තෝ ෆේල් ම වෙයං

මේ මාතෘකාවෙ “තෝ” කියන එකට අමනාප වෙන්න එපා. සාමාන්‍ය පෙළ සිංහල විෂයයට මධ්‍යම පුරුෂය හැටියට ඉගෙන ගන්න හොඳ නම්, ලියන්න හොඳ නම් , විභාගයට උත්තර දෙන්න හොඳ නම් මම මාතෘකාවකට දැමීමේ වැරැද්දක් නෑ නෙ.

හොඳයි අපි කතාවට බහිමු. මීට කලිනුත් මං මතක් කළ ගෝලයෙක් හිටිය හුඟාක් දක්ෂ. මිනිහ සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. උසස් පෙළත් හොඳින් සමත් වුණා. මොරටුවෙ සිවිල් ඉංජිනෙරු උපාධියත් කළා. දහම් පාසලේ කථික තරඟ, දහම් දැනීමේ තරඟ, චිත්‍ර තරඟ මේ හැම එකකින් ම පළවෙනියා. කිසිම දවසක පැරදිලා නෑ.

මම දවසක් මනුස්සයට ප්‍රාර්ථනාවක් කළා. අඩු ගනනෙ එක පාරක්වත් කෑලි හොයා ගන්න බැරි වෙන්න වැටෙන්න, පරදින්න ඕනෙ කියල. මිනිහ මගෙන් ඇහුව “ගුරුවරයෙක් කරන්න ඕනෙ ප්‍රාර්ථනාවක් ද ඒ කළේ ? ” කියල.

ඇත්තටම යමෙක් යමකින් දින්නහම තේරුම් ගන්න දේවලට වඩා හුඟාක් වැදගත් දේවල් පැරදුනහම ඉගෙන ගන්නව. කලකිරීම, තනිවීම කියන්නෙ මොනවද කියලත් හැම කෙනෙක්ම ඉගෙන ගත් යුතුයි කියලයි මං හිතන්නෙ.

එදා මා කී දේ පිළි නොගත්තත් අද නම් ඔහු මං කී දේ අකුරටම පිළි අරගෙන !

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

6 Responses to තෝ ෆේල් ම වෙයං

  1. Amila says:

    එහිදී ඔබ අදහස් කල දේ ලෙස මට හි​තෙන්නේ, ජීවිතේ අනෙක් භාගය වන දුක් කම්කටොලු අභියෝග යනාදියද ජයගැනීමට හැකියාව ලැබෙත්වා යන්නයි..
    සමහරක් පුද්ගලයන් මේ සෘනාත්මක පණිවිඩයේ සැගවුනු ගැඹුර නොතේරෙන්නට ඇති..
    ඔබ ​මගේත් ගුරුවරයෙක් වුවානම් කියලා හිතෙනවා…

    නිරෝගීව දීර්ඝායු සැප ලැබෙත්වා.

    • kumudupinto says:

      ජය ගැනීම ම නෙවෙයි. ඒවා විඳවීම. ඒකෙන් ලැබෙන අවබෝධය එසේ මෙසේ එකක් නෙවෙයි.

  2. ඔබ හරියටම හරි. ඒක නම් සම්පූර්ණ ඇත්ත. පරාජය කියන්නේ ජීවිතේ ලබාගත යුතුම අත්දැකීමක්

  3. ලහිරු says:

    ඔබේ අදහස හුගක් වටිනවා…පරිදින තුරු තේරෙන්නේ නෑ දිනන්නේ කොහොමද කියලා

  4. Ha ha, sir… mata hondatama hinaaa. Sir matath oya paarthanawa kara. I also asked the same question “guruwarayek karanna ona paarthanawakda oya kare?”. Mata me blog post eka kiyawaddi mata ena sathuta kiyala nima karanna bari tharam.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s