ටයි කෝට්

බටහිර රටවල් තමන්ගෙ රටේ සීත දේශගුණය උහුලන්න බැරුව කමිසයට උඩින් කෝට් එකක් ඇඳල කර පටියකුත් ටයි පටියකුත් දා ගෙන බෙල්ලත් හිර කරගෙන යි ඉන්නෙ. අපි මේ ග්‍රීෂ්ම කාලෙ ත් ඒ ක අපේ ජාතික ඇඳුම කියල ටයි දාගෙන කෝට් දාගෙන ඉන්නවා, ලෝකෙට පේන්න. අපටත් සම්ප්‍රදායයට ගරු කරනව කියල පුදුමාකාර වදයක් විඳිනව.

මට ත් මේක නම් පුදුමාකාර වදයක්. ඒත් තවම මේ වදයට එරෙහි වෙන්න හිතුනෙ නෑ. හැබැයි වදයේ සීමාව ඉක්ම ගියොත් මොකාක් හරි තීරණයක් ගන්න වෙනවා.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

3 Responses to ටයි කෝට්

  1. සරත් ගුණතුංග says:

    කතාව ඇත්ත. ටයි කෝට් ඇඳගෙන යාම ලංකාව වගේ ග්‍රීෂ්ම රටක අපහසුයි. මේ පිලිබඳව මේ කෙරෙහි අවධානය යොමු කිරීම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමක් කියල මම හිතන්නෙ. 1956 දී බණ්ඩාරනායක මහත්මයා බමුණු කුලය බිම දැම්මට පස්සෙ එක් වරම මහා පිබිදීමක් ඇති වුණා. එත කොට මම ආනන්ද විද්‍යාලයෙ ඉගෙන ගන්නව. සමහර ගුරුවරුත්, ශිෂ්‍යයින් සෑහෙන ප්‍රමානයකුත් ජාතික ඇඳුම ඇන්ද. එකත් නිකම් පුස්සක් වුනා. අධිරාජ්‍යවාදයේ අඳුරු සෙවනැලි හොල්මන් කරන්න වුනා අහල ඇතිනේ “කිරිබත් සහ හැඳි ගෑරුප්පු කථාව? http://sgunatunga.blogspot.com/2008/11/blog-post.html
    සුද්ද සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ඇන්දට අපි ඒවම අඳින්න ඕන නැහැ නේ. එහෙම බලන කොට මේ රටට ගැලපෙන ඇඳුමක් යම්කිසි නුවනක් සහිත බලධාරියෙක් හඳුන්වා දෙන්න ඕන. සමහර ගැනු ලමයි වගේ යාන්තමට විලි වැහෙන ඇඳුම් අඳින්නත් බැහැ නේ. විලි වසා ගැනීම සඳහාත්, අවු වැසි සුලං ආදියෙන් ආරක්ෂා වීම සඳහාත්, මැසි මදුරුවන්ගෙන් ගැලවීම සඳහාත් සුදුසු ඇඳුමක් නිර්මාණය විය යුතුයි.

    • kumudupinto says:

      එහෙම එකක් නිර්මාණය වෙනකම් අවශ්‍ය නම් පුරුෂ පක්ෂයට ජාතික ඇඳුමත් ස්ත්‍රී පක්ෂයට ඔසරියත් භාවිතා කළ හැකියි. හැබැයි ඉතින් මෙහෙම කතා කළාට මමත් තවම අඳින්නෙ කලිසම් කමිස.

  2. මම ලබපු අත්දැකීම් අනූව නම් ටයි කෝට් දාගෙන ඉන්න අයට වැඩි ගරුකිරීමක්/පිළිගැනීමක් දක්වනව. ලංකාව වගේ රටවල විතරක් නෙවෙයි අධික ඌෂ්ණයක් තියෙන මැදපෙරදිග රටවල පවා. එ වගේම බොහෝ රටවල පුද්ගලයන් ඇමෙරිකාව හෝ එක්සත් රාජධානිය වැනි දියුනු, අපේ භාෂාවෙන් සුද්දන් ඉන්න රටවල මිනිසුන්ට වැඩි ගරු සරුවක් දක්වනව, එහෙමත් නැතිනම් සුද්දන් කියන පදේට නටනව. අපිට මේ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියල හිතන්නෙ නෑ. මන්ද බහුතරයකට සරම් ඇදීම පහසුයි කියල තේරෙන්නෙ වයසට ගියාම පස්සෙ. අනික සාමාන්‍ය පුද්ගලයෙක් සරමක් ඇදගෙන වැඩට ගියොත් ඔහු දිහා අනෙක් අය බලන විදිහෙ වෙනසක් ඇති කරන්න වෙනව. මෙයට ලංකාවෙ නම් ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ආයතන වලින් අදින්න ඇදුම් නිර්දේශ කර තිබීම. සමහර ආයතන කෝට් අනිවාර්යය කර තිබීම හෝ සමහර ආයතන ෂර්ට් හා කමීස ද සමහර ආයතන smart casual ද සමහර ආයතන ඇදුම ගැන තැකීමක් නොදක්වීම වැනි දෑ නිසා මේවැනි තත්වයක් ඇතිවී ඇති බව මට හැගේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s