සිනාවක මිල කීයද ?

මේ දැන් වෙච්ච වැඩක් හන්දයි මේක ලියන්න හිතුණෙ. ඉස්සර කාලෙ අපෙන් ඉගෙන ගත්ත අය අදටත් පාරෙදි දැක්කත් හිනා වෙනව. කතා කරනව. මුණ ගැහෙන්න කලාතුරකින් තමයි. ඒත් අර ඒ කාලෙ තිබ්බ බැඳීම අඩු වෙලා නෑ.

ඒත් අද සමහර අය එහෙම නෑ. අද එක්කෙනෙක් මගෙ මූණ දිහා බලල අහක බලා ගත්ත. අපි ඒගොල්ලන්ට ලොකූ වැරැද්දක් කරල වෙගෙ. මේ වාගෙ හැසිරීම්වලට ගෑණු-පිරිමි භේදයක් නෑ. ඉස්සර තමයි කාන්තාව හරිම සුකොමල පිරිමි හරිම දැඩි. ඒත් අද එහෙම නෑ. අපිටත් පස්ස හැරිල හිතන්න වෙනව මූණ නොබලන්න තරම් අපි කළ වරද මොකක්ද කියල.

මම හිතන්නෙ 1977න් පස්සෙ අපි සල්ලිවලට ලොකූ තැනක් දෙන්න පටන් ගත්ත. ඊට පස්සෙ ඉපදුණු හැමෝම දැක්කෙ එහෙම සමාජයක්., තමන්ගෙ දේ වෙනුවෙන් ඕනම කෙනෙක් බිල්ලට දෙන සමාජයක්. එහෙම නම් මේ වාගෙ හැසිරීම්වලට ඒ අයට දොස් කියන්න පුළුවන් ද ? ඒ වාගෙ සමාජයක් බිහි කරන්න අඩු වැඩි වශයෙන් අපි හැමෝම දායක වුණා නෙ.

දැන්වත් අපි හැඟීම්වලට මුල් තැන දෙන සමාජයක කොටස්කාරයො වෙමු ද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

7 Responses to සිනාවක මිල කීයද ?

  1. දනුක says:

    අනිවාර්යෙන්ම. ඒත් බහුතරයක් මේකට එකඟ වෙයිද දන් නෑ.

  2. palaamalla says:

    මනුස්සකම… හිතවත්කම දැන් හරිම අඩුයි මචන්… හැමදේම සල්ලි වලට යට වෙලා… මිනිස්සු සත්තු වගේ… දුවනව ඉවක් බවක් නැතුව

  3. මනුස්සකම කියන්නෙත් දැන් වෙලඳ දැන්වීමක් වෙලා….ඒක පහුගිය මැතිවරන කාලෙ දිස්ත්‍රික්ක ගොඩක මැතිවරණ පෝස්ටර ගොඩක දැක්ක…….

  4. Rasika Bandaranayaka says:

    මම මෙහෙම කියන එක හරිද මන්ද?එත් මට මෙක අහන්නම ඔනේ.ඉස්සර කාලෙ තිබ්බ බැදීම් අඩු වෙල නෑ කිවට මොකද?අදටත් අපි හිනා වෙද්දි අපෙන් අහනව අදුරනවද කියලා.එහෙමත් නැත්නම් මොකක් හරි Upset යන කතවක් කියලා යනව .මම අහන්නේ එක හරිද?ඔනම මනුස්සයෙක් කැමතිය් තමන් ලජ්ජ වෙන්නෙ නැතුව ජීවත් වෙන්න.ඉතින් එහෙම එකෙ සමහර වෙලවට අපි හිනා උනහම අපිට කට්ටිය ඉස්සරහම ලජ්ජා වෙන විදියට මොනව හරි කියන එක හරිද මම අහන්නේ?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මේ ප්‍රතිචාරය දැකීමත් සතුටක්. දෙවෙනි කාරණේ හිනා වුණහම “අඳුරනවද ?” කියල අහන එක, “ගිහිල්ල එන්නම්” කිව්වම “ලොකු දෙයක්” කියල කියන එක පුරුද්දකට ගිහිල්ල. එහෙම කියන්නෙ අනෙක් කෙනා අපහාසයට ලක් කරන්න නම් නෙවෙයි, පැහැදිලිවම. ඒත් අපි මේ ඉන්න ටික කාලෙ වත් සතුටෙන් ඉන්න ඕනෙ කියල හිතන හන්ද. ඒ හන්ද හිත් රිදුන නම් සමාවෙන්න. හැබැයි, එහෙම කියන එක නම් නවත්තන්නෙ නෑ.

      • Rasika Bandaranayaka says:

        මෙකනේ සර් සමහර වෙලාවල් තියනවා අපි කොච්චර සන්තොසෙන් එ දේ කලත් අනිත් කෙනා එක වැරදියට තෙරුම් ගන්න අවස්තා.සමහර වෙලවල් වලට අපේ අදහස් අපේ සිතුවිලි අනිත් කෙනාට තෙරෙන්නෙ නෑ..කොහොම උනත් කලෙත් එක්ක අපි එක එක්කෙනාව අදුර ගද්දි එයලව තෙරුම් ගද්දි එයලගෙ අරමුණ ,එයල හිතන විඩිය අපිට තෙරෙනවා.මෙක මම ඉස්සෙල්ල කිවේ සමහර වෙලවල් වලට අපේ සමහර කට්ටියන්ට තෙරුම් ගන්න අමරු නිසය්.මෙකට අනිවර්යෙන්ම පිලිතුරු එනව කියල දන්න නිසය්.

      • RAD says:

        ඒ උනත් අපි දැනගන්න ඕන හිනා වුණහම “අඳුරනවද ?” කියල අහන එකත්, “ගිහිල්ල එන්නම්” කිව්වම “ලොකු දෙයක්” කියල කියන එකත් කියන්න ඕන අපි හුගාක් ළගින් ආශ්‍රය කරන අපිව ‍හරියට තේරැම් ගන්න කෙනෙකුට විතරයි නැත්නම් අපි කලාතුරකින් හමුවෙන කෙනෙකුට එහෙම කියන එකනම් වැරදියි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s