කිරි කෑ කතාව

අපේ ජන වහරෙ තියෙනව කෙනෙක් කිරි කෑ කතාව අන්ධයෙකුට කියන්න ගිහිල්ල වෙච්ච දේ.

“මුදවාපු කිරි හරිම සුදුයි”
“සුදු කියන්නෙ මොන වගේද ?”
“කොකෙක් වගෙයි.”
“කොකා මොන වගේද ?”
“මෙන්න මේ වගෙයි. ”
අත ඒ හැඩයට සකස් කර අන්ධයාට ඇල්ලීමට දෙයි.
“අපොයි. කිරි මේ වගෙ නම් කන්නෙ කොහොමද ?”

නැසීගිය ආතර් සී. ක්ලාක් මහත්තයත් මේ වගෙ කතාවක් එයාගෙ යම් පොතක කියල තිබුණා වගේ මතකයි. කිසිදාක බෝතලයක් දැක නැති කෙනෙක් ට වචනයෙන් බෝතලයක් යනු කුමක් දැයි විස්තර කර දීමත් කිසිදාක බිත්තරයක් දැක නැති කෙනෙක්ට බිත්තරයක් යනු කුමක්දැයි අප දන්නා ඕනෑම භාෂාවකින් විස්තර කිරීමත් නොකළ හැකි දෙයක් තරමටම අමාරු බව.

එහෙම නම් ජීවිතේට නිවන දැක නැති අපට නිවන යනු කුමක්දැයි තේරුම් කර දීමට අපේ භාෂාවේ ඇති වචන සමත් වෙයි ද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

One Response to කිරි කෑ කතාව

  1. Wathsala Vithanage says:

    This is a nice story, I can remember how Carl Segan explains fourth dimension. Here is the youtube link.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s