අගයයන් කිහිපයක එකතුව සෙවීමට දවස් ගණනාවක් !

මං ඊස්ට් වෙස්ට් ආයතනයයෙ ඉඳිද්දි හරි වැඩක් වුණා. මගෙ බැචෙක් ඒ දවස්වල එක්තරා සංවර්ධන බැංකුවක (අර මං කලින් කිව්ව එක නෙවෙයි අනිත් එක.) වැඩ කරමින් හිටියා. මාත් ගියා මනුස්සයව හම්බ වෙන්න.
මම එයත් එක්ක කතා කර කර ඉන්දැද්දි එයා යටතෙ වැඩ කරන කෙනෙක් ලැයිස්තුවක් උස්සගෙන ආවා එයාට පෙන්නල මං හිතන විදියට එයාගෙ අනුමැතිය ගන්න. මගෙ බැචා ඇහැව්ව “කෝ මේකෙ එකතුව නෑනෙ. මට ඒකත් ඕනෙ” කියල. අර කම්පියුටර්කාරයා ගත් කටටම කිව්වා “අපෝ සර්. ඒක ඉක්මනට කරන්න බැරි වෙයි. මං හෙට වාගෙ ඒක කරල දෙන්නම්” කියල.

එයා ගියහම මං ඇහැව්ව “ඒ රිපෝට් එක ගත්තෙ මොකෙන් කරල ද ? ” කියල. මට උත්තරේට ලැබුණෙ Lotus 123 කියල. දෙයියෝ සාක්කි. Lotus 123 වලින් යම් තීරුවක තියෙන අගයවල එකතුව ගන්න කරන්න තියෙන්නෙ @Sum() කියන Function එක ඇතුළු කරන එකයි. මම මගෙ බැචාට මේක පැහැදිලි කරල දුන්නා. එටකොටයි මිනිහටත් වැඩේ තේරුණේ.

එතකොට අර මනුස්සය ඇයි එහෙම කිව්වෙ. එක්කො බොසා Lotus 123 දන්නෙ නැතුව ඇති කියල හිතාගෙන වෙන්න ඇති. හැබැයි ඊට වඩා හොඳ උපකල්පනයක් තියෙනව.

අපි හිතමු ඒ තීරුවෙ අගයයන් සිය ගණනක් තිබුණ කියල. මිනිහ @Sum() කියන Function එක ගැන දැනගෙන හිටියෙ නැත්නම් කරන්න තිබුණෙ ඒ එක් එක් කොටුවක තිබූ අගයයන් එකතු කරන එකයි. හැබැයි ඒ කාලෙ Lotus 123 වල තිබුණා එක් කොටුවකට ඇහුළු කරන සමීකරණයෙ දිගෙහි, ඒ කියන්නෙ ඒ සමීකරණයට තිබිය යුතු අකුරු ගණනෙ උපරිම අගයක්. (දැනුත් Spreadsheet වල එහෙම සීමාවල් තියෙනව. හැබැයි ඒ අගයයන් හුඟාක් විශාලයි.)

ඒ හන්ද මේ එකතුව ගන්න වෙන්නෙ කොටු ටික ටික වෙන වෙනම එකතු කරල අන්තිමට ඒ අනු එකතුවල එකතුව අරගෙන. අපි අන්තිමට ගත් නිගමනය ඒකයි. ඒකට නම් දවසක් දෙකක් යාවි. මදැයි කොළා.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

6 Responses to අගයයන් කිහිපයක එකතුව සෙවීමට දවස් ගණනාවක් !

  1. ඔබතුමාගෙ බ්ලොග් එක බොහොම වටිනවා. ඔබතුමාගෙ අත්දැකීම් බොහොම රසවත්.
    ඒ අත්දැකීම් අන් අය සමග බෙදාගැනීම සම්බන්දව ඔබතුමාට තුති.

  2. ගීතික says:

    දැනුත් ගොඩක් අය ඔහොම තමයි

  3. ඔය කාලේ Excel තිබුනේ නැද්ද?

    • kumudupinto says:

      නෑ. ඒ කාලෙ ජනප්‍රියම Spreadsheet package එක වුණේ Lotus 123. ඊට කලින් ආ ඒව තමයි Visicalc හා Multiplan.

  4. සමහරවිට කම්පියුටර්කාරයා දැනගෙන ඉන්න ඇති @Sum() කියන Function එක. මිනිහා අදහස් කරන්න ඇත්තේ ඒතරම් Records ගොඩක SUM එක Process කරන්න ඒ ආයතනයේ තිබ්බ Computer වල වේගය මදිකම ගැන වෙන්න ඇති.. එයාගෙ අදහස ඒක නම් BOSS එක්ක ඕනි නැති විහිලු කලා කියල හොඳවයින් දෙකක් කියන්නයි උවමනා. හෙහ්………..

    • kumudupinto says:

      පිස්සු කතා කරනවද ? ඒ කාලෙ තිබූ සල්ලිකාරම බැංකුවයි ඒ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s