අපට බාල අය

අපි පුංචි කාලෙ දෙකේ තුනේ ඉන්න කොට, මොන්ටිසෝරි ළමයෙක් අපට පෙනෙන්නෙ පුංචි ළමයෙක් හැටියට. ටික ටික අපි ලොකු මහත් වෙද්දි, සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවලදි, හයේ හතේ එවුන් මොන තරම් පුංචි ද කියලයි හිතෙන්නෙ.

ඊළඟට ජීවිතේ තිස් ගණන්වලදි අපට සාමාන්‍ය පෙළ උසස් පෙළ පොඩි එවුන් විහාග පාස් වෙන්න දඟලන හැටි පෙනුන. පනස් ගණන්වලදි තිස් හතළිස් ගණන්වල පොඩි අය ජීවිතේ ජය ගන්න දඟලන හැටි දැක්කා.

හැට හැත්තෑ ගණන්වලදි හතළිස් පණස් ගණන්වල පොඩි අය ලෙඩ දුක් ගැන මොනවද දන්නෙ කියල හිතුණා. අසූ අනූ ගණන්වලදි හැට හැත්තෑ ගණන්වල පොඩි අය මරණය ගැන මොනවද දන්නෙ කියල හිතුණා.

ඇත්තටම ඕගොල්ලො මරණය ගැන මොනවද දන්නෙ ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to අපට බාල අය

  1. සංසර චක්‍රයෙන් ගැලවී ගත නොහී පෘතග්ජන සිතේ නැවත පැම්නීමේ පිටවීමේ දොරටුව.

  2. මුදිතා says:

    මට තාම මතකයි මම පහ වසරේ ඉගෙනගන්න කාලෙදී දවසක් අම්මා මාව එක්කං ගියා මං ඉගෙනගත්ත ළදරු පාසලට. ගිය හේතුව මතක නෑ, සමහරවිට ඒ ගුරු මව්වරුන්ව දැකලා කතාබස් කරන්න වෙන්න ඇති. ඉතිං කොහොමහරි ඒ වෙලාවේ ළදරු පාසලේ හිටපු පුංචි පැටවුන්ට අපේ ලොකු ටීචර් (එහේ ප්‍රධාන ගුරු මෑණියන්ව අපි ඇමතුවේ ඒ නමින්) මාව අඳුන්නලා දුන්නේ, ‘මේ බලන්න මේ අක්කත් ඔයාලා වගේ මෙහෙ ඉගෙනගෙන දැං ලොකු ඉස්කෝලෙක ඉගෙනගන්නේ,’ කියලා. ඇත්තටම එදා පහේ පංතියේ හිටපු මට ඒ පුංචි පැංචියන් ඉස්සරහා ‘මං හරි ලොකුයිනේ’ කියන හැඟීම ආවා. ඒත් පහ වසර කියන්නේ කොච්චර පුංචි වයසක්ද කියලා තේරෙන්නේ දැං තමයි.🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s