මගේ කතාව නැවතීම

උත්තම සාදු ගැන ලිවීම නවත්වන්නෙ නෑ. ඒත් මට හදිසියේ මතක් වුණ සිද්ධියක් මේක. ආයෙත් අමතක වෙයි කියලයි මේ සටහන් කරන්නෙ.

එක දවසක් මං උගන්න උගන්න ඉන්න මොහොතක හදිසියේ මගෙ කතාව නැවතුණා. දවස හා වේලාව හරියටම මතක නෑ. උදේ වරුවක් වගෙයි මතක. මං උගන්න එක නවත්තල ස්ටාෆ් රූම් එකට ආව. ස්ටාෆ් එකේ අය මට උණු වතුර එහෙම දෙන්න හැදුවා. මෙහෙම අසාමාන්‍ය කරදරයක් වුණහම මගෙ හුඟාක් කිට්ටු කෙනෙක්ට කතා කළහම හරි යනවා. එයා කලින් මගෙ ගෝලයෙක්. දැන්නම් යාළුවෙක්. ස්ටාෆ් එකේ අය ඇහුවා එයාට කතා කරන්නද කියල. මං එපා කිව්වා. ඒ මොකද මට තේරෙන්නෙ නැටි යම් කාරණාවක් හන්ද. ටික වේලාවකින් ඒ ගතිය නැති වුණා. ආයෙත් මට කතා කර ගන්න පුළුවන් වුණා.

මෙයට ටික දවසකට පස්සෙ මම අපේ කළමණාකාර අධ්‍යක්ෂකතුමා සමඟ කතා කරමින් හිටියා. එතකොට ආයතනයට ආ ඇමතුමක් එතුමාගෙ දුරකථන දිගුවට සම්බන්ධ කළා. ඒ මට ආ ඇමතුමක්. ඊස්ට් වෙස්ට් එකේ මාත් එක්ක වැඩ කළ උත්තම සාදු ට හුඟාක් ගරු කළ කෙනෙක් මට කතා කරල කිව්ව උත්තම සාදු අපවත් වුණා කියල. මට අදහගන්න බැරි වුණා.

මට ඉබේම කියවුණා “මම දන්නෙවත් නැතුව එහෙම වෙන්නෙ කොහොමද කියන එක. ඒ කාලෙ එතුමාට ගරු කළ හැමෝගෙම වාගෙ විස්වාසයක් තිබුණා, එතුමා යනකොට අපට කියල යයි කියල. මගෙ අතින් එහෙම කියවුණේ ඒකයි. ඒ වගේම ඒ දවස්වල මම සෙනසුනට නොගිය නිසයි ඒ උත්තම අවස්ථාව මගෙන් ගිළිහුණේ.

පස්සෙ අපේ කළමණාකාර අධ්‍යක්ෂක තුමා දිනය හා වේලාව අහල මට මතක් කරල දුන්න මට කතා කර ගන්න බැරුව ගිය මොහොත. ඒ දවසත් වෙලාවත් හරියටම හරි. මගෙ ගුරුතුමා මට කියලයි ගිහිල්ල තිබුණෙ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

8 Responses to මගේ කතාව නැවතීම

  1. ilandhariya says:

    මම අසවෙන් මේ ලිපි පෙල කියවන්නේ……..

    අද උත්තම සාදු ජිවත් උනානම්…..හොයාගෙන යන….කෙනෙක් තමා මම…..

    එත් මට හිතෙන්නේ මම ඒතරම්ම පිං කරලා නැහැකියලයි….

    කරුනා කරලා දිගටම ලියන්න……

    • kumudupinto says:

      උත්තම සාදුගෙන් මඟ පෙන්වීම ලබා ගත් සාදුලා අද ලෙඩවලට බෙහෙත් කිරීම හැර අනෙක් අවවාද උපදෙස් දෙමින් ඉතාමත්ම ශීලවන්ත ජීවිත ගත කරනවා. මම කලින් කී ධීරවංශ සාදුත් ඇඹිලිපිටියේ තෝරකොළයායේ පන්සලක වැඩ වාසය කරන අරියවංස සාදුත් මට මේ මොහොතේ මතක් කරන්න පුළුවන්. ඒ හන්ද ඔබගෙ පිංවල අඩුවක් තියෙන්න බෑ.

  2. චරිත says:

    මමත්. කරුණාකරල ලියන්න

  3. Hasitha says:

    උත්තම සාදුගේ ඡායාරූපයක් පළ කරන්න ඔබට පුලුවන්ද ? එතකොට අපිට උත්තම සාදුව සැබෑවට දැකගන්න බැරි වුණත් ඡායාරූපයකින් හරි බලා ගන්න පුලුවන් නේ🙂

  4. මම විස්වාස කරන ආකාරයට ඔබ යන විටත් මෙලස අපිට කියා ගියේය.. හැබැයි වෙනස් විදිහකටය…

  5. දුමී says:

    ඔව් එතුමා යන බව අපි හැමෝටම කියල තමයි ගියේ . . . . !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s