C සඳහා උදාහරණ – 7

අපි දැන් යම් වචනයක් තිරයේ දිස් වීම සඳහා C වලින් program එකක් ලියන හැටි දන්නවනෙ. ඊළඟට අපි බලමු සංඛ්‍යා එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල.

සාමාන්‍යයෙන් අපි සංඛ්‍යා ගබඩා කරන්නෙ විචල්‍යයන් (Variables) තුළ. විචල්‍යයක් කියන්නෙ යම්කිසි ඉංග්‍රීසි අකුරක් හරි වචනයක් හරි. ඒකෙ අපට ගබඩා කරන්න පුළුවන් යම් අගයයක්. ඇයි මතක නැද්ද අපි සාමාන්‍ය පෙළ ගණිතයෙදි පියාගේ වයස x යැයි ද පුතාගේ වයස y යැයි ද කියල ලිව්ව. මේ x හා y තමයි එතනදි විචල්‍යයන් වුණේ. ඒත් ඉංග්‍රීසි අකුරු නෙ. මෙතනත් එහෙමමයි.

අපි මෙහෙම ගැටළුවක් සිතා බලමු. යම් විචල්‍යයක් තියෙනවා x කියල. අපි මේ x වල ගබඩා කරනව 10 කියන අගය. ඊළඟට මේ x වලට අපි 5ක් එකතු කරල ඒ උත්තරය ගබඩා කරනව y කියන විචල්‍යයෙ. අන්තිමට අපි x හා y වල ගබඩා වී ඇති අගයයන් තිරයේ දක්වනව.

මතක තියා ගන්න අපි ඉස්සෙල්ලම වැඩ කරන්නෙ පූර්ණ සංඛ්‍යා එක්ක. දැන් අපට තවත් දෙයක් ඉගෙන ගන්න තියෙනව. ඕනෑම පරිගණක භාෂාවක විචල්‍යයන් අර්ථ දක්වද්දි ඒ විචල්‍යයෙ ගබඩා කරන්නෙ මොන විදියෙ අගයයන් ද කියල හිතල ඊට ගැලපෙන ආකාරයේ Data Type එකක් පාවිච්චි කරන්න ඕනෙ. සමහර Data Types වල ගබඩා කරන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා විතරයි. සමහර Data Types වල දශම සංඛ්‍යා ගබඩා කරන්න පුළුවන්. සමහර Data Types වල අකුරුත් තවත් සමහර Data Types වල true හෝ false යන තර්කානුකූල අගයයනුත් ගබඩා කරන්න පුළුවන්.

හොඳයි. අපි මුලින්ම 10 හා 15 කියන පූර්ණ සංඛ්‍යා ගබඩා කරන්න බලාපොරොත්තු වන x හා y අර්ථ දක්වන්නෙ මොන ජාතියෙ Data Type එකකද කියල තීරණය කරන්න ඕනෙ. short කියන Data Type එකේ කුඩා පූර්ණ සංඛ්‍යා ත්, int කියන Data Type එකේ මධ්‍යම ප්‍රමාණයේ පූර්ණ සංඛ්‍යා ත්, long කියන Data Type එකේ විශාල පූර්ණ සංඛ්‍යා ත් ගබඩා කරන්න පුළුවනි. මේවායේ සීමාවන් ගැන අපි පසුව ඉගෙන ගනිමු. අපේ අගයයන් කුඩා බැවින් short ආකාරයේ විච්cල්‍යයන් දෙකක් තෝරා ගනිමු.

x හා y යනුවෙන් short ආකාරයේ විචල්‍යයන් දෙකක් අර්ථ දක්වන්නෙ short x,y; යනුවෙනුයි. ඒ හන්ද අපේ Program එකේ පළමු පේලි කිහිපය පහත ආකාරයේ වෙයි.

#include< stdio.h >

void main() {
short x,y;

දැන් අපි x වල 10 කියන අගය ගබඩා කළ යුතු අතර y යනු x+5 යැයි ද කිව යුතුයි. දැන් අපේ Program එක පහත ආකාරයේ විය යුතුය.

#include< stdio.h >

void main() {
short x,y;
x=10;
y=x+5;

දැන් අවශ්‍ය ගණනය කිරීම කරල ඉවරයි. දැන් තියෙන්නෙ මේ අගයයන් තිරයේ දක්වන එකයි. අපට පුළුවන් නිකම්ම x හා y වල ගබඩා වී ඇති අගයයන් තිරයේ දක්වන්න. නමුත් ඊට වඩා හොඳයි නෙ x=10 හා y=15 වශයෙන් තිරයේ දක්වන එක.

ඒ කියන්නෙ “x = ” යන වචනයත් ඉන්පසු x හි අගයයත් තිරයේ දැක්විය යුතුයි. එසේමයි y සඳහා ත්. කලින් නම් අපි වචනයක් තිරයේ දක්වන කොට ඔහේ printf() කියන නියෝගය ඇතුළෙ ලිව්වනෙ. දැන් එහෙම බෑ. අපට මුලින්ම කියන්න වෙනව ඉස්සෙල්ල වචනයකුත් ඊළඟට පූර්ණ සංඛ්‍යාවකුත් ය අපි තිරයේ දක්වන්න යන්නෙ කියල. ඊළඟට අපි ඒ අවශ්‍ය දත්ත දෙක ලියනව. මේ හැම දෙයක්ම කොමාවලින් වෙන් කරනව. හොඳයි දැන් අපි ඒ පේලියත් එක්කම ආයෙත් අපේ Program එක ලියමු.

#include< stdio.h >

void main() {
short x,y;
x=10;
y=x+5;
printf(“%s%i” , “x = ” , x);
printf(“%s%i” , “y = ” , y);

දැන් අපේ Program එක ලියල ඉවරයි. එහෙම නම් අපි සඟළ වරහන වහල දාමු . දැන් තියෙන්නෙ මේක Test7A.c කියන නමින් යම් තැනක ගබඩා කරල ඊළඟට gcc Test7A.c -o Answer යන නියෝගය මඟින් ඒක Compile කරල අන්තිමට ./Answer යන නියෝගය මඟින් ඒක Run කරන එකයි.

මෙන්න අපේ නිම කළ Program එක.

Test7A.c

Test7A.c

තේරුම් ගන්න. “%s” කියන එකෙන් අපි වචනයක්, ඒ කියන්නෙ “x = ” හෝ “y = ” යන්නත් “%i” කියන එකෙන් අපි පූර්ණ සංඛ්‍යාමය අගයයක්, ඒ කියන්නෙ x හෝ y වලින් දැක්වෙන දේ ත් තිරයේ දක්වන්න ඕනෙ කියන එකයි අවසාන පේලි දෙකේ ලියල තියෙන්නෙ.

This entry was posted in 16. C++, සිංහල. Bookmark the permalink.

One Response to C සඳහා උදාහරණ – 7

  1. %i මේ වෙනුවට %d දාන්නත් පුලුවන් නේද? (%d යොදා කම්පයිල් කල වැඩසටහන දාවනය කල විටද මට ලැබුනේ එම පිලිතුරමයී

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s