ඇපල්, මිදි හා ජාත්‍යාලය

හැත්තෑවෙ ආණ්ඩුව අපේ ධනය පිටරට ඇදී යාම නවත්තන්ට පිටරටින් ගෙන්වන ඇපල් හා මිදිවලට තහංචි පැනෙව්වා. නැසීගිය ටී. බී. ඉලංගරත්න මැතිතුමාගෙ “මංගලා” කියන පොතේ, ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයක් වූ නව මුද්‍රණයේ 33 පිටේ පහත දෙබස බලන්න.

ඉන්පසු ඇපල් හා මිදි ගෙනාහ.
“ඕවා නං දැන් නෑ නේද ගන්න ?” ජෝජ් ඇසුවේය.
“බොහෝම කාලෙකින් දුටුවේ.”
“අපිට ඕවා නැව්වලින් ලැබෙනවා”
“ඒ කොහොමද ?”
“අපේ නැව් තියෙනවා නොවැ. ඒවායේ සේවකයින්ට තියෙන කෑමවලින් අපටත් කොටසක් ලැබෙනවා.”
“එහෙනං ඕවා තහනං කියන්නෙ”
“අපට තහනමක් නැහැ.”
“තවමත් රට තියෙන්නේ ජෝජ්ලාගේ අතේ කියලා සමහරු කියනවා ඇත්තයි එහෙනං.”

එකල ත් ඒ තහනම ගැන විවිධ මත පළ කළ අය වූහ. ඉන්පසු හැත්තෑ හතේ සියල්ලම විවෘත කළ විට අපි ඉහ වහා ගිය සතුටකින් යුක්ත ව ඒ සියල්ල ගිල දැමුවෙමු. වේයන්ගොඩ වැසෙද්දී තුල්හිරිය වැසෙද්දී නිහඬ වූ අපි ජේ. බී. හා සින්ටෙක්ස් වැසෙද්දී ධනවතුන්ට පාඩමක් ඉගෙන්වීමට හැකි වීම ගැන සතුටු වූයෙමු. එ සමඟම චීන හා ඉන්දියානු වෙළඳපොළ හා තරඟ කළ යුතු බවටත් එය නොකළ හැකි නම් වැසී ගියාට කමක් නැති බවටත් වහසි දෙඩෙව්වෙමු.

අද ඒ ඇපල් හා මිදිවලට වඩා අපේ සල්ලි ඇදෙන්නේ අධ්‍යාපනයට යැයි කියති. එසේ නම් අපි කුමක් කළ යුතු ද ?

රට උපාධි සඳහා දෙමාපියන් තම ඉඩකඩම් උගස් තබා හෝ තම දරුවන් පිටරට විශ්ව විද්‍යාල වලට යැවීම නවතමු ද ? එසේත් නැතිනම් රට විශ්ව විද්‍යාලවල ශාඛා මෙහි විවෘත කර අපේ සල්ලිවලින් කොටසක් හෝ පිටරට යෑම ඒවා වස දමා වහාම නවතමු ද ? ඒත් නැතිනම් උපරිම උත්සාහ යොදා අපේ ජාතික විශ්ව විද්‍යාල ගණන අඩු ගණනේ තව 50කින් වත් වැඩි කරමු ද ? හැබැයි අමතක කරන්න එපා, දැනට ඇති විශ්ව විද්‍යාලවල තත්ත්වය. ඒ ගැන වත්මන් උපාධි අපේක්ෂකයෝ සාක්කි දරාවි.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s