සුමන මාලාකාර, දේවදත්ත හා මහ මුගලන් තෙරුන් වහන්සේ

අපි අහල තියෙන හැටියට, සුමන මාලාකාර බුදුන් වහන්සේ මඟ වඩින කොට තමා අත තිබූ මල් පැසෙන් මල් රැගෙන අහසට වීසි කොට මහා ආශ්චර්යමත් පින්කමක් කරල දෙව්ලොවට ගියා. බුදුන් වහන්සේ දේශනා කරල තියෙනව, ඒ සුමන මාලාකාර අනාගතයෙදි පසේ බුදුවරයෙක් වන බවට.

දේවදත්ත බුදුන් වහන්සේට ගිජුකුළු පව්වෙ ඉඳන් ගලක් පෙරළුවා. ඒ වගේම සංඝ භේදය ත් කළා. ආනන්තරිය පාප කර්ම දෙකක් කළ එකම චරිතයයි මං හිතනන්නෙ බුද්ධ කාලෙ හිටි. ඒත් බුදුන් වහන්සෙගෙ දේශනාවට අනුව දේවදත්ත අනාගතයෙදි පසේ බුදුවරයෙක් වෙනව, මරණ මොහොතෙදි බුදුන් සරණ යාම නිසා.

මහ මුගලන් තෙරුන් වහන්සෙ කාහ්‍යප බුදුන් වහන්සෙගෙ කාලෙ දුෂී කියන මාරය. බුදුන් වහන්සේගෙ කනට ගලකින් විදල තුවාල කළ නිසා ගෞතම බුදුන් වහන්සේගෙ කාලෙ මනුස්ස ආත්මයක් ලබනකම් හිටියෙ අපායෙ. ඒත් පෙර කළ පින් නිසා අවසාන භවයෙදි ගෞතම බුදුන් වහන්සේගෙ ශාසනයෙ අග්‍ර ශ්‍රාවකයෙක් බවට පත් වීමට වාසනාව ලැබුණා.

මේ කතා මතක් වෙනකොට අපාය ගැන මීට වඩා වෙනස් විදියකට හිතුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to සුමන මාලාකාර, දේවදත්ත හා මහ මුගලන් තෙරුන් වහන්සේ

  1. මේ මුගලන් හාමුදුරුවන්ගෙ කතාව මම අහල තිබුනෙ නෑ,,,ස්තූතිය් ඔබට ඒක මට බලන්න සැලැස්සුවට…………

  2. Hasitha says:

    මුගලන් හාමුදුරුවන්ගේ කතාව මාත් කලින් අහලා තිබ්බේ නැහැ. ස්තුතියි අපිත් එක්ක ඒක බෙදා ගත්තාට

  3. Fiqri Ismail says:

    “මේ කතා මතක් වෙනකොට අපාය ගැන මීට වඩා වෙනස් විදියකට හිතුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

    මම හිතන්නෙ ඊට වැඩිය දෙයක් ඔතන තියෙනවා, අපාය අපායමයි… මට ලිපියෙන් පෙනුනේ කෙනෙක් කරන දෙයින් කරන වැඩෙන් ඒ අය විවේචනය කරන්න අපිට පුළුවන් කමක් නැහැ කියලා.. හරියට අනුන්ගැන හොයනවාට වඩා තමන් ගැන හොයන්න කිව්වා වගේ ?

  4. අමිල says:

    ඒකථාව සත්‍යට කෙතරම් සමීපද!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s