අපේ ලිපිවල සිංහල කොහොමද ?

අපේ ආයතනය පටන් ගත්තු ඊ පාඨමාලාවල හුඟාක් වෙලාවට පාවිච්චි කරල තියෙන්නෙ සිංහල. අපි නම් ඒකට කියන්නෙ සිංග්ලිෂ් කියලයි පරිගණකයට අපි Computer එක කියල කියනවා. Mouse එකට නම් එහෙම මයි කියන්නෙ.

අපි සිසුනට අමන්ත්‍රණය කරන භාෂාවෙනුයි හුඟාක් පාඩම් මාලා සැකසුවෙ. ඊ පාඨමාලාවක ගුරුවරයෙක් ළඟ නැති හන්ද ඒ අඩුව නැති වෙන්නත් එක්කයි අපි එහෙම ක්‍රමයක් භාවිතා කළේ. ඒ කියන්නෙ “දැන් අපි අද ඉගෙන ගන යන්නෙ කුලක ගැන. ඕගොල්ලො දන්නව ඇති නෙ කුලකයක් කියන්නෙ මොකක්ද කියල. ” ඕන්න ඔය විදියෙ භාෂාවකින්. මේ ක්‍රමෝපායටත් දේශීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බොහොම පැසසුම් ලැබුණා.

ඒත් ඒ අයගෙන් අපට දැන ගන්න ලැබුණෙ තත්වයෙන් ඉහළ කර්මකාරක වගන්තිවලින් සමන්විත හන්ද සමහර පාඩම් ළමයින්ට තිත්ත වෙද්දි අපේ ශෛලිය නම් හුඟක් ජනප්‍රිය වෙයි කියල.

මේ දේවල් මෙහෙම ලිපිවලින් ඉදිරිපත් කරන්න හේතු වුණ කාරණා කිහිපයක් තියෙනව. ඉඳල හිටලවත් පෙනේ පිප්පුවෙ නැත්නම් නාගරාජයා වත් දර මිටිය ගැට ගහන්න ගන්නවනෙ. ඒ එකක්. ඒ වගේම අපට මෙහෙම භාෂාව පාවිච්චි කරන්න ගිහිල්ල සමහර වෙලාවට නෝක්කඩුවලට ලක් වෙන්නත් සිද්ද වුණා. ඒව පස්සෙ කතා කරමු කො.

ඊළඟ කාරණේ භාෂාවෙ මේ ආකාරයෙ යෙදුම් ගැන හැමෝගෙම අදහස් දැන ගන්න අපි කැමතියි. ඒ වගේම මේ වැඩේ හොඳ නම් අපට පුළුවන් ඒ ගැන රටටම ප්‍රසිද්ධියේ කියන්න. ඕන්න අපේ ඊ පාඨමාලා ගැන පුංචි විස්තරයක්. අපි ඉන්නෙ 2015 වෙනකොට ඊ පාඨමාලා 400ක් රටට ඉදිරිපත් කරන්නයි. ඒ වෑයමට ඕගොල්ලන්ගෙ ආශීර්වාදයත් ලැබුණොත් අපට ජයෙන් ජය ම ලැබේවි.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

4 Responses to අපේ ලිපිවල සිංහල කොහොමද ?

  1. Wathsala Vithanage says:

    Good luck!

  2. චරිත says:

    අනිවාර්්‍යයෙන්ම. ඔබට ජය පතනවා.

  3. ඔබ තුමාගෙ ආයතනය කුමක්ද කියල දැනගන්න පුලුවන්ද කරුනාකරල?
    කෙසේ වෙතත් ජය පතනවා.

    • kumudupinto says:

      මගෙ ආයතනය කිව්වට මම වැඩ කරන ආයතනය. ඒ කිරුලපොන තියෙන OpenArc School of Business & Technology කියන ආයතනයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s