දෙමව්පියන්ගේ මරණ

මේ ලෝකෙ උපදින හැම පුතෙකුටම හැම දුවකටම තමන්ගෙ අම්මගෙ මළගමේදිත් තමන්ගෙ තාත්තගෙ මළගමේදිත් අඬන්න වෙනවා. එහෙම නොවෙන්නෙ ඒ අයට කලින් ගියොත් විතරයි. ඒ වගෙ අවස්ථාවලදි දෙමව්පියො දරුවො වෙනුවෙන් අඬනවා.

මේ සත්‍යය අපි අවබෝධ කර ගත් යුතුයි නෙ. මේ කතාව කියන්න වුණේ අද මගෙ ගෝලයෙක් කිව්ව කතාවක් හන්ද. “අනේ සර්, මගෙ තාත්තට සනීප නෑ. මට ඒක ලොකු දුකක්. ” ඒ ඔහුගෙ අඳෝනාව.

සමහර වෙලාවට දෙමව්පියන්ට කාලයක් දුක් විඳින්න වෙන අසනීප හැදෙනවා. එතකොට ඒ දුක් විඳින්නෙ නැතුව ඒ අය ඉක්මනින් මියෑදෙනව නම් හොඳයි කියලයි මං හිතන්නෙ.

උදාහරණයක් හැටියට මගෙ අම්ම අවුරුදු 3ක් දුක් විඳල, ඇඳේම ඉඳන් දුක් විඳලයි මැරුණෙ. ඒත් එයා කාලයක ඉඳන්, ඇත්තටම මං දන්න කාලෙ ඉඳන් කියව කියව හිටියෙ පපුවෙ අමාරුවක් හැදිල එක පාර මැරෙනව නම් හොඳයි කියලයි. ඒත් ඒ පැතුම ඉෂ්ට වුණේ නෑ.

තාත්තට හැදුණෙ කැන්සර් එකක්, පෙණහල්ලෙ. එයා ජීවිත කාලෙම සිගරැට් බිව්වා. ඒකෙ විපාකය ලැබුණා. ඒත් ඒක අපි දැන ගත්තට එයාට කිව්වෙ නෑ. අපි දැනගෙනත් සතියක් හිටියෙත් නැද්ද කොහෙද ? ඒ ගැන අදටත් මං සතුටු වෙනවා, එයා දුකක් නොවිඳ තමන්ගෙ ලෙඩේ ගැන දැනගෙන හිත කලබල කර ගන්න අවස්ථාවක් නොලබා ම ගිය එක ගැන.

කටුක වුණත් ඇත්ත නම් ඒ දුක කවදා හරි විඳින්න ලැස්ති වෙන්න ඕනෙ කියන එකයි. ඒක හරි නේද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

5 Responses to දෙමව්පියන්ගේ මරණ

  1. ඇත්ත. ඒත් සමහර බැඳිම් වලදි කෙනෙක් වෙනුවෙන් දුක්වීම, අපි ඒ කෙනා වෙනුවෙන් දක්වන ආදරය මැනීමේ දර්ශකයක් වෙනවා නේද ?

    • kumudupinto says:

      මං දුක් වෙන්න එපා කිව්වෙ නෑ. ඒත් මේ කාරණය තේරුම් අරගෙන ඉඳීම දුක අඩු කර ගැනීමට පහසුවක් වෙයි නේද ?

  2. Teshan says:

    බැඳීම් අඩු කර ගන්න තරමට දුක අඩුයි. ඒක බුද්ධ දේශනයක්. කෙනෙක් අපෙන් වෙන් වෙලා යන්නේ තවත් තැනකට. ඕනෙම වෙන් වීමක් දුකයි තමයි හිතෙන් තියෙන බැඳීම වැඩි වෙද්දි. ඒත් අපිට දුකක් අති වෙන මරණය තවත් කෙනෙක්ට සතුටක් වෙනවා. අපෙන් ඈත් වෙලා ගියාට ඒ කෙනා තවත් පවුලකට නොසෑහෙන්න සතුටක් ගේනවා. අපිත ඒ ගැන සතුටු වෙන්න පුළුවන් නම් දුක තුනී කර ගන්න පුළුවන්. මොකද ඒ කෙනා අපෙන් වෙන් වුනත් අපි අතරෙම ඉන්න නිසා. නිවන් දකින්න තරම් ගොඩක් දෙනාට පුළුවන් කමක් නැහැ නේ. ඉතින් අනිවාර්යෙන්ම අපි අතරෙම ඉපදිලා ඉන්නවාය කියලා සුභවාදීව හිතන්න පුළුවන් නම් මරණය කියන්නේ තාවකාලික වෙන් වීමක් විතරයි.

  3. vajira de silva says:

    ඇත්ත තේරුම් ගත්තත් ඒ වගේ අවස්ථාවක දුක කදුලට හැරෙන්නෙ නොදැනීම නේද? අවස්ථාවෙන් මිදුනම ආයෙත් ඇත්ත තේරුම් යනව………

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s