවක නිරතවන්නෙක්.

    ඕනෙම දිග ඡේදයක් එක පාරින් මතක තියාගන්න මම දැන ගෙන හිට්යා.සමාජය ඉස්සරහා නොදන්න විදිහට ඉන්න.ඒත් ඕනෙ දෙයක් බය නැතුව කරන්න මම ආසා කලා.කිසිමදාක මෙහෙම පාපොඡ්චාරන කරන්න හිතුවෙ නැති උනත් දවසක වන්දි ගෙවන්න වෙන බව දැන ගෙන හිටියා….
    ” විශ්වාසයවත් විශ්වාස නොකරන ලෙසට තමන් ගැන විශ්වාස කරන්න…….”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s