තාමත් ඇයි උස්සගෙන ඉන්නෙ ?

මේක ඕගොල්ලො අහල තියෙන සෙන් කතාවක්. ඒත් ඒක ආයෙත් ඇහුවට වැඩි වෙන එකක් නෑ.

සෙන් හාමුදුරුවරු දෙනමක් ගං ඉවුරකට ආවා ඒකෙන් එගොඩ වෙන්න. එතන කාන්තාවක් ඉන්නවා එගොඩ වෙන්න බැරුව. එක හිමි නමක් ඔසවා ගත්තා ඇයව. ඊළඟට ගඟෙන් එගොඩ වෙලා ඇයව බිම තැබුව. අනෙක් හිමි නමට මේක ඇල්ලුවෙ නෑ. “මොන තරම් කැත වැඩක් ද ඒ කළේ ? සිවුරටවත් ගැලපෙනවද ?” ඒ නම එහෙම හිතුවා.

මේක ගැන ඒ හිමි නම දිගටෝම කල්පනා කරනවා. බැරිම තැන බොහෝ වේලාවකට පසුව අනෙක් හිමි නමගෙන් ඇහුවා “ඔබ අර ගං ඉවුරෙ කාන්තාව එගොඩ කළ විදිය වැරදියි නේද ? ” කියල. එතකොට ඒ හිමි නම උත්තර දෙනවා “මම නම් ඇයව එගොඩ කරලා බිමින් තිබ්බා. ඒත් ඔබ තවම ඇයව උස්සගෙන නේද ඉන්නෙ ? ” කියල.

අපි මේ වගෙ කොච්චර ගෑණු මිනිස්සු උස්සගෙන ද ඉන්නෙ ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

3 Responses to තාමත් ඇයි උස්සගෙන ඉන්නෙ ?

  1. Madhu says:

    අද තමයි පලපු වතාවට ඇහුවෙ. පුංචි වුනත් හරිම වටින කතාවක්.

  2. අ0ගුලිමාල ස්ටෝරිය වගෙ මම නැවතී සිටිමි ඔබද නවතින්න..අ0ගුලිමාල ස්ටක් උනා ඒ බුදුවදන අහල…….

  3. මේ කතාව ජපන් සෙන් කතා පොත් පෙළක් ලියපු (පරිවර්තනය කරපු) මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ පොතක තිබිල මමත් කියෙව්ව!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s