සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

අචාර්ය ඇන්. ඇම්. පෙරේරා කියන්නෙ අපට හිටපු දක්ෂ මුදල් ඇමතිවරයෙක්. වරක් හැංගූ නෝට්ටු එළියට ගන්න ඒ නෝට්ටුව අවලංගු කළා. තමන් ගාව ඒ නෝට්ටුව තියෙනව නම් බැංකුවට දීල ඒ වෙනුවට අළුත් නෝට්ටුවක් ගන්න වුණා. මේ උපායෙන් හැංගිලා තිබුණු හුඟාක් සල්ලි එළියට ආවා.

මැති සබයෙ කිසි විටෙක කුණුහරුප නොදෙඩූ අනුන් අපහාසයට පත් නොකළ එතුමා මිය ගිය විට සිදු වූ වැදගත් සිදුවීමක් කියන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ.

එතුමා මිය ගිය දිනට පසු දේහය ආදාහන කිරීමට පෙර දිනයක ලංකාවේ තිබූ සියළු ටෙලෙක්ස් යන්ත්‍රවලින් පණිවිඩයක් මුද්‍රණය වෙන්න පටන් ගත්තා. ඒ ලිපිය මුළු A4 කොළයක් පුරාම එක එක අකුරු මුද්‍රණය වූ එකක් වූ අතර මුද්‍රණය සඳහා භාවිතා කර තිබුණේ N, M හා P යන ඉංග්‍රීසි අකුරු 3 ත් තිතත් පමණයි. මුද්‍රණය වී අවසන් වන තුරුත් එය කුමක් දැයි වටහා ගැනීමට බොහෝ අයට නුපුළුවන් වුණා.

මුද්‍රණය අවසන් වූ පසු කොළය ඈතට අල්ලා බැලූ විට එය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ මුහුණ බව කාටත් වැටහී ගියා. මුහුණෙහි ලා පාටැති හරියට තිතත් තද පාටැති හරියට තද කළු පැහැයක් ගත් M අකුරත් ඉතිරි හරියට N හා P අකුරුත් භාවිතා කර ඉතාමත්ම අලංකාර නිර්මාණයක් යමෙකු කර තිබුණා. එය ඒ උතුම් පුරුෂයාට කළ අති විශිෂ්ඨ ගෞරවයක්.

C ඉගෙන ගන්නා ඔබෙගෙනුත් මා යම් ඉල්ලීමක් කරන්නට කැමතියි. ග්‍රාෆ් කොළයක් ගෙන ඔබ කැමති රූපයක් එහි අඳින්න. එහි එක් එක් කොටුවක් පරිගණක යතුරු පුවරුවේ ඇති අකුරු හා සංකේත භාවිතා කර පුරවන්න. ඉන්පසු එම රූපය පරිගණක තිරයේ ලබා ගැනීම සඳහා Program එකක් නිර්මාණය කරන්න. මේ ඔබ මේ වන තෙක් ඉගෙන ගත් දේ යොදා ගැනීමට අපූරු අවස්ථාවක්.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

2 Responses to සමසමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

  1. Hasitha says:

    ලංකාවේ හැම ටෙලෙක්ස් එකකින්ම ඔය පණිවිඩේ ආවද ? එව්ව කෙනා හොයා ගන්න විදිහක් ටෙලෙක්ස්වල නැද්ද ?

  2. අමිල says:

    දෙන දෙයියෝ ගෙට ගෙනවිත් ටොකු ඇන ඇන දෙනවා කියන්නේ මේකට වෙන්ට ඇති.. මම මේ C කුප්පියක් දාන්න කල්පනා කරමින් හිටියේ. මේක FlowControl උගන්වන්න නියම ක්‍රමයක් නේ. ක්‍රමය ලබා දීම වෙනුවෙන් හා මේ සේවය වෙනුවෙන් ස්තුතියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s