මා නොලද ගෞරවය

මම ඉස්කෝලෙ යන කාලෙ ඉහළ බාලාංශයෙත් දෙවන ශ්‍රේණියෙ හා සිව්වන ශ්‍රේණියෙත්, ඒ කාලෙ ඒ එක් එක් ශ්‍රේණියක තිබූ පන්ති හතරෙන්ම හොඳම ශිෂ්‍යයා හට හිමි කුසලානය දිනා ගත්තෙ මමයි. පහළ බාලාංශයෙ කුසලානය සාගර පලන්සූරිය ශූරීන් ගෙ බාල පුතා වන ගීතකුමාර පලන්සූරිය දිනා ගත් අතර තුන්වන හා පස්වන පන්තිවල කුසලානය අති විශිෂ්ඨ දක්ෂයකු වූ ශිරාන් නානායක්කාර දිනා ගත්තා. පස්වන පන්තිය අවසානයෙ තෝරනවා ප්‍රාථමික අංශයෙ හොඳම ශිෂ්‍යයා හට හිමි කුසලානය. ඒක දෙන කොට මුළු සභාවම නැඟී සිට ඒ ශිෂ්‍යයා හට ගෞරව කරනවා. ඒ කුසලානය දිනා ගත්තෙත් ශිරාන් නානායක්කාර යි.

මගෙ හිතේ ඒ සිදුවීම තැන්පත් වෙලා තියෙන්න ඇති. පසු කාලයක මම දහම් පාසැලේ ගුරු මණ්ඩලයට ඇතුළු වුණහම එක් අවුරුද්දක මට ලැබුණා ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කරන්න.

ඒ අවුරුද්දෙ දහම් දැනීම, කථික තරඟය, පද්‍ය ගායනා තරඟය, වාදන තරඟය, ක්‍රිකට් තරඟය, ප්‍රධාන ශිෂ්‍ය නායක, චිත්‍ර තරඟය කියන මේ හැම තරඟයකින්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අද වරලත් ඉංජිනේරුවරයකු වන රෝහණ එගොඩගමගේ ශිෂ්‍යයා සමත් වුණා. ඒ ශිෂ්‍යයා විශිෂ්ඨම ශිෂ්‍යයා හට හිමි කුසලානය ලබා ගනිද්දි මා නොලද ඒ ගෞරවය ලබා ගත්තා. එදා මූලාසනයෙ හිටියෙ අපවත් වූ කොටිකාවත්තෙ සද්ධාතිස්ස හිමිපාණන්. න්‍යාය පත්‍රයෙ ලියල තිබුණා ඒ වෙලාවෙ සභාවම නැඟිට ඒ ශිෂ්‍යයාට ගෞරව දැක්විය යුතු බව. කුසලානය පිරිනමන්න හිටි නායක හාමුදුරුවොත් නැඟිට්ටා. නැඟිටලයි ඒ කුසලානය පිරි නැමුවෙ. අපට තවමත් හිතා ගන්න බෑ ඇයි උන්වහන්සෙ ආසනයෙන් නැඟිට්ටෙ කියල.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s