හිතෙන් වැඩ ගැනීම – තුන්වන ක්‍රමය

හිතෙන් වැඩ ගැනීම සඳහා වන තුන්වන ක්‍රමය කියන්නෙ ඇත්තටම දෙවන ක්‍රමයෙම දිගුවක්. දෙවන ක්‍රමයෙදි අපි කළේ අපේ අරමුණට ගැලපෙන රූපයක් හිතට කා වැද්දීමයි. රූපයට වඩා ඉතා සාර්ථකයි ඒක රූප පෙළක් හෙවත් සජීවීකරණයක් නම්.

අපි හිතමු අපට අවශ්‍ය යම් විභාගයකින් සාර්ථක ප්‍රතිඵල ලබන්නට යැයි කිය. තරහ වෙන්න එපා, හැම තිස්සෙම විභාග උදාහරණය ගන්නවට. එකක් මං ඉන්නෙ විභාග මැදි කර ගත් පරිසරයකයි. අනෙක ඉතින් අපේ ජීවිතවල හැම මොහොතක් ම විභාගයක් නේ.

එහෙම නම් ඒ විභාගයෙන් සමත් වෙලා ඒකට හිමි යම් සහතිකයක් හෝ ත්‍යාගයක් තියෙනව නම් ඒක ලබා ගන්න හැටි මොහොතෙන් මොහොත හිතෙන් මවා ගන්නව, උත්කර්ෂවත් අවසානයට ළඟා වන තෙක්. ඒ සිද්ධිය හැබෑවටම වුණා කියල පස්වනක් ප්‍රීතියෙන් (අහන්න එපා මොකක්ද පස්වනක් ප්‍රීතිය කියල. දන්න බුද්ධිමතෙක් ඉන්නව නම් කියලා දෙන්න, කරුණාකරල.) පිනා යමින් ඒ සතුට විඳ ගන්නව. මෙන්න මේ ආකාරයයි තුන්වන ක්‍රමයෙන් කියවෙන්නෙ.

This entry was posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල. Bookmark the permalink.

One Response to හිතෙන් වැඩ ගැනීම – තුන්වන ක්‍රමය

  1. Grey says:

    ලොකු බුද්ධිමතෙක් නෙවෙයි… ගූගල් දෙයියො පිහිට උනා.

    1. ඛණික ප්‍රීතිය (ක්‍ෂණික ප්‍රීතිය)
    2. ඛුද්දක ප්‍රීතිය (ක්‍ෂුද්‍රක ප්‍රීතිය)
    3. උද්වේගික ප්‍රීතිය (උද්වේග ප්‍රීතිය)
    4. ඔක්‌කන්තික ප්‍රීතිය (අවක්‍රාන්තික ප්‍රීතිය)
    5. ඵරණ ප්‍රීතිය (ස්‌ඵරණ ප්‍රීතිය)

    More details are in:
    http://www.divaina.com/2009/09/02/feature02.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s