තොල් සායම්

මේක එක්සත් ජනපදයෙ වෙච්ච කතාවක්. ම්ට ලැබුණු ඊ-මේල් එකකයි තිබුණෙ.

එක කාන්තා විද්‍යාලෙක ගැහැණු ළමයි පිරිසක් හැමදාම තද රතු ලිප්ස්ටික් ගාන්න පටන් අරන් විදුහල්පතිණියට හරි කරදරේ. මොකක්ද ඒකෙන් විදුහල්පතිණියට වෙච්ච කරදරේ ? මේ දැරිවියො ටික ලිප්ස්ටික් ගාල නිකං ඉඳල නෑ. Wash Room එකේ කණ්ණාඩියෙ තොල් සළකුණු තියල හැම දැරිවියක් ම.

හැමදාම ඒ කාමරය පිරිසිදු කරන සේවකයට මේ කණ්ණාඩිය සුද්ද කරන්න වෙලා. මේක හරි කරදරයක් නෙ. ඔහු විදුහල්පතිතුමියට පැමිණිලි කරල. ඒ පාර විදුහල්පතිතුමිය මේ දැරිවියන් ටික Wash Room එකට ගෙනල්ල, පිරිසිදු නොකළ මේ කණ්ණාඩිය පෙන්නල අවවාද කළාලු.

එතන අර Wash Room එක පිරිසිදු කරන සේවකයත් ඉඳළ. එයා කියල තියනව “ඕන්න බලා ගන්න, මම ඒ තොල් සායම් ලකුණු මකන හැටි.” කියල. ඉන් පස්සෙ ඒ සේවකයා කොස්ස එක් කොමෝඩ් එකකට දාල ඒ වතුර අර කණ්ණාඩියෙ අතුල්ලල ඒ ලකුණු මකල. ඊට පස්සෙ එක දවසක් වත් ඒ කණ්ණාඩියෙ ලිප්ස්ටික් ලකුණු තිබිල නෑ !

දැන් කවුද ගුරුවරයා ?

This entry was posted in 20. රස කතා, සිංහල. Bookmark the permalink.

8 Responses to තොල් සායම්

  1. Wathsala Vithanage says:

    “දැන් කවුද ගුරුවරයා ?” Nice sarcasm… goes well with the experience of the day!

    • kumudupinto says:

      Your fantastic skill shown in most of the comments can be defined as “Meaningful Linguistic Promptness”.

  2. ඔලුවක් තියෙන මනුස්සයෙක්………….

  3. Isuru says:

    හැමදේටම ඔන්න ඔය විදිහට උත්තර දුන්නනම් ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා……..

  4. Teshan says:

    ඔය විදියට පිළිතුරු ලැබිය යුතු බොහෝමයක් දෙනා තමන් සියල්ලන්ටම වඩා උසස් කියලා හිතන් ඉන්නවා. ඒ වගේ යාළු මිත්‍රයෝ ගොඩක් දෙනා මම වැඩ කරනා ඉථානයේ පවා ඇති තරම් ඉන්නවා. විශේෂයෙන් දුන් අත හපා කෑ උදවිය.

  5. RAD says:

    ලස්සන කතාවක්
    ඇත්තටම ඒ සේවකයා ටිකක් නෙමෙයි ගොඩක් බුද්ධිමත් මොකද එයා ඉස්සෙල්ලාම මේ කරදරය ගැන ආයතන ප්‍රධානියාට පැමිණිලි කලා ඒකට පසසෙයි ඒ පුශ්නෙට හොද විසදුමක් ලබා දුන්නෙ
    ආයතන පුධානියාට නොදන්වා එහෙම දෙයක් කලා නම් සේවකයා‍ට ‍ලොකු පුශ්නෙකට මුහුණ පාන්න තිබුනා

  6. vajira de silva says:

    නියම වැඩේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s