පොඩි රස්සාවක්

එදා අනුලා විද්‍යාලයෙ ගුරුතුමියන් පිරිස උත්තම සාදු ඉන්න සෙනසුනට දානෙ ගෙනල්ලා. දානෙ වැළඳුවායින් පස්සෙ උත්තම සාදු ධර්ම ශාලාවට වැඩියා. ගුරුතුමියන් පිටිපස්සෙ වාඩිවෙලා ඉන්නවා. ඔය අතරෙ එක් තරුණ කාන්තාවක් ඇවිල්ලා ඉස්සරහම වාඩි වුණා. ඇය උත්තම සාදුට තමන්ගෙ මොකක්දෝ ප්‍රශ්ණයක් ඉදිරිපත් කරන්නයි ඇවිල්ල තිබුණෙ. මේ ඇය හා උත්තම සාදු අතර ඇති වූ දෙබසයි.

උත්තම සාදු : මොකක්ද දුවගෙ ප්‍රශ්ණෙ ?

ඇය : සාදු මට කිසිම දියුණුවක් නෑ.

උත්තම සාදු : දියුණු වෙන්න දුව කරන්නෙ මොනවද ?

ඇය : මම පොඩි රස්සාවක් කරනවා.

උත්තම සාදු : පොඩි රස්සාවක් කරල දියුණු වෙන්න බැහැ නෙ.

ඇය නිහඬය.

උත්තම සාදු : මම යම් කිව්වොත් දුව තරහ වෙනවද ?

ඇය : කමක් නෑ, සාදු.

උත්තම සාදු ඉතා දැඩි මුහුණක් මවගෙන : අර ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ යනව කියල කොහෙද ගියේ ?

ඇයට අවට පිරිස ට මුහුණ දී ගත නොහැකි ව බිම බලා ගත්තාය.

උත්තම සාදු දිගින් දිගටම ඇය කළ වැරදි මතු කළාය.

අවසානයේ ඇය මෙසේ විචාලාය. “මම දැන් මොකක්ද කරන්න ඕනෙ ? ”

උත්තම සාදු : තමන්ගෙ අම්මට වෙනස්කම් කළ බොරු කිව්ව කිසිම කෙනෙකුට තමන්ගෙ ජීවිතේ තමන් බලාපොරොත්තු වන දියුණුව ලබන්න බෑ. ඒ හන්ද තමන්ගෙ අම්මව සමා කර ගන්න ඕනෙ. ඉදිරියට දුවට තමන්ගෙ අම්මට සලකන්න අවස්ථාවක් එයි. එදාට අම්මගෙ බැනුම් අහගෙන අම්මට සලකන්න. අම්ම ඒ කරන උදව් ප්‍රතික්ෂේප කරයි ඔයාට බනියි. ඒව ගණන් ගන්න එපා. දුව දිගටම අම්මට උදව් කරන්න. ඒ විදියෙන් විතරයි දුව අම්මට කළ වැරදි වලට අම්මගෙන් සමාවක් ගන්න පුළුවන්. එතකන් දුව බලාපොරොත්තු වෙන දියුණුව දුවට ලැබෙන්නෙ නෑ.

මේ අවවාද අනෙක් අයගෙ අවවාදවලට වඩා හුඟාක් වෙනස්.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

5 Responses to පොඩි රස්සාවක්

  1. Amila says:

    හිත්කාවදින සිදුවීමක්. අපේ ගැටලු වලට ​හේතුව අප කල දේමයි යන්නට හොදම උදාහරණයක්..
    ජය…

  2. ```Outsider``` says:

    ඔබ නිතරම ලියන මේ උත්තම සාදු තවම සිටිනවද?

    • kumudupinto says:

      අනේ නෑ. ඒත් උන්වහන්සේ ගෙ මඟ ම යන තවත් සාධූන් වහන්සේලා නම් ඉන්නව.

      • Wathsala Vithanage says:

        I don not wish to meet any of them at the moment, because I do not know the right question to ask. Unfolding reality is a function of our questioning, I do not know of a sufficient question which will reveal anything worth the time they will have to spend talking to me.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s