දහම් පාසැල් යාම

අද ප්‍රශ්ණයක් මතු වුණා කෙනෙක් දහම් පාසැල් යා යුතුද කියල. මං මේ ලිපිය ලියන්න හිතුවෙ ඒකයි.

මම දම් පාසැලෙන් ඉගෙන ගත්ත හුඟාක් දේවල් තියෙනව. පළවෙනි කාරණේ ඉස්කෝලෙ උගන්නනෙ නැති ධර්මයේ ගැඹුරු තැන් මම ඉගෙන ගත්තෙ දහම් පෑසැලෙන්. ඒ වගේම ළමා සමිතියෙ කතා කළ හන්දයි හොඳට සභාවක් මැද කතා කරන්න පුරුදු වුණේ.

මම මුලින්ම උගන්නන්න පටන් ගත්තෙ දහම් පාසැලෙන්. ඒ වගේම දහම් පාසැලේ උගන්වනවට මුකුත් හම්බ වෙන්නෙ නෑ. කිසිම දෙයක් බලා නොගෙන යමක් කරන්න මම පුරුදු වුණේ දහම් පාසැලෙන්.

ඒ එක්කම තෑගි උත්සව සංවිධානය කිරීම් කථික තරඟ, දහම් දෑනේ තරඟ සංවිධානය කිරීම් වගෙ දේවල් හන්ද පිරිසක් සමඟ පංගුරේරුවක් නැතුව වැඩ කරන්න පුරුදු වුණා.

ඒ හන්ද මං හිතන්නෙ නම් හැම දෙමාපියෙක් ම තමන්ගෙ දරුවන් දහම් පාසැල් යවන්න උනන්දු වුනොත් හොඳයි කියලයි..

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

15 Responses to දහම් පාසැල් යාම

  1. Wathsala Vithanage says:

    Very true. My mother tried to send me to a Sunday School (better to say Dhamma school) but I was not interested. So I have never learned Buddhsim in depth, I do not know any of the tiny little details in Buddhism and never learned to work with a group.

    • kumudupinto says:

      I will tr to give finer points of Dhamma through my Blog posts, definitely in a different manner.

    • kumudupinto says:

      How honest are you ? If everybody in our country think, say and act like you, we will be able to understand the real meaning of heaven.

  2. මුදිතා says:

    මමත් ඔබතුමන් සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. මමත් දහම් පාසල තුළින් හුඟක් දේවල් ඉගෙන ගත්ත, අත්දැකපු කෙනෙක්. දහම් පාසලේ සමිතිය ළමයෙකුගේ අනාගතය සාර්ථක කරගන්න කොයි තරම් හොඳ තෝතැන්නක්ද කියලා මට තේරෙන්නේ දැන්. මා තුළත් කෙනෙකුට ඉගැන්වීමේ හැකියාව යම් තරමින් හෝ තිබෙන බව දැන ගත්තෙත් දහම් පාසලේ උගන්නන්න ගියාම.

  3. මට මේ වෙලාවේ ඔබ හා 100% ක් එකඟ වෙන්න බැරිවීම ගැන කණගාටුයි.
    කිව්වට කමක් නැද්දත් මන්දා.
    මගේ පුද්ගලික මතය පොදු එකක් නොවේවා !.
    කෙසේ වෙතත් මම කිසි දිනක දහම්පාසල් යාමට භාග්‍යයක් නොලද්දෙමි.
    මා දන්නා කීප දෙනෙක්ම තම ජීවිතයේ වැරදි පුරුදු ( මත්පැන් පානය වැනි ) පටන්ගෙන තිබුනේ දහම්පාසලේ මිතුරන් සමඟය.
    ඔවුන්ට ධර්මය ගැන, මට ඇති අවබෝධ‍යවත් නොමැති වීම පුදුම සහගතය.
    දිය හැකි චරිත සහතිකය වන්නේ වත්තක හොරෙන් පොල් කඩා දින දෙකක් ගස්බැඳ සිටි බවයි. නැති බැරි කමට නම් හිත හදා ගත හැකිය.
    වරද ඇත්තේ කොතනදැයි පහදා දෙන්න.
    තව දුරටත්, ඔබ කියූ ඔය දක්ෂතා සහ ගුණාංග වඩවා ගැනීමට පාසලත් හොඳ තෝතැන්නක් නේද. ?

