ආතරයිටිස්

මම මොරටුව විශ්ව විද්‍යාලෙ දෙවන වසර ඇරඹුවා විතරයි. මට බඩේ අමාරුවක් හැදුනා. ඒ කාලෙ අපේ දෙමාපියෝ බඩේ අමාරුවට සිංහල වෙදකමුයි කළේ ඒකෙ වැරැද්දක් නෑ නෙ. මට මුලින් මුලින් බඩ යන්න ගත්තා. ඊළඟට ලේ ගියා අන්තිමට මැරෝත් ගියා. හරියටම සතියයි බඩේ අමාරුව තිබුණෙ.

අටවෙනි දවසෙ මම යාළුවෙකුත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා. ඒකෙ තිබුණෙත් මාරාන්තික රෝගයක් හැදුණු තරුණයෙක් ගැන. ඒකත් බලල ගෙදර ආවා. ඊළඟ දවසෙ උදේ මට අනෙක් ඇලයට හැරෙන්න හැදුවත් ඒක කරන්න බෑ. මං අම්මට කතා කරල මගෙ අත අනෙක් පැත්තෙන් තියා ගත්තා.

ටික වෙලාවකට පස්සෙයි මට තේරුණෙ මට හරවන්න පුළුවන් බෙල්ල විතරයි කියල. අත් පා, ඇඟිලි මේ ඔක්කොම ලොක් වෙලා !

ඒ කාලෙ මේකට ඉංග්‍රීසි බේත් තිබුණෙ නෑ. මැරෝ හැදෙන කම් ඉවසන්න යි වෙලා තිබුණෙ. ඒ හන්ද මට සිද්ද වුණේ සිංහල බේත් ගන්නයි. ඒත් ඒ හන්ද වුණේ වස වැරැද්දක්. සරසවිය මගෙ රෝගය පිළි ගන්න බෑ කිව්ව. පස්සෙ මම තාත්තත් එක්ක කිහිලි කරුවලින් සරසවියට ගියා. කාරණය තේරුම් ගත්ත බලධාරීන් සනීප වෙලාම එන්න යැයි මට කිව්වා.

ඕකෙන් මේකෙන් බැච් එක මඟ හැරුණා. විභාගයක් අසමත් වීම හැරුණු කොට කෙනෙකුට විඳින්න වෙන ලොකුම කරුමය මේක කියලයි මම හිතන්නෙ. මම ඇඳේ වැතිරිලා ඉඳිද්දි බැචාල එනව මාව බලන්න. “තවම lectures ටිකයි කෙරුණෙ. උඹට පුළුවන් අපි එක්කම විභාගෙ කරන්න.” ඔය වගෙ බූත යි උන් මට කිව්වෙ.

මගෙ රෝගය ගැන පාසල් කාලෙත් සරසවියෙත් හිටි මිතුරෙක් කෙටිකතාවක් ලියල තිබුණ. උන් හිතල තියෙන්නෙ නම් මම අනිත් පැත්තට යාවි කියලයි.

ලස්සණම වැඩේ ඒක නෙවෙයි. අවුරුද්දකට විතර පස්සෙ හොඳ වුනායින් පස්සෙ මට පුටුවක වාඩි වෙන්න බෑ. මම පුටුවට කඩා වැටෙනව. දොස්තර මහත්තය කිව්වෙ මගෙ මතකයෙන් ඒව මැකිල කියලයි. අවවාදය වුණේ අනෙක් අය වාඩි වෙන හැටි හොඳින් බලන්නය කියලයි. ඒක හරියන්න සෑහෙන කාලයක් ගත වුණා. ඕන්න ඕවටයි අත්දැකීම් කියන්නෙ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

3 Responses to ආතරයිටිස්

  1. චරිත says:

    මැරෝ කියන්නෙ මොකද්ද (ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ)

  2. Amila says:

    සර් දන්නවද ඔය වගේ ගෑනු ළමයෙක් සර් ගේ හැටි දැකලා තමන්​ගේ ලෙඩේ ගැන කලකිරීම අත්හැරිය බව.
    මෙන්න වැදගත්ම කථා.
    “මම හිතනවා සර් ට ආතරයිටිස් තියෙනවා කියලා. සර්ගේ අතක් පනනෑ”
    “සර් හරි පුදුම චරිතයක්”
    “සර් මේ තත්වයෙන් ඉන්නවනම් මට බැරි ඇයි?”
    දැන් එයා කැළණිය විශ්වවිද්‍යාලයේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s