තවත් ප්‍රේම කතාවක්

මේකත් මං ඉස්කෝලෙ යන කාලෙ අහපු කතාවක්. මං හිතන විදියට මේක සත්‍ය සිදුවීමක්.

එක්තරා ප්‍රසිද්ධ විද්‍යාලයක විදුහල්පතිකම තරුණයෙකුට ලැබුණා. මේ තරුණයා එක් තරුණියක හා ප්‍රේමයෙන් බැඳුනා. ඒත් මේ තරුණයගෙ අම්ම මේකට විරුද්ධ වුණා.

තරුණයා හා තරුණිය කතා කර ගත්ත කවද හරි ඒ දෙන්නමයි බඳින්නෙ කියලා. ඒ අතර තරුණයාගෙ අම්ම ඔහුට මඟුල් හොයනව හොයනව, එක කරදරයයි. තරුණයා ඒ එකකටවත් කැමති වුණේ නෑ.

කොහොම හරි ඒ තරුණයගෙ අම්ම මැරෙන කම්ම මේ විදියට පුතාට විවාහයක් කර දෙන්න අම්මට බැරි වුණා. ඇයගෙ මරණෙ වෙනකොට පුතාට වයස පණහයි. තමන්ගෙ අම්මගෙ මරණෙ වෙනකොටත් අර තමන්ගෙ ප්‍රේමවන්තිය විවාහ වෙලා තිබුණෙ නෑ. අම්මගෙ මරණයෙන් පස්සෙ ඒ දෙන්නට තිබූ එකම බාධකය ඉවත් වූ නිසා ඒ දෙන්න විවාහ වුණා.

මේ ප්‍රේමයේ ප්‍රතිඵලය දරුවො වෙන්න බෑ. ඒ කියන්නෙ මේ විවාහයෙ අරමුණ පරම්පරාව ඉදිරියට ගෙන යාම නෙවෙයි. පිරිසිදු ප්‍රේමය විතරයි. ඒකෙ වැරැද්දක් එහෙම නෑ නෙ.

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

5 Responses to තවත් ප්‍රේම කතාවක්

  1. 1. “එක්තරා ප්‍රසිද්ධ විද්‍යාලයක විදුහල්පතිකම තරුණයෙකුට ලැබුණා. ”
    ඒ වැකිය නැතුවත් මේ කතාව කියවන්න පුළුවන් නේද?

    2. ඇයි අම්ම මැරෙන කං හිටියෙ කියල පැහැදිලි මදි

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මම දන්න මුළු කතාවම කියනව කෑලි හලන්නෙ නැතුව. ගන්න අය පෙරල තමන් කැමති දේවල් විතරක් ගත්තහම හරි. දෙවෙනි කාරණේ ඇයි අම්ම මැරෙනකම් හිටියෙ කියන එක පැහැදිලි නැති වීම ගැන කණගාටුයි.

    • Wathsala Vithanage says:

      @kathandarakaraya; Question number 2 should be asked from the “young man who had become a principle of a popular school”.

  2. Eranga Kasun says:

    premaya kiyanne dennek ekata jeevath veemama nevei ne.mama hithanne kenekta adaraya karanne eyava laba ganna/thamangema karaganna kiyala hithagena nam mama hithanne eka adaraya nemei,kamuka aashava.

  3. අමිල says:

    …..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s