බොයිල්ඩ් වෙජිටබල්ස් !

මේකත් මං අහපු ලස්සණ කතාවක්. එක දුප්පත් අම්ම කෙනෙක් හිටිය එළවළු විකිණීමෙන් ජීවත් වූ. එක දවසක් මේ අම්මට විකුණග්න්න බැරි වුණා තමන්ගෙ එළවළු ටික. ගෙදර ආවෙ හාල් පොඩ්ඩක් ගන්නවත් අතේ සතේ නැතුව. තමන්ගෙ එළවළු කූඩෙ තිබිච්ච කැරට් ටිකකුයි බෝංචි ටිකකුයි ගෝවා ගෙඩියකුයිඔ තම්බල යි තමනුත් මිණිපිරියත් කුසගින්න නිවා ගත්තෙ. මේවා කන ගමන් අර කාන්තාව කියනව “අනේ දුවේ අපි මොන තරම් පවක් කරන්න ඇද්ද මේ වගෙ එළවළු ටිකකින් කුසගින්න නිවා ගන්න වුණේ ?” කියල.

මේ නගරෙම හිටියා ධනවත් පවුලක්. ඒ ගොල්ලො එදා රාත්‍රී ආහාරය ගන්න ගියේ කොළඹ ලොකු හෝටලයකට. ඕඩර් කළේ බොයිල්ඩ් වෙජිටබල්ස්. සේවකයා රිදී බෝඩරයක් තියෙන ලොකු දීසියක තම්බපු කැරට් ටිකකුයි ගෝවා ටිකකුයි බෝංචි ටිකකුයි ගෙනාවා රිදී හැඳිත් එක්ක. රිදී හැඳිවලින් මේ ආහාර සප්පායම් වෙන ගමන් පියා කියනවා “අපි මොන තරම් වාසනාවන්ත ද මේ විදියට කන්න පුළුවන් වුණේ?. අද රටේ කීයෙන් කී දෙනාට ද මෙහෙම කන්න ලැබෙන්නෙ ? ” කියල.

එදා සෙනසුනක ස්වාමීන් වහන්සෙ නමක් පිඬු සිඟා වඩිනවා. උන්වහන්සේට ලැබුණෙත් තම්බපු එළවළු ටිකක්. උන්වහන්සේ බොහෝම මධ්‍යස්ථ සිතින් තමන්ට දානය දුන් අයටත් පින් දීලා දානෙ වැළඳුවා. උන්වහන්ස්සේට ඒ ආහාර දුප්පත් ආහාරවත් පෝසත් ආහාරවත් නෙවෙයි. නිකම්ම ආහාර.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

6 Responses to බොයිල්ඩ් වෙජිටබල්ස් !

  1. ඒක හරි මිනිස්සුන්ට තු න් වේල බත් කන්න නැති උනාම හිතන්නෙ මැරෙය් කිය්ල….ඒ අය දන්නෙ නෑ සමහර රටවල අය බත් ඇටයක්වත් කන්න නැතිව ජීවත් වෙනව කියල…..

  2. palaamalla says:

    ඇති නැති පරතරය මේ ලෝකේ සෑහෙන වැඩියි

  3. ruwan says:

    Actually they are just food. It is us that decorate the food with our thoughts. For the monk it is just some foods to get energy to live and no comments. For other two parties they have comments about good and bad. Isn’t this the case for most of the things of our lifes?

  4. Hasitha says:

    හැමදෙයක්ම අපි හිතන විදිහ අනුව තමා තීරණය වෙන්නේ.

    වතුර වීදුරුවක භාගයක් පිරෙන්න වතුර තියෙනවා දැක්කාම කෙනෙක්ට හිතන්න පුළුවන මේ වීදුරුවේ වතුර භාගයක් අඩුයිනේ කියලා සෘණාත්මක විදිහට.

    තවත් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ විදුරුවේ වතුර භාගයක් හරි තියෙනවානේ කියලා ධනාත්මක විදිහට

  5. අමිල says:

    ධන සෘණ, දුප්පත් පෝසත් වලට වඩා ගැඹුරුයි මේ ලිපියේ අර්ථය…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s