බුදු දහම හා සඳුන් ගස

බුදු දහම සඳුන් ගසක් වගෙයි. ඒකට පහර ගහන්න පහර ගහන්න ඒකෙන් සුවඳ විහිදෙනවා. ඒත් බුදු දහමෙ කොතනකවත් තර්කය වහල නැහැ. තර්ක කර කර වාද කර කර දහම දෙස බැලීම එය තේරුම් ගැනීමේ එක් මාර්ගයක් ලෙස යි මා දකින්නෙ.

මම උත්තම සාදුගෙ ගුරුහරුකම් ගනිද්දි වරක් බුදු දහමෙ යම් කාරණයක් භෞතික විද්‍යාවෙන් තේරුම් ගිය බව් එතුමාට කී වෙලාවෙ එතුමා කීවෙ ධර්මය තේරුම් ගැනීම තමන් දන්නා යම් විෂයයක් හරහා ත් කළ හැකි බැවින් එය වරදක් නොවන බවයි.

ඒ එක්කම සමහර විට ශ්‍රද්ධා ශාසනයෙ ඉඳගෙනත් සමහර විට ශීල ශාසනයෙ ඉඳගෙනත් සමහර විට ප්‍රඥා ශාසනයෙ ඉඳගෙනත් ලිපි ලියවෙන හන්ද සමහර විට ලිපිවල ඒකාත්මික භාවයක් නැති බව පෙනුනත් ඒ මගේ දෝසයක් නෙවෙයි.

ඒ එක්කම යම්කිසි දහමක් දෙස ඕනෑම කෙනෙකුට ඕනෑම ඇසකින් බලන්න පුළුවන්. ඒත් අපට කිසිම ආගම් කර්තෘවරයෙක් විවේචනය කරන්න අයිතියක් නෑ, අපි මොන ආගමකට අයත් වුණත්. එහෙම කරන අය හිටියත් මේ ලිපි පෙළින් එහෙම දෙයක් වෙන්නෙ නෑ.

“සෙත් සිරි දෙන මහ ගුණ මුනි ඳාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
තිත් ගණඳුරු දුරලන මුනිඳාණන්
සිත් සතොසින් නමදිම් මුනිඳාණන්”

“ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැම දෙය බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු”

“සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පීළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා”

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

8 Responses to බුදු දහම හා සඳුන් ගස

  1. අඛිල says:

    එතකොට බුදු හාමුදුරුවෝ “බුදු දහම සියුම්ය, තර්කයට හසු නොවන සුලු ය” කියලා වදාළේ ඇයි.

    • kumudupinto says:

      අපි හිතමු බාලාංශ පන්තියේ සිට ගණිත පශ්චාත් උපාධිය දක්වා උගන්වන ගුරුවරයෙක් ඉන්නවය කියල. අපි ඒ ගුරුවරය හමු වලා තමන්ගෙ ගණිත ගැටළු විසඳ ගත්ත හැමෝගෙම ප්‍රශ්ණයි උත්තරයි සටහන් කර ගත්තා කියලත් හිතමු. අපටත් හරියට ගණිතය තේරෙන්නෙ නැත ය කියලත් හිතමු. අර සටහන් ටික දිහා බැලුවම අපට පෙනෙන්නෙ මොනවද ? අප ගත යුත්තේ කෙබඳු නිගමනයක් ද ?

      • අඛිල says:

        ඒකෙන් අදහස් කරන්නේ අපට නොතේරුණත් බුදු දහමේ වඩා ගැඹුරු තර්ක ඇති බවද?

  2. kumudupinto says:

    අපොයි නෑ. යම්කිසි සූත්‍රයක් දේශණා කලේ කාට කුමන කරුණක් උඩද කියන එක අනුව එහි ඇති කරුණු වෙනස් විය හැකි නිසා.

  3. Wathsala Vithanage says:

    At the time of Lord Buddha, there were so many intellects and philosophers with theoretically sound teachings who thought that they could easily defeat Lord Buddha and disprove his teachings. However they ended up becoming bright monks. I do not think that lord Buddha ever told such people that Buddhism cannot be understood logically (if that was not the case they could have declared their victory then and there). For them to understand Buddhism it should be explained logically because logic and fundamentals are the only things they knew and they were interested in.

    • අඛිල says:

      I thought Lord Buddha used logic to explain the fallacy in their theories and then they became monks.

      • Wathsala Vithanage says:

        Simply put it this way, if Lord Buddha tried to explain fallacy of their theories, then it applys to them as well. That means they also must have tried to prove fallacy in Buddhism according to their beliefs. (Two person zero sum game theory)

        I think all those philosophers argued based on their propositions (assumptions/concepts). I believe Lord Buddha cleverly disproved their underlying propositions which inturn falsify their arguments. To disprove underlying assumptions he gave examples that contradict with their propositions, that’s proof by contradiction. (I have read some nice examples in Buddhist literature, but can’t remember names etc)

        And on the other hand those philosophers must have tried to do the same with Lord Buddha. They failed because they were unable to disprove underlying propositions of Buddhism. I think it is because it described the laws of nature accurately, it use these properties as fundamental propositions.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s