    • kumudupinto says:

      ලෝකෙ පුරා වාහනවලින් වන අනතුරු තිබුණාට අපි වාහනවලින් යනවා නම්, රටේම දුස්සීල හාමුදුරුවරු හිටියාට අපි තවමත් බෞද්ධයෝ නම් ලෝකේ පුරා වැරදියට පරිගණක පාවිච්චි කරන අය හිටියාට අප තවමත් පරිගණක පාවිච්චි කරනවා නම්, ලෝකේ පුරා අන්තර්ජාලය අනිසි විදියට පාවිච්චි කරන අය හිටියාට අප තවමත් අන්තර්ජාලය පාවිච්චි කරනවා නම්, ඔබ ඔය දුන් එක උදාහරණයක් නිසා දරුවන් දහම් පාසැල් නොයැවිය යුතු ද ?

      අනෙක මා දන්නා පරිදි පාසැලේ සතිපට්ඨාන සූත්‍රය, අභිධර්මය වැනි කොටස් උගන්වන්නේ නැහැ. බුද්ධ චරිතය හෝ බෞද්ධ සංස්කෘතිය උවත් ඔහේ උඩින් පල්ලෙන් අත ගෑමකුයි සිද්ද වෙන්නෙ. මම ගිය දහම් පාසැලෙන් නම් මා ගත් දේ අපමණයි.

  4. Isuru says:

    බොහොම හොඳ මාතෘකාවක්…. අපේ ගෙදරින් මාවත් දහම් පාසලෙන් අයින් කරගත්ත….. හේතුව : ගෙදර වැඩ වලට වඩා දහම් පාසලේ වැඩ වලට මුල් තැන දීම…… ඒත් මම ඒවායින් ගත්ත අත්දැකීම් කියල නිම කරන්න බැරි තරම්…… අද මට කිසිම බයක් නැතුව ඕනෑම තැනක ඕනෑම පිරිසක් ඉස්සරහ කතා කරන්න පුළුවන් වුනේ දහම් පාසල නිසයි.

  5. ඇත්ත තමයි… හුඟක් දෙමාපියන්ට තවම තේරෙන්නෙ නෑ දහම් පාසැලේ අගේ……

  6. Chamara says:

    මම දහම් පසල් ගියට මම ලබා ගත් දේ ටිකයි .(නොනගිය හකි තරම්ය
    )එය මගෙ වරදක් මිස දහම් පසල් සන්කල්පය වරදක් නොවෙ. මොකද
    දහම් පසල් සන්කල්පය යනු කිසිවක් ලබා නොගන සමජයට වෑඩක්
    කරන්න කියල දෙන තෑනක්, එය සමාජවාදි සමාජයක අරම්භයයි, නමුත් දහම් පසල් සන්කල්පය අද ක්‍රියාත්මක විමෙ වරද්ක් තියනවා.

    • kumudupinto says:

      සමාජවාදී සමාජය යන සංකල්පය ක්‍රියාත්මක වීමෙත් වැරැද්ද්ක් තියෙනවනෙ. මං හිතන්නෙ ඔය සංකල්පවල වැරැද්දක් නෙවෙයි. මමත්වය උතුරා ගිය මිනිස්සුන්ගෙ වැරැද්ද.

  7. මම නම් දහම්පාසල් ගියෙ වැඩිපුරම පාලි ඉගෙන ගන්න. ඒ ඇයිද දන්නෙ නෑ පාලි අනෙකුත් දේවල්වලට වඩා හිතට වැදුන. ඒත් දැන්නම් ගොඩාක් දේ මතක නෑ. අනික අපි පාසලට වඩා දහම් පාසල තුලින් විශේෂයෙන්ම අපගේ හැදියාවන් හදාගන්නව. මන්ද පාසල තුල ඇති ගොඩනැගිලි තුල දුව පැන සෙල්ලම් කලත් පන්සල තුල දී මෙවැනි දේ කරනව අඩුයි. ඒ වගේම ඕනෑම දෙයකට පාසලට වඩා ළමුන් අඩු නිසා එක් ළමයෙකුට තියෙන අවස්ථා ගනන වැඩියි. අපි මේ ගැන සිතනව අඩුයි.

  8. Hasitha says:

    ඔබේ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මමත් මුලින්ම උගන්වන්න පටන් ගත්තේ දහම් පාසලෙන්. කවුරු මොනවා කිව්වත් මගේ චරිත සංවර්ධනයට ලොකු උදව්වක් දහම් පාසලෙන් වුනා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s