ගුරුවරයා සහ ගෝලයෝ

මම දහම් පාසැලේ ඉගෙන ගන්න කාලෙ තරුණ බෞද්ධ සංගමය මඟින් පවත්වපු කථික තරඟයට දෙවරක් සහභාගි වුණා. පළමු වතාවෙ තුන්වෙනි තැනත් දෙවෙනි වතාවෙ දෙවෙනි තැනත් ලැබුණා. හැබැයි පළවෙනියා වෙන්න නම් බැරි වුණා.

ඊළඟට මම දහම් පාසැලේ ගුරු මණ්ඩලයට ඇතුල් වුණා. මම සිව් වතාවක් සිසුන් සිව් දෙනෙක් මේ තරඟයට යැව්වා. එයින් තුන් වතාවකම ඒ සිසුන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. මුල් වතාවෙ යැවූ ශිෂ්‍යයා අද ටියුෂන් කරමින් ඉන්නවා. දෙවෙනි වතාවෙ යැවූ ශිෂ්‍යයා උපාධියක් එහෙම අරගෙන රජයේ දෙපාර්තමේන්තුවක ඉතා ඉහළ නිලයක් දරනා අතර තුන්වන වතාවෙ යැවූ ශිෂ්‍යයා අද ඉංජිනේරුවරයෙක්.

සිව්වන වතාවෙ අපි මේ තරඟයට යැවීම සඳහා ශිෂ්‍යයන් තෝරන කොට එයට ඉදිරිපත් වුණා ඒ තරම් හැකියාවක් නැති ඒත් දහම් පාසැල වෙනුවෙන් ඉතා මහන්සි වී වැඩ කරන ඉතා හොඳ ගතිගුණවලින් හෙබි ශිෂ්‍යයෙක්. වෙන තරඟයක් දෙන්න හොඳ අය නොහිටි නිසා අපි තීරණය කළා තරඟයෙන් පරාජය වුණත් මේ ශිෂ්‍යයාව යවන්න. අද ඔහු ජීවතුන් අතර නැතත් අපි තරඟයෙන් පරාජය වුණත් ඒ කාලෙ හිටි කිසිම ගුරුවරයෙක් අපි ගත්තෙ වැරදි තීරණයක් කියල කිව්වෙ නෑ. ඒ හැමෝම දැනගෙන හිටියා එදා කළ යුතුව තිබුණෙ එය බව.

මට කතාවෙන් කතාවෙන් කියන්න හිටි දේ අමතක වුණා. ඒ කාලෙ මම තේරුම් ගත්ත දෙයක් තමයි මට කරන්න තියෙන්නෙ මම තරඟවලට ඉදිරිපත් වීම වෙනුවට අනෙක් අය ව පුහුණු කර තරඟවලට ඉදිරිපත් කරවීම ය කියල. මට කිසිම දිනෙක ප්‍රථම ස්ථානය ලබා ගැනීමට නොහැකි වුණත් මට වෙන සිසුන් තුන් දෙනෙකුට ඒ ස්ථානය අරන් දෙන්න පුළුවන් වුණා.

ගුරුවරයා ඇවිද ඇවිද කළ දේ ගෝලයො දුව දුව කළා.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s