හීනයාන මහායාන

අපි බොහොම ආඩම්බරයෙන් කියනව අපි හීනයාන හෙවත් ථෙරවාද කියල. පිරිසිදු බුදු දහම තියෙන්නෙ අපි ළඟ කියල. ඒ එක්කම අපි කියනව මහායාන හාමුදුරුවරුන්ට විවාහ වෙන්නත් පුළුවන් නෙ. ඒ මොන කැත වැඩක් ද කියල. ඒත් අපේ සමහරක් අය රහසෙ කරන දේ ගැන කතා කරන්නෙ නෑ.

අපි හැම තීසෙම කියන දෙයක් තමයි, සෝවාන් හරි වුනොත් මදෑ කියන එක. බුදු වෙන්න පාරමී පුරන කෙනෙක් දිහා අපි බලන්නෙ ඒක කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් හැටියට. අපේ ලොකුම උත්සාහය යාන්තම් සෝවාන්වත් වෙන එකයි.

ඒත් මහායාන මතය හැම කෙනෙකුම අවසානයේ බුදු වන බවයි. ඒ අය ඒ තරමට බුද්ධත්වය කියන සංකල්පයට ළං වෙලා.

අපේ ලෞකික ජීවිතෙත් මේ ලක්ෂණයම තියෙනව නෙ. අපි කියන්නෙ සාමාන්‍ය පෙළ තරඟ විභාගයක් නෙවෙයි. ඒ හන්ද උසස් පෙළ කර ගන්න තරමට පාස් වුනොත් ඇති කියල. ඒ වගේම අපි කියනව උසස් පෙළ යාන්තම් සරසවියකට යන්න පුළුවන් විදියට් පාස් වුනොත් ඇති කියල. ඒ එක්කම අපි කියනව යාන්තම් උපාධියක් ගත්තම ඇති, ක්ලාස් එකක් මොකටද කියල.

ලංකාවෙන් එළියට ගිය අය අළුත් අළුත් දේ හොයා ගත්තත් මේ රටේ ඉඳගෙන අපට ඒක තවම කරන්න බැරි වෙලා. නෝබෙල් තෑග්ග අපට තවම ගව් ගණනක් දුරින් තියෙන්නෙ.

ඇයි අපි පළමු පන්තියේ සාමර්ථයකට උනන්දු කරන්නෙ නැත්තෙ ? ඇයි අපි පශ්චාත් උපාධිවලට උනන්දු කරන්නෙ නැත්තෙ ? ඇයි අපි අළුත් දෙයක් හොයා ගන්න උනන්දු කරන්නෙ නැත්තෙ ?

කොටින්ම ඇයි අපි කෙනෙක් බුද්ධත්වය ට පෙරුම් පිරිය යුතු යැයි උනන්දු කරන්නෙ, උනන්දු වෙන්නෙ නැත්තෙ ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

9 Responses to හීනයාන මහායාන

  1. vimukthi094 says:

    බුදුකෙනෙක් බෝධිසත්වයෙකුට විවරණ දෙන්නෙ ඔහුට එම අවස්තාවේදී රහත් වෙන්න තරම් දක්ෂතාවයක් තිබේනම් පමණි. ඉතින් සෝවාන් වෙන්නවත් බැරි කෙනක් බුදු වෙනවයි කියන එක වෙන්න පුලුවන්ද? අපිටනං රහත් වෙන්න ඕනෙ නෑ, බුදු වෙන්නයි ඕනෙ කියන අය ඕනෙ තරං ඉන්නව. එහෙත් ඇත්තටම බැලුවොත් ඔවුන් බොහෝ අය මේ කතාව කියන්නෙ දැන්ම නිවන් දනින්න අකැමැති නිසා නේද? ඔවුන්ට ඇත්තටම බුදු වෙන්න ඕනෙනම් ජීවිත පරිත්‍යාගයෙන් (පරමත්ථ පාරමී) පෙරුම් පුරන්න ඕනෙ නේද?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මං මගෙ ගුරුවරයගෙන් අහල තියෙන්නෙ සෝවාන් වෙනව හා බුදු වෙනව කියන්නෙ පාරවල් දෙකක් කියලයි. ඇත්තම කියනව නම් සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම හා රහත් වීම කියන්නෙත් පසේ බුදු වීම හා බුදු වීම කියන්නෙත් එකිනෙකට වෙනස් පාරවල් කියලයි එතුමා කියල දුන්නෙ. මීට කලින් ලිපියම මං ඒ ගැන විස්තර කරල තියෙනවා. අනෙක් කාරණේ මං අදහස් කළේ ආකල්ප වෙනසක්. ඕනෙම කාරණේකදි බොරුකාරයො ඉන්නව කියන එක අරුමයක් නෙවෙයි නෙ.

