පිටස්තරයා [Outsider]

කාලෙකට ඉස්සර කියවපු පොතක් මතක් වුණා. පිටස්තරයා. ඒකෙ ප්‍රධාන චරිතය පිටස්තරයෙක්, තමන්ටත්, අනුන්ටත්. ඔහුට පවතින සමාජය ගැලපෙන්නෙ නෑ. ඒත් ඒක වෙනස් කරන්න ත් ඔහුට හයියක් නෑ. තමන්ගෙ අම්මගෙ මළගම දවසෙ වෛශ්‍යාවක් එක්ක චිත්‍රපටයක් බලන්නත් ඔහුට හයිය තිබුණා. ඒත් පොත කියවගෙන යද්දි මට ඔහු වැරැද්දක් කරනවා කියල හිතුනෙ නෑ. ඒ වෙනුවට හිතුනෙ අපිත් කොච්චර පිටස්තරයො ද කියන එක.

මේ කතාව හදිස්සියෙ මතක් වුනේ ඇයි ? අපට හිත දියුණු කර ගන්නත් එක විදියක් මේකෙ හැංගිලා තියෙනව කියලයි මං හිතන්නෙ. අපි හැම තිස්සෙම හිතන්නෙ අපව කේන්ද්‍ර කරගෙන. මම, මගෙ, මට ආදී වශයෙන්. අපි කාට හරි උදව්වක් කළත් කරන්නෙත් ඒ මම කරන උදව්වක් හැටියට. අපි බලාපොරොත්තු වෙනව ඔහු හෝ ඇය ඒ උදව්ව මා කළ උදව්වක් හැටියට මතක තියා ගනීවි කියල.

ඒත් අපට බැරිද අනුන්ගෙ හිතට අපත් සම්බන්ධ වෙලා ඒ කියන්නෙ මම මම හැටියට නැතුව ඔහු හෝ ඇය හැටියට ඔහු හෝ ඇය දෙස බලන්න. තමන්ට පිටස්තරයෙක් වෙලා අනුන් දිහා බලන්න. අපට ඒක ප්‍රගුණය කර ගන්න පුළුවන් නම් අප අවට කොච්චර සොඳුරු පරිසරයක් මැවෙයි ද ?

මගෙ හොඳ යාළුවෙක්, මගෙ බැචෙක් හැම තිස්සෙම කියන කතාවක් තමයි පිටස්තරයන්ට මේ ලෝකෙ අනිත් අයත් එක්ක, මේ සමාජ චාරිත්‍ර එක්ක ජීවත් වෙන්න අමාරුය කියන එක. එහෙම වෙලා තියෙන්නෙ අනෙක් අය පිටස්තරයො වෙන්න දන්නෙ නැති හින්ද ය කියලයි මට හිතෙන්නෙ. පිටස්තරයන්ට ජය වේවා.

This entry was posted in 04. හැඟීම්, 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

2 Responses to පිටස්තරයා [Outsider]

  1. ```Outsider``` says:

    ‘මම’ කියල කියන්නෙ නම් සුව නොවන රෝගයක්ද කොහෙද?

    • kumudupinto says:

      ඒක ඉබේ හොඳ වෙන එකක් එහෙම නෙවෙයි. ඒ වගෙම ඒක ලේසියෙන් හොඳ කරන්නත් බෑ. මේ කාලෙ හොඳ වෙද්දුත් අඩුයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s