මරණය සැලසුම් කිරීම හා PHP

මං බොහෝ කාලයකට ඉස්සර බැලුව චිත්‍රපටයක කතාව අදත් මගෙ හිතේ රැඳිල තියෙන්නෙ මහ පුදුම විදියට. චීත්‍රපටයෙ නම නම් මතක නෑ. ඒත් කතාව කියන්නම්.

එක්තරා මනුස්සයෙකුට හැදුන මාරාන්තික ලෙඩක්. පිළිකාවක්. මනුස්සය හරිම සංවේදී කෙනෙක්. හොඳට පොත් එහෙම කියවනවා. මිනිහ කල්පනා කළා දුක් නොවිඳ මැරෙන්න. ඒ හන්ද මිනිහ සැලසුම් කළා මිනිහගෙ මරණය, දිනය සහ වේලාව.

එක දවසක් මිනිහගෙ හිතවතුන් හැමෝටම මිනිහ ආරාධනා කළා රාත්‍රී භෝජන සංග්‍රහයකට. මිනිහ කියවපු ලස්සණ පොතක් තිබුණ. මිනිහ තමන්ගෙ සේවිකාවට කිව්ව තමන් හදල මේසෙ උඩ තිබ්බ බේත ඒ පොතේ අහවල් පිටුව කියවන කොට ගෙනල්ල දෙන්න කියල.

මිනිහ ආපු සෙනඟට සංග්‍රහ කරන්න කියල සේවිකාවට කිව්ව. මනුස්සය දැන් ඉන්නෙ ඇඳේමයි. ඇඳේ ඉන්න ගමන් මිනිහ කිව්ව එන්න කිව්වෙ ඉතාමත්ම රසවත් පොතක කතාවක් කියන්නය කියල. මිනිහ ඇඳේ දිගාවෙලා ම පොත කියවන්න පටන් ගත්ත.

පොතේ තියෙන්නෙ එක්තරා ම්නිහෙක් තමන්ගෙ මරණය සැලසුම් කිරීම ගැන. ඒ පොතේ ඉන්න මනුස්සය තමන්ගෙ නෑයො හිතවත්තු ඔක්කෝටම දවසක එන්න කියල මේ වගෙම කතාවක් කියන අතරෙ වස කෝප්පයක් පානය කරනව.

මේ පිටුවට එන කොටම සේවිකාව තමන්ට උපදෙස් දුන්න විදියටම බෙහෙත් කෝප්පය රැගෙන එනව. මිනිහ පොත පැත්තකින් තියල බේත බොනව. ඊළඟට අනෙක් ඇලයට හැරෙනව. එච්චරයි. සද්දයක් නැති හන්ද අනෙක් අය විපරම් කරන කොට මනුස්සය මැරිල.

PHP කියන නමේ තේරුමත් ටිකාක් විතර මේ සිද්ධියට සම්බන්ධයි. PHP කියන්නෙ PHP Hypertext Preprocessor කියන වචන තුනේ මුල් අකුරු එකතු වෙලා හැදිච්ච වචනයක් !

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

3 Responses to මරණය සැලසුම් කිරීම හා PHP

  1. කිකිළිද බිත්තරේද කිව්ව වගේ

  2. Teshan says:

    PHP ගැන කියනවා ඇහුණා. ඒක හින්දා ටක් ගාල බැලුවා මොනවාද කියලා. කතාව නම් ඇත්ත තමයි… මාත් මේ දවස් වල PHP පාඩමක් ලියාගෙන යනවා හැමෝටම තේරෙන්න. සරුත් කියවලා බලනවා නම් ගොඩක් කැමතියි.
    මෙන්න ලින්ක් එක,
    http://tipontek.blogspot.com/

    PHP වලින් පටන් අරන් HTML, CSS, Javascript, JQuery, MySQL ගැන එහෙමත් ලියාගෙන යන්න තමයි බලාපොරොත්තුව.

  3. දනුක says:

    මේ film එක හොයාගන්න ඕන. 1වැනි para එකේ “චීත්‍රපටිය”, 3වැනි para එකේ “ලස්සණ”, “පොත්ක්” වැරදියි වගේ.1

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s