ඇත්තටම බෞද්ධයෙකු සියළුම කැමති දේ වලින් වෙන් විය යුතුද ?

අපි අහල තියෙනව, තෘෂ්ණාව නිවන අවහිර කරනවය, ඒ හන්ද තෘෂ්ණාවෙන්, සියළුම ආකාරයේ තෘෂ්ණාවලින් මිදිය යුතුය කියල. ඒත් තෘෂ්ණාව කියන්නෙ මොකක්ද කියල බලන කොට ඒ කියන්නෙ තණ්හාව. තණ්හාව කියන්නෙ කැමැත්ත කියලත් යමෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් ඒ මතය කොහ්චර නිවැරදිද කියන එක ගැන විග්‍රහ කරන්නයි මං මේ සැරසෙන්නෙ.

තෘෂ්ණාව හොඳ නෑ. ඒ ගැන සැකයක් නෑ. ඒ වගේම සතර අගතිවලත් බුදුන් වහන්සේ දේශණා කරල තිබෙනවා, ඡන්දය හෙවත් කැමැත්තෙන් අගතියට යන්න එපා ය කියල. ඒකත් අපට තේරුම් ගන්න පුළුවන්.

හැබැයි ධර්මයෙ සාරව්ත්ම කොටස් 37 වෙන්නෙ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ය කියල කිව්වොත් ඒකෙ ලොකු වැරැද්දක් නැති වෙයි. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කියන්නෙ සතර සතිපට්ඨාන, සතර ඍද්ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣ්ංග හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. 4+4+4+5+5+7+8 = 37. අපි බලමු සතර ඍද්ධිපාද කියන්නෙ මොනවද කියල.

ඡන්ද, චිත්ත, විරිය, විමංසා කියන හතර තමයි, සතර ඍද්ධිපාද කියන්නෙ. බුදුන් වහන්සේ ආයු සංස්කාරය හරින මොහොතේ ආනන්ද හිමියන්ට පවසල තියෙනවා. “ආනන්දය, යම් කෙනෙක් සතර ඍද්ධිපාද වඩා ඇත්නම් හේ ආයුහ්කල්පයක් ජීවත් වන්නේය” කියල. ඒ තරමට මේ සතර ඍද්ධිපාද බලවත්. ඒ හතරෙ පළමු එකත් ඡන්දය හෙවත් කැමැත්ත. එතකොට අර මුල් තර්කෙට මොකද වෙන්නෙ ?

අපි බුද්ධ ධර්මය වරද්දගෙන තියෙනවා. ඒ හන්ද මේ වාගෙ කරුණු අපට පේන්නෙ නෑ. අපිත් ඔහේ කවුරු හරි කියන බණක් අහල සාදුකාර දෙනවා. ඊට වඩා නරකද දැන් දැන් ම අද අද ම නිවන් දකින්න උත්සාහ කරන එක ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

5 Responses to ඇත්තටම බෞද්ධයෙකු සියළුම කැමති දේ වලින් වෙන් විය යුතුද ?

  1. vimukthi094 says:

    සතිස් බෝධිපාක්ෂික ධර්ම අයත් වන්නේ දුක්ඛ නිරෝධ ගාමණී පටිපදාවට නේද? ඉතිං ඔක්කොටම ඉස්සෙල්ල දුක මොකක්ද කියල හඳුනාගන්න ඕනෙ නේද?

    • kumudupinto says:

      මගෙ ප්‍රශ්ණය සතර අගතිවල ඡන්දය හා සතර ඍද්ධිපාදවල ඡන්දය ගැන.

  2. vimukthi094 says:

    බුදු හාමුදුරුවො දේශනා කළේ “ආනන්දය, යම් කෙනෙක් සතර ඍද්ධිපාද වඩා ඇත්නම් හේ ආයුහ්කල්පයක් ජීවත් වන්නේය” කියල නෙවෙයි “ආනන්දය, යම් කෙනෙක් සතර ඍද්ධිපාද වඩා ඇත්නම් ඔහුට ආයුහ්කල්පයක් වුවත් ජීවත් වියහැකිය” කියල.
    මෙතන ඡන්දයේ ආකාර 2ක් තියෙනවා. ලෞකික හා ලෝකෝත්තර ලෙස. ලෞකිකව ගත්තොත් තණ්හාව නිසා ඇතිවන එකක් තියෙනව. එහෙම නැති ලෝකෝත්තර එකකුත් තියෙනව. රහතන් වහන්සේ කෙනෙක් පිඬුසිඟා වඩින්නෙ තණ්හාවට නෙවෙයි. බඩගින්න නිවාගන්න. එතන ඡන්දය තිබුනත් තණ්හාව නෑ. තවත් උදාහරණයක් ගත්තොත් අපි තුවාලෙකට බෙහෙත් දාන්නෙ තණ්හාවෙන් නෙවෙයි. (එහෙත් බොහෝවිට එතන පටිඝය තියෙන්න පුලුවන්.)
    බුදුකෙනෙක් ජීවත්වෙන්න ඡන්දය ඇති කරගන්නෙ ලෝකයා ගැන කරුණාවෙන්. එතන තන්හාවක් නෑ. මේක හරියටම තේරුම් යන්නෙ සෝවාන් වීමේදී කියලයි මං හිතන්නෙ. මේක විතරක් නෙවෙයි බුදුදහම ගැන බොහෝ දේවල් තේරෙන්න නම් අපි මේ තත්වෙටවත් පත්වෙන්න ඕනෙ කියලයි මං හිතන්නෙ.

  3. hemalaya says:

    බුදු දහමෙත් පොඩි පොඩි ප්‍රශ්න තැන් තියෙනව නෙද? උදාහරන්යක් විදියට නිර්වානය කියන්නෙ මොකද්ද කියලා හරියට පැහැදිලි නැ. නිවන කියන්නෙ ආයිත් ඉපදෙන්නෙ නෙති එක නෙද? ඇයි අපි එහෙම කරන්නෙ ඔන කියල හරියට පහදිලි කරල දෙන්න පුලුවන්ද? නිවන වර්තමනයටත් වල0ගුද?

    • Wathsala Vithanage says:

      ඇයි අපි ඉපදෙන්න ඕන කියල අහන්නෙ නැත්තෙ? ඵ්කට උත්තරේ දන්න හින්දද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s