ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට

Matrix කියන චිත්‍රපටයෙම ගුරුවරයා නියෝට කියනවා “මාර්ගයෙ යෑමයි ගමන යන මාර්ගය දැන ගැනීමයි දෙකක්” {Knowing the path and following the path are two different things.] කියල.

ඒත් අද අප අවට උපදෙ දී මඟ පෙන්නන්න ඉන්න පිරිස ගැන කතා කරනව නම් මඟ දන්නෙත් නෑ. මඟ යන්නෙත් නෑ. මට මේ වෙලාවෙදි මතක් වෙන්නෙ උත්තම සාදු. එතුමා මඟ ඉතාමත්ම හොඳින් දැනගෙන හිටියා. ඒ වගේම ඒ මඟ ගමන් කළා. තමන්ගෙ ගෝලයින්ටයි දායක දායිකාවන්ටයි මහඟු ආදර්ශයක් දෙමින්.

එතුමා කිසි දිනයක පස්වරුවෙ ආහාර ගත්තෙ නෑ. ඒ වගෙම ප්‍රණිත ආහාර වගේම තෙල් හා කිරි ආහාර වුණත් ගත්තෙ ඉතාම මඳ වශයෙන්. තමන්ට ය කියල තිබුණෙ අටපිරිකර විතරයි. ඒ කියන්නෙ තනිපට සිවුරයි දෙපට සිවුරයි අඳනයයි අනෙක් දේ වලුයි. කිසිම වෙලාවක මේවාට අමතර සිවුරක් හෝ වෙනත් දෙයක් පාවිච්චි කළේ නැහැ. වැඩිපුර ලැබුණු සියළු දේ තිබුණෙ දායකයින් අත. ඊළඟට මහණ වන කෙනාට ලබා දෙන්න.

ගමනක් යන්න ඕනෙ වුණොත් දායකයොයි පහසුකම් සපයන්නෙ. එක්කො කෝච්චියට නග්ගනව ටිකට් අරන් දීල. එහෙම නැත්නම් වාහනයක එක්ක යනව. කිසි දාක මුදල් පරිහරණය කළේ නැහැ. ඒ හන්ද එතුමා කිසිම කහටක් නැතිව දස සිල් දෙන කොට “ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කියල සිල් දුන්නා. මම රන් රීදී මසු කාවණු (ඒ කියන්නෙ සල්ලි ) භාවිතයෙන් වැළකෙමි කියලා.

අද දායකයො හාමුදුරුවරුන්ට සල්ලි ඕනෙ වෙනවනෙ කියල රුපියල් දාහෙ නෝට්ටු පිරිකරට තියනව. හාමුදුරුවරුත් පින් දීල එහෙම “අපට බස් එකේ යන්න සල්ලි ඕනෙ. ටෙලිෆෝන් බිල් ලයිට් බිල් වතුර බිල් ගෙවන්න තියෙනව. මේ දායක මහත්තුරු ඒවා දන්නව.” කියල පින් දීල එහෙම ඒ පිරිකර බාර ගන්නව. දායක දායිකාවොත් තමන්ගෙන් වෙන්න ඕනෙ දේවල් මඟ හරිනව.

හැබැයි පන්සලේ පුස්තකාලයෙ නම් ත්‍රිපිටක ග්‍රන්ථ සියල්ලම වැජඹෙමින් ඉන්නව. අනේ සකෝ බල කෝ !

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට

  1. චරිත says:

    මේකට විසඳුමක් නැද්ද? පන්සලේ ලයිට්/වතුර බිලුත් ගෙවන්න එපායැ.

  2. sorry.com says:

    hama deyakma dawasaka vinasa wenawane dont worry abut it
    thamange de hariyata karanna balanna its ok………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s