ගුණෝත්තර ශ්‍රේණි පදනම් වූ කතාවක් ඇති චිත්‍රපටයක් !

මම කලින් ලිපියෙ සඳහන් කළ ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියන්ට පෙන් වූ තවත් අපූරු චිත්‍රපටයක් තමයි “Pay It Forward” කියන්නෙ. සිරස නාලිකාවෙ කිහිප වරක් ම ප්‍රදර්ශණය වූ මෙය ගුණෝත්තර ශ්‍රේණි මත පදනම් වූ කතාවක්.

මේ කතාවෙ හැටියට එක්තරා අපූරු ගුරුවරයෙක් එක්තරා පාසලකට අළුතෙන් එනව. මිහුණේ පිළිස්සුම් තුවාලයක් නිසා වැඩිපුර සමාජයට මුහුණ දීමට අකමැති ඔහුට බාර වන්නේ හතේ පන්තිය වැනි කුඩා දරුවන් සිටින පන්තියක්. ඔහු ඒ පන්තියේ ළමුන්ට කියා සිටිනවා තවත් වසර කිහිපයකින් ඔවුන් සමාජ්යට මුහුණ දිය යුතු නිආ යම් වැඩක් ඇති ව්‍යාපෘතියක් නිර්මාණය කරන ලෙසට.

Pay it Forward

Pay it Forward

එක් හුරුබුහුටු කොළු පොඩ්ඩෙක් අපූරු තේමාවක් සහිත ව්‍යාපෘතියක් තෝරා ගන්නවා. ඒ ව්‍යාපෘතියෙ නම තමයි කියන්නෙ. මේ කොළු පොඩ්ඩා කියන විදියට යමෙක් කාට හරි ඉතා හොඳ වැඩක් කළ යුතු අතර ඒ සඳහා ඒ තැනැත්තා යම් ප්‍රත්‍යුපකාරයක් කිරීමට සැරසුනු විට එය ප්‍රතික්ෂේප කර ඉදිරියට වෙන තුන් දෙනෙකුට හොඳ වැඩ 3ක් කරන සේ ඉල්ලීමයි මේ ව්‍යාපෘතිය. මේ පොඩ්ඩා බලාපොරොත්තු වෙන්නෙ මේ වැඩේ පියවර 10ක් ඉදිරියට ගියොත් දාස් ගණනකට වන සෙත ගැනයි.

මේ කතාව පෙන්වන අතරම ටවත් කතාවක් තිරයේ දිස් වනවා. ඒ යමෙකුගේ කාරය අනතුරකට ලක් වී විනාශ වූ විට එතැන සිටි වෙනත් කෙනෙක් ඔහුගේ කාරය පරිත්‍යාග කිරීමයි. මේ අසාමාන්‍ය සිද්ධිය නිරීක්ෂ්ණය කළ පුවත්පත් වාර්තාකරුවෙකු ඔහු පසුපස හඹා ගොස් එයට හේතුව විමසුව දඔහු ඒ බව කියන්නේ නෑ. පසුවයි ඔහු දැන ගන්නේ ඒ පුද්ගලයාට යමෙක් අසාමාන්‍ය උදව්වක් කර එයට ප්‍රත්‍යුපකාර වෙනුවට ඉදිරියට මෙවන් අසාමාන්‍ය හොඳ ක්‍රියා 3ක් කරන සේ ඉල්ලූ බවයි.

මේ තරුණ වාර්තාකරු ඉන්පසු ඒ [පුද්ගලයා ළඟට ද එතැනින් ඊළඟ පුරුකට් ද වශයෙන් අන්තිමට එන්නේ අඔඅ පුංචි කොළු පොඩ්ඩාගේ ආච්චි ළඟටයි. එතැන් සිට කටාව කිව්වොත් රසය අඩු වීමට ඉඩ ඇති බැවින් මෙතනින් නවතින්නම්.

අපේ ආයතනයෙ සභාපතිතුමාගෙ ඉල්ලීමකට අනුව චිත්‍රපටය අවසන් වූ විට මා සිසු සිසුවියන්ගෙන් ඉල්ලීමක් කළා ඒ චිත්‍රපටය ගැන යම් විවේචනයක් ලියා දෙන ලෙස. එවිට එක් සිසුවියක් කීවේ ඉතා හැන්ගුම්බර අවස්ථාවක ඔවුන් සිටිනා බැවින් එය පසු දිනක කිරිමට අවසර දෙන ලේයි. එසේ ඉල්ලුවේ ද හැඬුම්බර ස්වරයකින්. ඒ සිද්ධියෙම චිත්‍රපටය ගැන යම් අදහසක් ඔබට ඇති කර ගත හැකි නෙ. කොහොම හරි මේ චිත්‍රපටය හොයා ගෙන බලන්න.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

6 Responses to ගුණෝත්තර ශ්‍රේණි පදනම් වූ කතාවක් ඇති චිත්‍රපටයක් !

  1. Bimal says:

    ඔයාට පුළුවන්නම් මගේ පොරම් එකටත් හොද post ටිකක් දාන්න

  2. Kathandara says:

    මේ චිත්‍රපටියේ තේමාව වන – pay it forward – ගැන කියවෙන කවි පන්තියක් මං දන්නවා.

    මේ බලන්න.

    http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html

    කකා

  3. සාගර says:

    මෙන්න චිත්‍රපටිය බලන link එක : http://loombo.com/weh69f0tdzzu/payitforward.avi.html

    online බලන්න පුළුවන්.

  4. Hasitha says:

    ස්තුතියි මේ ගැන දැනුවත් කලාට…………..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s