නිවන කියන්නෙ ශුන්‍යතාවය ද ?

හුඟාක් අය කියන දෙයක් තමයි, නිවන කියන්නෙ ශුන්‍යතාවය ය කියල. මම ඒක පිළි ගන්නෙ නෑ. පිරිනිවන් පාන මොහොතෙ එහෙම නැත්නම් අර්හත් බව ලබා ගත්ත මොහොතෙ කියල තියෙන උදාන දිහා බලන කොට කිසි සේත් ම පිළි ගන්න බෑ, නිවන කියන්නෙ ශුන්‍යතාවයක් ය කියල. අනෙක බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර දිලිසෙන්න ගත්තලු, ඒ සතුට නිසාම. ශුන්‍යතාවයට යනකොට උපේක්ෂාවෙන් ඉන්නව මිසක් ඔච්චර සතුටට පත් වෙන්න ඕනෙ ද ?

මම කියවපු කතාවක් තියෙනව, මම හිතන්නෙ විසුද්ධි මාර්ගයෙ. ඒකෙ එක ඉදිබුවෙක්, ගොඩබිම තියෙන විස්තර, ගස්වැල්, කඳු ගංගා, මල්, අනෙක් සතුන්, පිරිසිදු සුළඟ, මේ වාගෙ දේවල් ගිහිල්ල කියනවලු, මුහුදේ ඉන්න මාළුන්ට. එතකොට ඒ අයට කරන්න තියෙන්නෙ මොකක්ද ? ඒ අයට ගොඩබිමට යන්න බැරි හන්ද එක්කෝ ඒ විස්තර පිළි ගන්න ඕනෙ. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඕනෙ ඉදිබුවාට බැණ බැණ. ඒ විස්තර ඇත්තට ම දැන ගන්න ඕනෙ නම් තමන්ගෙ ජීවිතයෙන් මිදිල වෙනත් ජීවිතයකට යන්න ඕනෙ. නිවනත් එහෙමයි. ඒක ලබපු කෙනා ඒ ගැන කොහොම විස්තර කළත් අපට ත් ඒක ලබා ගන්නකම් ඒ ගැන කිසිම අවබෝධයක් ලබා ගන්න බෑ.

ඒ හන්ද නිවන ලබපු කෙනෙක් හැර වෙන කෙනෙක් නිවන ගැන කියන විස්තර කොච්චර නිවැරදිද කියන එකයි ප්‍රශ්ණෙ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

13 Responses to නිවන කියන්නෙ ශුන්‍යතාවය ද ?

  1. Wathsala Vithanage says:

    For emptiness to be defined none-emptiness has to be defined. We see emptiness in a blank page, in an empty pot etc. Each of the above emptiness is only defined with the help of something that is not empty in this case a page on a book, a clay structure encircling the empty area of a pot respectively. Think of any concept related to emptiness that you could imagine/experience of and you will find that it is only definable with something that it not empty. If Nirvana is emptiness then it could be only defined using concepts related to none-emptiness. In simple terms neither emptiness nor fullness can be defined without each other.

    The word emptiness implies the existence of fullness, the exact opposite. If Nirvana is emptiness then what is fullness? I think none of us or any of the things we observe in our day to day lives are in a full state. So who and what have achieved the state of fullness? If emptiness is achieved through Nirvana, how can we achieve fullness? By following which Dharma? Therefore trying to explain Nirvana as emptiness alone only calls for more complexity.

    What if fullness and emptiness are just dualities? where anything in between is unstable (Just a thought)

    • kumudupinto says:

      I personally feel that Nirvana means fullness, not emptiness. We will discuss on that matter later. I do not have guts to map Buddhism to worldly things, still.

      • මුදිතා says:

        In the ‘Buddha Dharmaya’ book of ‘Daham Pasal Avasana’ syllabus, there was a lesson on ‘Nirvanaya’. As I can remember its theory was like this: ‘Nirvanaya’ means ‘niveema’. We cannot explain what happened to the flame of a lamp when offed, we just say ‘eka nivunaa’.

  2. kumudupinto says:

    Do not depend on the examples given in books. Most books were written by scholars. They guess what Nibbana is. But I have never heard an Arahath written a book. Therefore best way to know what it is is to achieve it.

