ජේ. ආර්. , උත්තම සාදු සහ මම

ජේ. ආර. 1977දී බලයට පත් වෙනකොට හරි පත් වුණාම හරි කිව්ව “මට ඔටුණු පළඳවන්න කුමාරයෙක් නැත.” කියල. ජේ. ආර්. බලයට පත් වී කළ සමහර දේවල් ගැන, උදාහරණයක් හැටියට අගේට ඇඳුම් ඇඳගෙන හිටි රට නිර්වස්ත්‍ර කරල අනුන්ට විවෘත කළ දේ ගැන එහෙම අබමල් රේණුවක තරම්වත් කැමැත්තක් නැතත් මේ කළ කතාව ගැන නම් මං එකඟ වෙනවා.

ජේ. ආර්. ට පුතෙක් හිටියට එයා දේශපාලනයට ආවෙ නෑ. ඒ හන්ද තමන්ගෙ පරම්පරාව උඩට ගැනීම ගැන ජේ. ආර්. ට ඒ තරම් ඕනෑකමක් නොතියෙන්න ඇති. තිබුනත් කරන්න දෙයක් නෑ නෙ.

මම කියන්න යන්නෙ ඒක නෙවෙයි. ජෙ. ආර්. 1977දි බලයට පත් වුණායින් පස්සෙ පුදුමාකාර තනිකමකින් ඉන්න ඇතෙයි කියලයි මං හිතන්නෙ. තමන්ට තමන්ගෙ බලය ඉතුරු කරන්න දරුවෙක් නෑ. රටෙත් ඉහළම පුද්ගලයා තමන්. අනෙක් අය දින නැතුව අත්සන් කරල අස් වීමේ ලිපිත් දීල. රටම, පාර්ලිමේන්තුවම තමන්ගෙ පක්ෂයම තමන් කියන දේ අහනව. ඒත් තමන්ගෙ අරමුණු ඉෂ්ට වෙලා. තමන්ට වෙන කරන්න දෙයක් නෑ. එහෙම කෙනෙක් ඉන්නෙ මොකටද මොකක් වෙනුවෙන් ද කියන එක ප්‍රශ්ණයක්.

උත්තම සාදුගෙ කතාවත් මෙහෙමමයි. එකම වෙනස ජේ. ආර්. කියන්නෙ ලෞකික ලෝකයේ හිටි කෙනෙක්. එයාගෙ අනාගත අරමුණු ගැන ලෝකයට හෙලි වෙලා තිබුනෙ නෑ. ඒත් උත්තම සාදු කියන්නෙ ලෝකෝත්තර පාරෙ කෙළවරටම, ඒ කියන්නෙ බුදු බව පතාගෙන යන උත්තමයෙක් කියල අපි අහල තිබුනා.

මට වෙලාවකට හිතෙනව, ඒ වාගෙ දුර අරමුණක් කාට හරි නොතිබීම බලවත් ප්‍රශ්ණයක් ද කියල. මේ භවයෙ ත් ලොකු බලාපොරොත්තු නැත්නම් අර විදියෙ දිගුකාලීන බලාපොරොත්තුත් නැත්නම් කවුරු හරි කෙනෙක් ජීවත් වෙන්නෙ මොකටද ? කවුරුහරි කියන්න පුළුවන් ලෝකෙට සේවයක් කරන්න කියල. ඒකෙන් තමන්ට තෘප්තියක් ලැබෙන්නෙ නැත්නම් ඒක වැඩි කාලයක් කරන්න බැරි වෙයි.

අනේ මන්ද ශුන්‍යතාවයෙත් එක්තරා රසයක් තියෙනව. ඒක නෙ ආකිඤ්චඤ්ඤායතනය කියල බ්‍රහ්ම ලෝකෙකුත් අරූපාවචර ධ්‍යානයකුත් තියෙන්නෙ.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to ජේ. ආර්. , උත්තම සාදු සහ මම

  1. Taboo Subjects says:

    මේකට ජේ. ආර්. ජයවර්ධන පිළිබඳව මගේ මිත්‍රයින් දෙදෙනකු කළ ප්‍රකාශ දෙකක් එක් කරන්ට කැමතියි.

