පුත්තලම් පාර, ගල්ගමුව පාර හා දඹුළු පාර

අපි හිතමු යම් ගුරුවරයෙක් ඉන්නව කියල පුත්තලම් පාර, ගල්ගමුව පාර හා දඹුළු පාර යන පාරවල් තුනෙන් ම කොළබ ඉඳන් අනුරාධපුර යන විදි ගැන හොඳට දන්නව කියල. ඒ හන්ද යමෙක් පුත්තලම් පාරෙන් යන්න හිතාගෙන හරි, යමින් ගමන් හරි ටෙලිෆෝන් එකෙන් මඟ විස්තර ගැන අර ගුරුවරයගෙන් ඇහැව්වොත් කියන විස්තර නෙවෙයි ගල්ගමුව පාරෙන් යන කෙනෙකුට කියන්නෙ. ඒ උපදෙස්වලට හාත්පසින්ම වෙනස් උත්තරයක් වෙන්න පුළුවන් දඹුළු පාරෙන් යන කෙනෙක්ට දෙන්නෙ.

ඒ එක්කම පුත්තලම් පාරෙන් යන කෙනෙක් මුල් භාගයෙදු කියාවි “හොඳට මූද පේනව නෙ.” කියල. අග බාගෙදි කියාවි”පුදුම කැලෑවක් නෙ.” කල. ඒ එක්කම ගල්ගමුව පාරෙන් යන කෙනෙක් අග බාගෙදි කියාවි “මඟ දිගටම රේල් පාරත් එක්කනෙ අපි යන්නෙ.” කියල. දඹුළු පාරෙන් යන කෙනෙක් කියාවි “ඕන්න අපි දඹුළු විහාරෙත් වැඳ ගත්ත .” කියල. මේ විස්තර එකිනෙකට වෙනස් වුණාට ඒ අය අන්තිමට යන්නෙ එකම තැනට. ඒ අනුරාධපුරයට.

ඒ එක්කම මේ පාරවල් එකකින් යන්න තීරණය කළ කෙනෙක් යම්කිසි හේතුවක් නිසා පාර වෙනස් කරන්නත් පුළුවනි. හැබැයි හෙලිකොප්ටර් එකකින් අනුරාධපුර යන කෙනෙක් ට අවශ්‍ය නම් මේ පාරවල් තුනම ත් තුනේ ගමන් කරන උදවියත් බලා ගන්න පුළුවන්. උත්තම සාදු ඒ වගෙ හෙලිකොප්ටරයක යන කෙනෙක්.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

8 Responses to පුත්තලම් පාර, ගල්ගමුව පාර හා දඹුළු පාර

  1. ඒක සාදුගේ පවර් එක..හෙලිකොප්ටර තිබුනත් යන්න අපිට සල්ලි නෑ නෙව,,,,,,,,,,,

    • kumudupinto says:

      අයියෝ අයියෝ පටලව ගන්න එපා. මම උදාහරණයක් කිව්වෙ. පාරවල් තුන සමාන කළේ ශ්‍රද්ධා, වීර්ය හා ප්‍රඥා ශාසනවලටයි. හෙලිකොප්ටරය සමාන කළේ බුද්ධත්වය සඳහා කෙරෙන පාරමිතාවටයි.

  2. kathandara says:

    උමගක් හදන්න බැරිද, අර මහෝෂධකාරය හැදෙව්ව වගේ?

  3. චරිත says:

    කවුද සර්, මේ උත්තම සාදු? අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමිද?

  4. Teshan says:

    පුත්තලම්, ගල්ගමුව හා දඹුළු පාරවල් ත්‍රිලක්ෂණයට සම කළොත්, හෙලිකොප්ටරය හංසයෙක්ට සම කරොත්, උන්වහන්සේ උඩින් යන මේ ගමන, නිර්මල වූ නිවන කරා යන ගමනක් විදියටයි මට පෙනෙන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s