  2. බුදුන් වහන්සේගේ නියම ශ්‍රාවකයෙක් නම් කල යුත්තේ චතුර් ආර්ය සත්‍ය අවබෝධය පිනිස වෙහෙසීමයි. එසේ නොමැතිය බියකරු සස‍රට නැවත වැටීම නොවේ. බුදු වීම මහායාන අය අදහස් ක‍රන ආකාරයේ හැමටම කල හැක්කක් නොවේ යන්න කීමට ත‍රම් දෙයක් නොවෙයි. බෝසත් මග ලෙහෙසි පහසු එකක්ද! සත‍ර අපායේ වැටෙමින් යායුතු ගමනක්. බුදුන් වහන්සේ එහි ඇති බියකරු බව මනාව පෙන්වාදී තිබෙනවා. නියම බෝසත්ව‍රයකු පහලවීම ඉතාම දුර්ලභයි.
    අනික අපි ගරු ක‍රන්නේ බුදුන් වහන්සේගේ ආර්‍ය මහා සංඝ රත්නයට විනා රහසේ කටයුතු ක‍රනා අයට නොවේ.

    • kumudupinto says:

      මා අසා ඇති පරිදි අපායට යමින් සත්‍යාවබෝධය කරන්නේ ප්‍රඥා ශාසනයේ බෝසත්වරුන් වන අතර ඒ ගමන නිසා ඉක්මනින් සත්‍යාවබෝධය ලබා ගන්නා බ්ව් සිතිය හැක. එහෙත් මෙතේ බුදුන් ශ්‍රද්ධාධික හෙයින් අපායේ නොගොස් සත්‍යාවබෝධය කරම බව පොතපතේ සඳහන් වේ. එසේම ඒ ගමන ඉතා දිගු එකක් බව ද සඳහන් ය.

  3. මම ඉහත “රහසේ කටයුතු ක‍රන අය” යනුවෙන් අදහස් කලේ නොමනා ක්‍රියා වල යෙදෙන චීව‍ර ධාරීන්ය.

  4. සරත් ගුණතුංග says:

    මම දන්නා හැටියට හීනයාන හා ථෙරවාද යනු කොටස් දෙකකි. හීනයාන යනුවෙන් කොටසක් ඉස්සර ඉන්දියාවේ තිබුනු බවත්, ඒ කොටස නැති වී ගිය බවත් මා කියවා ඇත. ඒ නිසා දැන් ඇත්තේ ථේරවාද සහ මහායාන යන කොටස් දෙක සහ සෙන් ආදී වෙනත් සුලු කොටස් වේ. ‘පිරිසිදු’ බුද්ධාගම ඇති රටක් වශයෙන් අපි උදම් අනමු. නමුත් මහායාන බුදු දහමේ විස්තර කෙරෙන චතුරාර්ය සත්‍යය හා පටිච්ච සමුප්පාදය හා ථෙරවාද බුද්ධාගමේ සඳහන් එම කොටස් අතරද වෙනසක් නොමැත (වල්පොල රාහුල හිමි ). මේ බුදු දහමේ අරටුවයි. ථෙරවාද බුදු දහමේ ආලාර කාලාම සහ උද්දක රාමපුත්‍ර පිලිබඳව නිශ්ශබ්දය. මහායාන බුදුදහමේ ලලිතවිස්තර සූත්‍රයේ බෝධිසත්වයෝ ඉහත සඳහන් තවුසන් දෙදෙනා, (ආකිඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් පුහුණු වූ හෙයින්) ඔවුන් බඹ ලොව උපන් බවත්, දීර්ග කාලයක් බඹලොව සිට යලි මේලොව උපත ලබන විට බුදු දහම මෙලොව නැති බවත් සඳහන් කොට ඇත.

    • “ථෙරවාද බුදු දහමේ ආලාර කාලාම සහ උද්දක රාමපුත්‍ර පිලිබඳව නිශ්ශබ්දය”
      එහෙම කියන්න බැහැ. මොකද බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට සොයන විට මේ දෙදෙනාම අරූපී බ්‍රහ්ම ලෝක ඉපදී ඇතිබව තථාගථයන් වහන්සේ දුටුවා. බුදු දහමේ ඉගැන්වෙනවා අරූපී බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතාම දීර්ඝයි කියා. ඉතින් “දීර්ග කාලයක් බඹලොව සිට යලි මේලොව උපත ලබන විට බුදු දහම මෙලොව නැති” බව කීමට ත‍රම් දෙයක් ද. එතකොට ඔබගේ ඉහත ප්‍රකාශය ඉතාම වැරදි සහගතයි.
      මහායාන දහම තුල චතුරාර්ය සත්‍යය හා පටිච්ච සමුප්පාදය ඇතුලත් වුවද චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට ඔවුන් අනුගමනය ක‍රන වැඩපිලිවෙල බුදුන් වහන්සේගේ දේශනා වලට අනුකූල නොවේ.

