කිරිපිටි බෝතලයට භූතයෙක් !

මේක වුනෙත් මම කම්පියුටර්ලින්ක් ආයතනයෙ සේවය කරද්දි.

එහෙදි වෙන තැන්වල වගේම අපට උදේ දහයටත් හවස තුනටත් තේ එකක් ලැබෙනවා. හැමෝටම තේ හදන්න වෙනම කෙනෙක් හිටියා. මෙයා කීප දවසක් පැමිණිලි කළා කිරිපිටි බෝතලයෙන් හැමදාම කිරිපිටි අඩු වෙනව ය. ඒ විතරක් නොවේ. බෝතලයෙ කිරිපිටිවල ඇඟිළි සළකුණුත් තියෙනවය කියල.

ඇඟිලි සළකුණු තියෙනව නම් ඉතින් භූතයෙක් වෙන්න එපායැ. කෝකටත් අපි හැමෝම කතා වුණා අපි උගන්න උගන්න හිටියත් කිරිපිටි බෝතලේ තියෙන තැනට යන අය ගැන විමසිල්ලෙන් ඉම්මු කියල.

එක දවසක්වත් බලා ඉන්න වුණේ නැහැ. අර හා පටලවා ගත්ත ළමයා හෙමින් හෙමින් ඒ කාමරය පැත්තට ගියා. අපිත් හෙමින් හෙමින් පස්සෙන් ගිය. කබඩ් එක ඇරල කිරිපිටි බෝතලය ගත්ත ඒ ළමය ඒක ඇරල අත ඇතුළට දාල ඒකෙන් අහුරක් අරගෙන කටේ දා ගත්තා. මේ පොඩි ළමයෙක් නෙවෙයි. හොඳ වැදගත් පවුලක සාමාන්‍ය පෙළත් කළ ළමයෙක්.

අපි ඒ ළමයගෙන් ඇහැව්ව මේ ගැන. ළමය කිව්වෙ එයා පිටි කන්න හරි ආස බවයි. මේ ළමය පස්සෙ කාලෙක යම් ආගමික නිකායකට බැඳිල ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්න හිටි කෙනෙක්. ඒ වුනත් අපි අතරෙ ඉන්දැද්දි නම් එයාගෙ චරියාව ඔහොමයි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

5 Responses to කිරිපිටි බෝතලයට භූතයෙක් !

  1. isimbuwa says:

    පිටි කෑ භූතයා අල්ලගෙනනෙ.

  2. මාර භූතයෙක්නේ.

  3. මම හිතන්නේ ලංකාවේ ජීවත් වෙන ගොඩාක් දෙනාට මොකක්ම හෝ මානසික ව්‍යාකූලතාවයක් තියෙනවා. ඒක පිස්සුවක් කියන එක වැරදියි, ඒක තීරණය වෙන්නේ ඒ ව්‍යාකූලතාවයේ ප්‍රමාණය අනුවයි.

    කොච්චර සැපසම්පත්, බුද්ධිය, උගත්කම් තිබ්බත් සමහර ගතිලක්ෂණ වෙනස් කරන්න බැරි ඒකයි.

    • kumudupinto says:

      සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත් එහෙම මානසික ව්‍යාකුලත්වයක් නැති යතිවරුන් පිරිසක් මං දැකල හමු වෙලා තියෙනවා.

      • ඒකයි මම එතනදි “හැමදෙනාම” කියන වචනෙ වෙනුවට “ගොඩක් අය” කියල කිව්වෙ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s