  3. සරත් ගුණතුංග says:

    තර්කයෙන් හෝ බුද්ධිමය අන්දමකින් හෝ පොත පත කියවීමෙන් නිවන අවබෝධයක් කල නොහැකිය. ‘සත්‍යය’ පිලිබඳව වැටහීගෙන එනවිට ‘නිවන’ පිලිබඳව යාන්තමින් හෝ වැටහෙන බවත්, එවිට නිවන ක්ෂණයකින් ඇතිවී නැතිවෙන බවත් සමහර ග්‍රන්ථවල සඳහන්ය. සයවන ධර්ම සංගායනාවේ ‘පුච්චක’ වශයෙන් ක්‍රියාකල මහාසි සයදෝව් හිමියන්ගේ පටිච්ච සමුප්පාදය නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ. ‘සතිපට්ඨානය වැඩීමට උන්වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස සමග ඇතිවන උදරයේ උස්පහත්වීම පිලිබඳව සිහිය යොමුකොට, ( ඒ කායානුපස්සනාවයි ) ඒ සමගම සිරුරේ ඇත්වන අනෙක් ‘වේදනාවන්’ සිහියෙන් සලකා බලා (වේදනානුපස්සනා)ඇතිවන සිතිවිලි සහ අනෙකුත් (චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා) පිලිබඳව සිහියෙන් සිටින විට සියලු දේ ඇති වී නැති වී යන බව අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ වන බවත් සඳහන්ය. ඇති වී නැතිවී යන දේවල් පිලිබඳව සියලුම ආශාවන් නැති වී යාමෙන් පටිච්ච සමුප්පාදයේ ‘තන්හාව’ නමැති පුරුක සිඳී යයි. එතැන සිට හේතුඵල දහම ක්‍රියාත්මක වීමෙන්, නිවන අවබෝධ වන බවද සඳහන්ය. නිවන යනු මියැදුනු පසු පිවිසෙන පාරාදීසයක් නොව, මේ ජීවිතයේදීම අවබෝධ කර ගත හැකි ධර්මතාවයකි. මේ පිලිබඳව උගතුන්, නූගතුන්, පණ්ඩිතයන්, ආදී නොයෙක් දෙනා කොපමණ තර්ක කලත් කරුණු මෙසේ ධර්මයේ ලියවී ඇත.

  4. sorry.com says:

    නොදන්න දෙවල් නොකිය ඉදපන් මොඩයො
    ඔනනම් දනගන්න මෙතනට යමන්.
    DHAMMA TALKS BY VENERABLE UDA IRIRIYAGAMA DHAMMAJIVA MAHA THERO-NISSARANAVANAYA MONASTERY

    • kumudupinto says:

      එක් එක් කෝණවලින් යම් දහමක් දෙස බැලීමට කෙරෙන උත්සාහයයන්ට ඔබ මෙසේ ගර්හා කළත් දහම විනාශ කිරීමට කෙරෙන උත්සාහයයන්ට ගර්හා නොකරන්නේ ඇයි ? මගේ කිසිදු ලිපියකින් බුදු දහමට අගෞරවයක් කිරීමේ කිසිදු චේතනාවක් නැති බවත් එවැනි කිසිදු දෙයක් අනාගතයේදී හෝ කිරීමේ වෑයමකුදු නොමැති බවත් දන්වන්නට කැමතියි. තමන් අකැමති මත ඉදිරිපත් වන විට අනුන් මෝඩයන් කිරීම පැත්තක දමා තමන්ගේ අදහස් පළ කරන්නේ නම් මැනවි.

    • Wathsala Vithanage says:

      Sorry.com යනු නීච හිඟන්නා යන අරුතින් භාවිත කළ හැකි වෙනත් යෙදුමක්ද?

    • චරිත says:

      අන් අයට මෝඩයා කියන්නට ප්‍රථම ඔබ බුද්ධිමතෙක්ද කියා සොයා බලන්න

  5. සරත් ගුණතුංග says:

    බුදු දහම ගැන සාකච්ඡා වන අඩවියක අපි කිසිවෙක් කාගේවත් සිත නොරිදෙන විදියට, සාකච්ඡා කලයුතුය. මංගල සූත්‍රය අප ජීවිතයට ඇතුලත් කර ගත යුතුය. නිතර නිතර එය මෙනෙහි කල යුතුය. මෙලොව පරලොව යහපතක් වන්නේ එවිටය. -තෙරුවන් සරණයි

    • kumudupinto says:

      දිගටම මෙම බ්ලොග් එකෙහි ප්‍රතිචාර දක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

  6. චරිත says:

    නිවන යනු මිය ගිය විට ලබා ගන්නා ‍දෙයක් නොව මෙතැනදීම, මේ මොහොතේදීම අවබෝධ කරගන්නා දෙයක් බව පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බණකදී දේශනා කල බව මතකය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s