සිසුවියන් පමණක් නොව සිසුන් ද ඇඬූ කතාවක්

අපේ ආයතනය ගිය අවුරුද්දෙ මාස 9ක පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් කළා, මෘදුකාංග ගැන. අපි තීරණය කළා, ඒ ඩිප්ලෝමාව කරපු සිසු සිසුවියන්ට මාසයකට වරක් යම් චිත්‍රපටයක් පෙන්නන්න. ඒත් එක කොන්දේසියක් පිට. හැමෝම ඒ චිත්‍රපටය නරඹල ඒ ගැන අඩු ගණනෙ A4 පිටුවක් පිරෙන්න ඉංග්‍රීසි භාෂාවෙන් විවේචනයක් ලියන්න ඕනෙ. ඒ පෙන්නපු එක් චිත්‍රපටයක් ගැනයි මම මේ කතා කරන්න හදන්නෙ.

චිත්‍රපටයෙ නම August Rush. ඒකෙන් කියවෙන්නෙ මෙන්න මෙහෙම කතාවක්. සංගීතයෙහි ඉතා දක්ෂ තරුණයෙක් හා තරුණියක් පෙමින් බැඳෙනවා. ඒ බැඳීම නිසා තරුණියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ බව තරුණයා දන්නෙ නෑ. මේ අතරෙ තරුණියගෙ පියා ඇයව අරන් යනව වෙන නගරයකට. ඒ අතරෙදි ලැබෙන දරුවා මළ බව තරුණියට පියා කියන අතර දරුවා ව අනාථ නිවසකට බාර දෙනවා.

August Rush

August Rush

මේ දරුවාට උපතින්ම අපූරු හැකියාවක් පිහිටනවා. ඒ තමයි පරිසරයෙන් සංගීතය උකහා ගැනීම. කතාවෙන් කියවෙන්නෙ මේ දරුවා තම දෙමාපියන් සොයා ගන්නා ආකාරයයි.

බොහෝ සිසුන් පවා කියා සිටියා තම ජීවිත කලයෙදි බැලූ හොඳම චිත්‍රපටය හැටියට. ඒ වගේම ඇස්වලින් ගලා ආ කඳුළු නවත්වා ගැනීමට බැරි වූ බව කියූ සිසුවියන් පමණක් නොව සිසුන් ද සිටියා.

කොහොම හරි මේ චිත්‍රපටය හොයාගෙන බලන්න.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

9 Responses to සිසුවියන් පමණක් නොව සිසුන් ද ඇඬූ කතාවක්

  1. දැනුම් දීම ගැන ස්තූතියි. බලන්නම ඕනෙ

  2. Savithra says:

    film eka gana kiwwata, thnx, balannama ona

  3. ස්තූතියි මීයා

  4. බැලුවා..ඇත්තටම ලස්සනයි…නියමයි

  5. Kathandara says:

    ඇයි මිනිස්සුන් ට අඬන්න තහනම්ද? ඇඬීම ගෑණු වැඩක් කියලද මේ කියන්නේ?

    • kumudupinto says:

      අපොයි නෑ. ඒත් සමාජ ව්‍යවහාරය එහෙම නෙ.

  6. තිවංක says:

    ‘Fire Proof’ කියන්නෙ ‘August Rush’ වලින් පස්සෙ අපිට බැදීම් ගැන කියවුනු, ඊලගට හම්බුවෙච්ච කථාව. මෙකෙ කියවෙන්නෙ කැඩිල බිඳිල යන්න ඔන්න මෙන්න තිබිච්ච බැඳීමක් එකතු කරගන්න පියෙකු පුතෙකුට දුන්නු අපූරු ඔවදනක් ගැන.මට විස්වාසයි සර් ඊලග batch 1ට කියන්න යන කතා ගොන්නට මෙ කතාවත් එකතු වෙවි කියල.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s