සිසු බවින් සේවකයකු බවට

අපි දැනට ජීවිතයේ අපට ගමන් කරන්නට ඇති කොටු 12 අඩංගු මට්ටම් තුනක් ඉගෙන ගෙන තියෙනවා. දැන් අපි බලමු, යමෙක් සිසුවෙක් සිසුවියක් ව ඉඳලා රස්සවකට ගියහම ඒ කියන්නෙ සේවක තත්ත්වයට වැටෙන කොට වෙන්නෙ මොකක්ද කියලා.

බැරි වෙලාවත් යමෙක් දෙවන මට්ටමේ වම් පැත්තෙ හිටිය කියල හිතමු ඉගෙන ගනිද්දි. එහෙම නම් එයා ඉතාමත්ම ක්‍රමානුකූල අන්දමින් තමන්ගෙ වැඩ කටයුතු කරන කෙනෙක්. සම්ප්‍රදායයන්ට ගරු කරන කෙනෙක්. පරණ මතවාද බිඳින්න හීනෙන් වත් නොහිතන කෙනෙක්. එයා රස්සාවකට යනකොට වම් පැත්තෙ ම තුන්වන මට්ටම තෝර ගත්තොත් කිසිම ප්‍රශ්ණයක් එන එකක් නෑ. එයා ඉතා හොඳ විනීත සේවකයෙක් වෙයි, සේව්‍යයන්ට ඉතාම ගරුත්වයකින් සලකන.

ඒත් එයා රැකියාව හොයා ගත්තෙ තුන්වන මට්ටමේ දකුණු පැත්තෙ කොටුවෙ නම්, එයා තේරුම් ගන්නව, එයා නොදන්න එයා ළඟ නැති හැකියාවන් ගොඩාක් තියෙනව කියල. ජීවිතේට කරල නැති අත් හදා බලල නැති ගැටළුවකට විසඳුම් හොයන්න ගියහම, පරිගණක වැඩ සටහනක් ලියන්න ගියහම එයාට කිසිම දෙයක් කර ගන්න බැරි වෙනව. ටිකෙන් ටිකයි එයා නිර්මාණශීලීත්වයට හා ගවේෂනාත්මක කාමයට හුරු වෙන්න ගන්නෙ.

බැරි වෙලාවත් යමෙක් ඉගෙන ගනිද්දි හිටියෙ ඩෙවන මට්ටමේ දකුණු පැත්තෙ කොටුවෙ නම්, එයා රැකියාවට ගියෙත් තුන්වන මට්ටමේ දකුණු පැත්තෙ කොටුවට නම්, එයා හුඟාක් සන්තෝසෙන් රැකියාව කරයි. තමන්ගෙ හැකියාවල් පාවිච්චි කරන්න පුළුවන් තැනක් ලැබුණා කියල සන්තෝස වෙයි. ඒත් එයාට රස්සාව කරන්න වුණේ තුන්වන මට්ටමේ වම් පැත්තෙ කොටුවෙ නම් එයාට හුඟාක් හිත් අමාරුවෙන් තමයි වැඩ කරන්න වෙන්නෙ. ඒකට හේතු ගොඩක් තියෙනව.

සාමාන්යයෙන් වම් පැත්තෙ කොටුවල ගමන් කරන අය යුනිෆෝම්වලට කැමතියි. සාම්ප්‍රදායික ඇඳුම්වලට කැමතියි. සම්පූර්ණ ඇඳුම් කට්ටලවලට කැමතියි. ඒත් දකුණු පැත්තෙ කොටුවල ඉන්න අය ක්මති නිදහස් ඇඳුමක් අඳින්නයි. ඒක සමහර ආයතනවල රෙගුලාසි එක්ක හැප්පෙනවා.

අනෙක තමයි, හුඟාක් වෙලාවට ආයතනික නීති. ඒවට දකුණු පැත්තෙ කොටුවල ඉන්න අය කැමති නෑ. හැබැයි ලංකාවෙ හුඟාක් ආයතන ටික ටික ලොකු වෙනකොට හෙමින් හෙමින් දකුණු පැත්තට බර වෙනව. ඒකට හේතුව ලංකාවෙ අයත් එක්ක නිති රෙගුලාසි නැතුව වැඩ කරන එක අමාරු හන්ද වෙන්න ඇති. බුද්ධ ශාසනයටත් අවුරුදු 20කට පස්සෙ ප්‍රඥාවෙන් ශීලයට එන්න සිද්ද වුණා නෙ.

ඉතින් මේ එක් එක් කොටුවක ඇති ගති ලක්ෂණවල හුටපටය හන්ද අපට ජීවිතයෙ එක් එක් කාලවල ටිකක් කරදරයෙන් තමයි ඉස්සරහට යන්න වෙන්නෙ.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

One Response to සිසු බවින් සේවකයකු බවට

  1. මේක මාර සමීකරනයක් විසදෙනකොට හැම 1ට ම තේරුමක් ආරූඩ වෙනව….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s