අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සහතික

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද ආධාර මඟින් බිහි වූ ආයතනයක් තමයි NODES කියන්නෙ. ඒ ආයතනය ලංකාවෙ සියළුම විශ්ව විද්‍යාලත් කැමත්ත පළ කළ රජයේ ආයතනත් තෝරා ගත් පුද්ගලික ආයතන කිහිපයකුත් මෙහෙයෙව්වා ඊ පාඨමාලා බිහි කරන්න. අපට අවසර ලැබුණා ඩිප්ලෝමා 3ක් නිර්මාණය කරන්න. ඒවා තමයි Diploma in Software Development, Diploma in Computerized Drafting හා Diploma in Project Management. ඒවා නිර්මාණය කිරීමේදි අප යොදා ගත් ක්‍රමෝපායන් නිසා අපට ලැබුණු කීර්ති නාමයන් ගැන කතා කරන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ.

හුඟක් වෙලාවට අපි අධ්‍යාපනය ලබන්නෙ හරියට තිත්ත කසායක් අමාරුවෙන් ගිල දානව වගෙ යි නෙ. ඒත් අපි චෙස් අදින කොට නවකතා කියවන කොට චිත්‍රපටි නරඹන කොට විනෝද චාරිකා යනකොට චොක්ලට් කේක් හදන කොට හා කනකොට ලබන්නෙ මොන තරම් තෘප්තියක් ද ? මොන තරම් කැමැත්තකින් ද අපි ඒව කරන්නෙ.

ඒක හන්ද ආයතනයක් හැටියට අපි තීරණය කළා මේ රහ දේවල් එක්ක අර තිත්ත කසාය කලවම් කරන්න. අපි එක් එක් විෂයකට රහ ක් දුන්න අපි ඒකට කිව්වෙ Flavor එකක් කියලයි. උදාහරණයක් හැටියට Fundamentals of Computing යන විෂයය ළමුන් ඉගන ගන්නෙ කොළඹ සිට නුවරට දුම්රියෙන් යන විනෝද චාරිකාවක් සමඟින්. ඒ වගේම Microsoft Word එක්ක ටී. බී. ඉලංගරත්නගෙ පොතුත් Mathematics for Programming එක්ක චෙස් ක්‍රීඩාවෙ නොයෙකුත් විස්තරත් Microsoft Excel එක්ක චක්ලට් කේක් එකක් හදන පියවර ගණනාවකුත් Microsoft Access එක්ක ස්ටීවන් ස්පිල්බර්ග් ගෙ ලෝක ප්‍රකට චිත්‍රපටත් අපි ගැට ගැහැව්වා.

මේ පාඨමාලා පළමුව අපේම මහාචාර්ය ආචාර්යවරුත් ඉන්පසු අන්තර්ජාතික විද්වතුනුත් අගයනවා. අපේ Fundamentals of Computing කියන පාඨමාලාව ඇගයීමකට ලක් කළේ කැනේඩියානු මහාචාර්යවරියක් වන e Learning හි හසල පළපුරුද්දක් ඇති බෙත් නම් කාන්තාවක්. ඇය මේ නිර්මාණ දෙස බලා මහා ඉහළ ඇගයීමකට ඒවා ලක් කළා. ඇය කීවේ ලෝකයේ කොහේවත් මෙසේ පැණි රහ් හා තිත්ත කලවම් කර නොමැති බවයි. ඇයගේ අත්සනින් එසේ ලියා දුන්නා.

දැන් මෙම ඩිප්ලෝමාව ලංකාව පුරා සිසු සිසුවියන් 180කට අධික සංඛ්‍යාවක් හදාරනවා. අම්පාර මොණරාගල රත්නපුර වගෙ පළාත්වලින් තමයි වැඩිපුර ම සිසුන් සිට්න්නෙ.

මේ නිර්මාණවලට දායක වෙන්න ලැබීම ගැන මට තියෙන්නෙ පුදුම ආඩම්බරයක්. කමක් නෑ නෙ ටිකක් විතර ආඩම්බර වුණාට ?

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

4 Responses to අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සහතික

  1. සජීව විජේවීර says:

    මේ පාඨමාලා හදාරන්නේ කොහොමද කියලත් විස්තර කළානම් හැමෝටම ප්‍රයෝජනයක් වේවි.

    • kumudupinto says:

      එකක් ඒවා මේ Blog එකේ කතා කරන්න ගියොත් මේක බිස්නස් එකක් වේවි. අනෙක මම ඒ ලිපිය ලීවෙ මගෙ හැඟීම් ගැන කතා කරන්නයි. ඒක හන්ද ඒ විස්තර කැමති විදියකින් හොයා ගන්න ඉඩ හරිමු.

  2. someone says:

    මම හිතනවා වෙන කෙනෙක් චොම්මෙන්ට් එකක් විදිහට විස්තර දැම්මොත් එක business එකක් වෙන්නේ නැති වෙයි. මේ ලින්ක් එක බලන්නකෝ. http://www.depp.lk

  3. kumudupinto says:

    මේ විස්තර ගැන යම් ප්‍රමාණයකට දැන ගන්න පුළුවන් වෙයි http://openarc.nodes.lk යන ලින්ක් එකෙන් Guest කෙනෙකුට යන්න පුළුවන් දුර යාමෙන්. තවත් විස්තර අවශ්‍ය නම් හැඳින්වීම යන පිටුවේ අවසානයේ Comment එකකට පිළිතුරක් සේ දී ඇති මගේ ඊ-මේල් ලිපිනයෙන් විමසන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s