යාළුවගෙ කේන්දරේ

මම කැම්පස් ඉන්න කාලෙ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුගෙන් උපන් දිනේ අහනව. ඒ මොකද ඒ කාලෙ මම ජ්‍යොතිෂය වගේම අංක විද්‍යාව ගැනත් ලොකු උනන්දුවක් දැක්වුව හන්ද.

ඉතින් දවසක් කැන්ටිමේදි යාළුවෙක් මුණ ගැහුනා. එයා ආකි කරන කෙනෙක්. අපි කතා කර කර ඉන්දැද්දි මම ඔහුගෙන් උපන් දිනය ඇහුවා. දෙයියෝ සාක්කි. මගෙ උපන් දිනයට වඩා දවස් දෙකකට කලින්. මාත් හිතුවා හොඳ විහිළුවක් කරන්න.

මම මනුස්සයට කිව්වා මට පුළුවන් හිතෙන් කේන්දරේ හදන්න කියල. මිනිහත් පුදුම වෙලා මගෙ දිහා බැලුව. මම දැන් බොරුවට ඇඟිළි ගණන් කර කර මිනිහගෙ ග්‍රහ පිහිටීම් එකින් එක කියනවා. සෙනසුරු මේ කොටුවෙ. බ්‍රහස්පති මේ කොටුවෙ. මේ විදියට එකින් එක කියලා මං කිව්වා. චන්ද්‍රයගෙ පිහිටීම නම් හරියටම කියන්න බැහැ. මං ආසන්නයට කියන්නම් කියල. ඒකත් කිව්ව. මිනිහගෙ ඇස් උඩ ගියා.

මනුස්සයට ටිකක් විතර පුදුම වෙන්න මං ඉඩ ඇරියා. මිනිහ කිව්වෙ ඔහොම හපන්කමක් කරන්න පුළුවන් කිසිම කෙනෙක් මීට කලින් දැනගෙනවත් හිටියෙ නෑ කියලයි. ටික වෙලාවකට පස්සෙ මම කිව්ව මම ඉපදිලා තියෙන්නෙ එයාට වඩා දවස් දෙකකට කලින් බව. එතකොටයි මනුස්සය සාමාන්‍ය තත්ත්වයට පත් වුණේ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to යාළුවගෙ කේන්දරේ

  1. දනුක says:

    🙂🙂🙂🙂
    මෙකේ “සාමන්‍යයෙන්”, “මට්ට”, කියන ඒව පොඩ්ඩ්ඩක් බලන්න. ආකි කියන්නෙ මොකක්ද?

    • kumudupinto says:

      ස්තුතියි. ස්තුතියි. මම පස්සෙ වෙලාවක ගෙවන්නම්, Proof Reading වලට.

  2. ආකි = ආකිටෙක්චර්.
    නමුත් ඇත්තටම කියනව නං ඔය කියන්නේ bachelor of built environment ගැනයි.
    බලමු දැන් කුමුදුගෙ ඇස් උඩ ගියාද කියලා!

    • kumudupinto says:

      අපොයි නෑ. ඒ මොරටුවෙ ආකිටෙක්චර් උපාධිය. ඇස් උඩ ගියෙ නෑ. ඒත් තවමත් මම යමක් සැක කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s