කුඹුරට උඩින් වැව

අපි යමක් ඉගෙන ගන්න විධි තුනක් තියෙනවා. කලාතුරෙකින් පන්තියක දකින්නට තියෙන විධිය තමයි යමක් විශ්ලේෂණාත්මක ව ඉගෙන ගැනීම. එහෙම කරගෙන කරගෙන යනකොට අපට ඇහැක් පහළ වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති සමහර විට ගුරුවරයා ප්‍රශ්ණයක් ඇහැව්වහම බොහොමයක් දෙනා හිතන්නටත් කලින් උත්තර දෙන අය. ජ්‍යාමිතිය පාඩමේදි අමුතු විදියට ඔප්පු කිරීම් කරන අය. මේ එක විදියක්.

දෙවෙනි විධිය තමයි නිතර නිතර තමන්ගෙ සටහන් බලල, පහුගිය ප්‍රශ්ණ පත්තර දහ පහළොස් විදියකින් දහ පහළොස් වාරයක් හදල රෑ නිදි මරාගෙන පාඩම් කරල යමක් අවබෝධ කරන අය. මේ අය තමයි හුඟාක් ඉන්නෙ, අපේ රටේ.

මං කතා කරන්න යන්නෙ අන්තිම විධිය ගැන. තමන්ට උගන්වන ගුරුවරයා තමන්ට උඩින් තියා ගත්තොත්, ගුරුවරයාගෙ ඉඳන් තමන්ට දැනුම ගලන මාර්ගය කිසිම විදියකින් අවහිර නැත්නම්, ඉබේම දැනුම ගලන්න පටන් ගන්නව, ගුරුවරයගෙ ඉඳන් ගෝලයට. මේ ක්‍රමේ දැන් හුඟාක් අඩුයි, මගෙ හිතේ.

විශේෂයෙන් BIT බාහිර උපාධිය වගෙ ටිකක් විතර වැඩ වැඩි උපාධියකදි මේ වගෙ ක්‍රමෝපායයන් තියෙන්න ඕනෙ, ඉහළින් සමත් වෙන්න. අපි අපෙන් ඉගෙන ගන්න එන ගෝලයින්ට මේ ක්‍රමේ කියල දෙනව. ඒක අපේ ආයතනයෙ සිද්ද වෙන වැඩක්. හැබැයි ඉතින් මේ ක්‍රමයෙන් වැඩ ගන්න අයගෙ ප්‍රතිශතය නම් අඩුයි මං හිතන විදියට.

ප්‍රඥාධික, වීර්යාධික හා ශ්‍රද්ධාධික පාරවල් තුන අපේ අධ්‍යාපනයට Map කළ එකයි මං මේ ලිපියෙන් කළේ.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

3 Responses to කුඹුරට උඩින් වැව

  1. චරිත says:

    සර් මමත් BIT කරන කෙනෙක්. මේ ක්‍රමේ තවත් පැහැදිලි කරන්න. අපිටත් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන විදියට. (හැබැයි මම class යන්නෙ නෑ. notes බලල ඉගෙන ගන්නේ)

  2. සරත් ගුණතුංග says:

    එක්තරා පශ්චාත් උපාධියකට ‘ඉගෙනීම සහ ඉගැන්වීම’ යන තේමාව යටතේ () කියල දෙයක් මම ඉගෙන ගත්තා. මේ පුරුක ඔස්සේ ගොස් එතැනට පිවිසෙන්න.

    http://www.nwlink.com/~donclark/hrd/bloom.html

  3. Hasitha says:

    “ප්‍රඥාධික, වීර්යාධික හා ශ්‍රද්ධාධික” ආකාර තුන කදිම උදාහරනයකින් පැහැදිලි කරලා තියෙනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s