ප්‍රේමය හා මරණය

මේ කතාව මං බලපු චිත්‍රපටයක් ගැන. මීට පෙර කතාවක කිව්ව විදියට සතියක බඩේ අමාරුවකින් පස්සෙ යාළුවෙකුත් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා, මැජෙස්ටික් සිනමාහලට. ඒකෙ තිබුණෙ අයිය මලෝ දෙන්නෙක්ගෙ කතාවක්.

මල්ලිට හැදිල තියෙනව සනීප කරන්න බැරි මාරාන්තික රෝගයක්. ඔහු තරුණයි. අවිවාහකයි. මල්ලි හුඟාක් හැඟීම් බර කෙනෙක්. ඒත් අයියාට හැඟීම් වෙනුවට වැදගත් වෙන්නෙ සල්ලි. මේ මල්ලි හා එක් තරුණියක් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා. අයියා මල්ලිට බැන වදිනවා, තමන්ගෙ අමාරුව දැන දැනම තව කෙනෙක් අමාරුවේ දැමීමට උත්සාහ දැරීම ගැන. එතකොට මල්ලි අහන්නෙ “ඇයි, මැරෙන්න ඉන්නව කියල මට ප්‍රේම කරන්න බැරිද ? ” කියලයි.

ඒ දෙන්න විවාහ වෙනව. ඒත් ටික කාලෙකින් මල්ලි මරණයට පත් වෙනවා. මිනිය සේදීම පවා කරන්නෙ ඔහුගෙ භාර්යාව. කතාව එතනින් ඉවරයි.

අපි ප්‍රේම කරනව, ඒ තරුණය වගේම. එකම වෙනස ඒ තරුණය තමන් ඉක්මනින් මැරෙන බව දැනගෙන හිටියත් අපි දන්නෙ නැති එකයි. ඉතින් අර තරුණය ඇහුව වගෙ “ඇත්තටම මරණය ගැන දැනගෙන ඉන්න අයට ප්‍රේම කරන්න බැරිද ?”

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

6 Responses to ප්‍රේමය හා මරණය

  1. meeya says:

    a walk to remember film එකෙත් තියෙන්නෙ ඔය වගෙම කතවක් තමයි.. අයියා වෙනුවට එ ෆිල්ම් එකෙ ඉන්නෙ තාත්තා.

  2. මුදිතා says:

    සර්, මේ කියලා තියන කතන්දරේ වගේමයි සර්ට ලඟදි කෙනෙක් ගෙනත් දීපු පරිවර්තන කතාවත්. ඒ නිසා ඒක කොහොම හරි වෙලාවක් හොයාගෙන කියවන්න. මේ කලින් comment එකේ කියලා තියෙන්නේ ඒකේ ඉංග්‍රීසි කතාව ගැන.

  3. දනුක says:

    ඇත්තටම මේක කියවද්දි මතක් වෙන්නෙ meeya කිව්ව වගේ A Walk to Remember movie එක. කවදාවත් අමතක වෙන්නැති film එකක්. ඇස් වලට කඳුලු ආව film එකක්. මරණය දැනගෙන හිටියත් නොදැන හිටියත් ප්‍රේම කරන්න අයිතියක් හැමකෙනෙක්ටම තියනවා. මරණය බලාපොරොත්තුවෙන් ප්‍රේම කරන අයත් ඉන්නවනෙ.

  4. මුදිතා says:

    True, the movie is a wonderful one. But the book is more better than the movie. The story is little bit different, an old time one related by the old Landon Carter. Though the first chapter was started with long paragraphs and lengthy details, it continues with interesting dialogues and phrases, and a really wonderful story. It is more spiritual than the movie. All of the books I read of that author, Nicholas Sparks, are that kind of stories. Although this ‘A Walk to Remember’ is a story based on Catholic environment, it is not a barrier for those who from other religions to enjoy the story. It is not just another love story. It is a book of lessons about life too.

  5. Eranga Kasun says:

    මේකට මම චිත්‍රපටි දෙබසකින්ම උත්තරයක් දෙන්නම්, එක් පුද්ගලයෙක් තමන්ගෙ පෙම්වතිය මියගොස් ඇති බව කියූ විට, එය අසා සිටි කෙනෙක් “සමාවන්න”යි ඉංග්‍රීසි ක්‍රමයට පැවසූ විට පළමු පුද්ගලයගෙ පිළිතුර වූයේ “නැ ඔබ ඒ ගැන කණගටු වෙන්න එපා, මමවත් ඒ ගැන කණගටු වෙන්නෙ නැ. මොකද එයා මට ආදරය කරන්න පටන් ගත්තෙ, එයා මට වඩා ජීවත් වෙනව කියල පොරොන්දු වෙලා නෙවෙයි නෙ.එත් මට එයාව කවදවත් නැති උනේ නැ මොකද එයා හැමදමත් මගේ මතකයන් තුළ ජීවත් වෙනවා”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s