    පළමුවැන්නා කීවේ ජේ. ආර්. ජයවර්ධන අවම වශයෙන් සෝවාන් ඵලයට වත් පැමිණි කෙනකු බවයි. ඒ සඳහා ඔහු උදාහරණ ගෙන දැක්වූවා. (මා මේ සටහනේ සබැඳිය ඔහුට ලබා දුන්නා. කාල වේලා තිබුණොත් ඔහු යමක් එක් කරාවි.)

    දෙවැන්නා කීවේ ජයවර්ධන මැස්ලොව්ගේ අවශ්‍යතා පිරමීඩයේ (http://en.wikipedia.org/wiki/Maslow%27s_hierarchy_of_needs) ඉහළම තලයේ ක්‍රියාත්මක වූ චරිතයක් බව.

    වෙනස් විදියෙකින් ප්‍රකාශ වුවද, මේ නිරීක්ෂණ දෙකම ඔබේ නිරීක්ෂණය හා සැසඳෙනවා.

    මීට අමතරව ඔව ජයවර්ධනගේ ‘රට නිරුවත් කිරීම’ ගැන කළ ප්‍රකාශය හා මා එකඟ නැහැ. ඔහු කළේ නිරුවත් රටකට සළු පිළි පැළඳීම විනා එහි පරස්පරය නෙවෙයි.

    – Taboo

    • kumudupinto says:

      මට ඔබගේ වයස පිළිබඳව හැඟීමක් නැහැ. එහෙත් ඔබ හැත්තෑ හතට පෙර අපි හැසිරුනු හැටි මතක් කරන්න. පාරේ කවුරු හරි අසරණ වෙලා හිටියොත් නැවතී ඒ අයට උදව් කරනවා. ඒත් අපි පස්සෙ සල්ලි අපේ ලෝකය වශයෙන් සලකන්න ගත්තා. රජයට අනවශ්‍ය තීරණ දුන් විනිසුරුවන්ට පහරදීම ඇරඹුනේ ඒ කාලයේ. තමාගේ ආරක්ෂාව තමාම බලා ගත යුතුය කියන මතය ආවේ ඒ කාලෙ. මේ එකදු දෙයකටවත් මා එකඟ නැහැ.

  2. Taboo Subjects says:

    1977 වනතුරු ලංකාවේ පැවතියේ ප්‍රාථමික, සංවෘත සමාජයකි. මෙවන් සමාජ වල ප්‍රජා සම්බන්ධතා ප්‍රබලය. හේතුව එබඳු සම්බන්ධතා නැතිව ඒ සමාජයට ඉදිරි ගමනක් තියා පැවැත්මක්වත් වත් නැතිවීමයි. උදාහරණයක් හැටියට ළඟම රෝහලට සැතපුම් දහයක් දුරින් පිහිටි දිළිඳු ගමක් සලකන්න. මේ ගමේ වැසියන් එකිනෙකා හා සහයෝගයෙන්, අනුන්ගේද කාර්යයේ වෙහෙසවී කටයුතු නොකරන්නේ නම් රැයකට අමාරු ලෙඩකු රෝහලට ගේන්නට වත් ලැබෙන්නේ නැත. නමුත් සමාජය දියුණු හා විවෘත වන කල්හි එය නිතැතින්ම පුද්ගලවාදී (individualistic) වේ. හේතුව කලින් මෙන් දැඩි ප්‍රජා සම්බන්ධතා තවදුරටත් අවශ්‍ය නොවීමයි. මෙය ස්වභාව සිද්ධියකි. ජේ. ආර්. ජයවර්ධන ඇති කළ එකක් නොවේ.

    • kumudupinto says:

      මා මේ වෙනස අත්විඳි කෙනෙක් මි. නමුත් මම දේශපාලන විද්‍යාව හෝ සමාජ විද්‍යාව හදාරා නැත. එබැවින් මේ හා සම්බන්ධ න්‍යායන් ගැන අවබෝධයක් නැත. නමුත් මෙම වෙනස සිදු වූයේ හැත්තෑ හතෙන් පසුව බව නිරීක්ෂණය කර ඇත. සමාජය දියුණු බැවින් තවදුරටත් එබඳු බැඳීම් අවශ්‍ය නොවන බව හද්දා කොළබ සිටින මට නොදැනෙන්නේ ඒ සඳහා මා සංවේදී නොවන නිසා හෝ එබඳු සම්බන්ධතා සඳහා වඩා සංවේදී වීම නිසා හෝ විය හැකිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s