  5. සරත් ගුණතුංග says:

    මා සඳහන් කර ඇත්තේ චතුරාර්ය සත්‍යය ධර්මය සහ පටිච්ච සමුප්පාදය මහායාන සහ ථෙරවාද කොටස් වල එක හා සමාන බවක් පමණයි. ඉන් එහාට ඒ ගැන මම මොකුත් පවසා නොමැත.
    බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමට ආලාර කාලාම සහ උද්දක රාමපුත්‍ර තවුසන් දෙදෙනා සුදුසු බවත්, ඔවුන් මියගොස් ඇතිබවත්, බඹලොව ඉපදුනු බවත් ථෙරවාද ග්‍රථවල සඳහන්ය. ඒ හැර වෙන විස්තරයක් මම නම් දැක නැත. කොතරම් පැහැදිලි දෙයක් වුවත්, ග්‍රන්ථවල නැති දෙයක් සඳහන් කිරීමට මම පසුබට වෙමි, ඒ ධර්මය විකෘති කිරීමට ඇති බිය නිසාය.
    “ඉතින් “දීර්ග කාලයක් බඹලොව සිට යලි මේලොව උපත ලබන විට බුදු දහම මෙලොව නැති” බව කීමට ත‍රම් දෙයක් ද. එතකොට ඔබගේ ඉහත ප්‍රකාශය ඉතාම වැරදි සහගතයි.”
    මගේ අදහස් කොතරම් පැහැදිලි වුවත්, ධර්මය හා එක් කිරීම නුසුදුසුය. මා කියවා ඇති දේ සඳහන් කරනු විනා කරුණු එක් කිරීම නුසුදුසුය.
    තිච් නැට් හෑන් නම් වූ මහායාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ග්‍රන්ථයක, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන විට එක්තරා දඩබ්බර භික්ෂූන් වහන්සේ නමක් (ඒ භික්ෂුව සඳහන් කරන පරිදි ) ත්‍රිපිටකය වෙනස් අන්දමකට ලියැවුනු බවක් කියැවේ. සියල්ල සාවධානව අසා සිටීමෙන් පසු, මෙය කෙසේ වීදැයි ප්‍රශ්න කිරීම කියවන්නා සතුය. මම මේ බව එකල ජීවත්ව සිටි ආචාර්ය ධම්මවිහාරී හිමියන්ගෙන් අසා ඇත. උන්වහන්සේ මට අවවාද කලේ එවැනි පොත් නොකියවා සිටීමටය. ඒ අදහසත් මම පිලිගන්නේ නැත. 1959 වසරේ, බුරුම දේශයෙන් මෙරටට වැඩම කල සංඝයා වහන්සේලා පිරිසක් විපස්සනා භාවනා පුහුනු කිරීමට ඉදිරිපත් වූහ. අපේ ලංකාවේ එවකට සිටි භික්ෂු පිරිසක් එයට විරුද්ධවූහ. ඒ බුදු රජානන් වහන්සේ උගන්වා ඇති ක්‍රමයට පටහැනි බවක් සඳහන් කරමිනි. කෙසේ හෝ අපට ඒ අවස්ථාව නැති වී ගියේය. පසු කලෙක, මහනුවර උඩවත්ත විසූ ජර්මන් ජාතික ඥානපොනීක තෙරුන් වහන්සේ (Four Foundations Mindfullness – BTS) යන ග්‍රන්ථයේ බුරුම ක්‍රමය යනුවෙන් පරිච්ඡේදයක් ඉදිරිපත් කලහ. ඒ පරිච්ඡේදයේ මුල උන්වහන්සේ කරුණු පැහැදිලි කොට ඇත… මේ බුරුම ක්‍රමය වශයෙන් සඳහන් වුවද, බුදුරජානන් වහන්සේ අනුමත කොට ඇත.. යන වගයි. මේ ස්වාමීන් වහන්සේලා සියල්ලම සවැනි ධර්ම සංඝායනාවට සහභාගි වූ ත්‍රිපිටකය හොඳින් දන්නා ස්වාමීන් වහන්සේලාය. (ඥාණපොනීක ස්වාමීන් වහන්සේ සෝවාන් වී ඇත.) මෙවන් පරස්පර විරෝධී අවස්ථා තවත් ඇත. බුදු දහම ඇත්තේ බුද්ධිමත් මනුශ්‍යයාටය. ඒ නිසා බුදු රජානන් වහන්සේ දේශනා කල කාලාම සූත්‍රයම අපගේ අවධානයට ගැනීමෙන් බොහෝ ප්‍රශ්න අපටම විසඳා ගත හැක. නැතිනම් පිට්ටනි ඝෝෂා කරුවන්ගෙන් මේ දේශය පිරී යනු ඇත. – තෙරුවන් සරණයි

  6. samarasinghe says:

    What i understood from this topic is that pinto sir not expects to discuss deeply about what is called “Heenayana” or “Mahayana” But the attitude we can develop by understanding the big picture of those two.

    As a country we are in a very poor situation since most of us are used to stop on places on the way rather than keep on going for the target or the destination. We have converted to a nation used to consumption what others produces even simple for things. For an example we export banana from the other countries and people love to buy them even for bit high prices and present them to kids as “Rata Kehel”. What has happened to us? Don’t we ready to promote or appreciate the producers in our country?

    I think that’s the bad side.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s