සෙල්ලම් බඩු රැකීම හා කැඩීම

සමහර දරුවන් ඉන්නව, යම්කිසි සෙල්ලම් බඩුවක් අරගෙන දුන්නහම ඒක පරෙස්සමෙන් අරන් තියන. සෙල්ලම් කරන්න ඕනෙ වුණහම ඒක අරගෙන පෝඩ්ඩක් සෙල්ලම් කරල ආයෙත් අල්මාරියෙන් අරන් තියෙන. මේ වගෙ දරුවන්ගෙ හැසිරීම ගැන ඒ දමව්පියො හරියට සන්තෝස වෙනව. ගෙදරට එන එන අයට දරුවගෙ වරුණෙ කියනව.

තවත් සමහර දරුවන් ඉන්නව, මොකක් හරි සෙල්ලම් බඩුවක් අරන් දුය්න්නහම ඒකෙ බඩ බොකු හොයන්නමයි කල්පනා. ගෙදර කිසිම සෙල්ලම් බඩුවක් නෑ නොකඩපු. ඒ අය හොඳ හොඳ පර්යේෂණ කරනව. මට මතකයි මගෙ සහෝදරයගෙ ලොකු පුතාට සෙල්ලම් කෝච්චියක් තිබුණ, ප්ලාස්ටික් රේල් පාරක් උඩ දුවන. ඒ රේල් පාර වෘත්තාකාරයි. දවසක් මං වැඩ ඇරිල එනකොට දරුවගෙ අම්ම කියෝනව කියෝනව දරුව කළ වැඩක් ගැන. ඒයා කෝච්චියෙ අන්තිම බඩු පෙට්ටියට කඩදාසි කෑල්ලක් පත්තු කරල දාල, ඊළඟට කෝච්චිය ස්ටාට් කරල. ඒක රේල් පාර දිගේ වට රවුම් ගහන කොට පස්ස පත්තු වෙවී, අත්පුඩි ගගහ බලන් ඉඳල. එදා ඒ ළමය අම්මගෙන් හොඳටම බැනුම් ඇහුව.

කාර් එකක් තියෙන ගෙදරක ඉන්නා පිරිමි දරුවෙක් ඒක එලවන්න ඉගෙන ගන්නෙ ගෙදර තියෙන කොස් ගහේ, අල්ලපු ගෙදර තාප්පෙ කාර් එක හප්පල. ඒකෙන් අලාබ හානි වුණාට, දෙමව්පියන්ගෙන් හොඳටෝම බැනුම් අහ ගත්තට ඉක්මනින් ළමය ඉගෙන ගන්නව.

අළුතින් කප්පියුටරයක් ගත්තහම, ඒකෙ කවරෙ ගලවල නොකරන දෙයක් නෑ, සමහර දරුවන්. මාසෙකට අඩු ගණනෙ එක වතාවක් වත් හාඩ් ඩිස්ක් එක Format කරනව. සමහර වෙලාවට හාඩ් ඩිස්ක් එක යනව. ඒත් දරුවා ඉතා ඉක්මනින් ඉගෙන ගන්නව, ගෙදරින් බැනුම් අහ අහ.

මේ හැම කතාවකින්ම පේන්නෙ විශ්ලේෂණාත්මක හැකියාවල් තියෙන අය යමක් ඉගෙන ගන්න ගියහම දුක් විඳින්න සිද්ධ වුණත් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා බවයි. ඒකට කමක් නෑ නේද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

6 Responses to සෙල්ලම් බඩු රැකීම හා කැඩීම

  1. isimbuwa says:

    ඇත්තටම ඔව් කමක් නෑ. නිර්මාණශීලී මිනිස්සු බිහි වෙන්නෙ එහෙමයි. ගහල බැනල තරවටු කරල දරුවන්ගෙ නිර්මාණශීලී මනස අඩපණ කරන එක නෙමෙයි වැඩිහිටියන්ගෙ යුතුකම.

  2. දැන් දරුවො හදන්න ඕනි අලුත් විදිහට….. 7 වසරෙ ඉන්න කොල්ලට ගේම් ගහන්න අලුත්ම බ්‍රෑන්ඩඩ් කොම්පියුටර් ඕනෙ නෑ නෙව..ඔය පරන කඩේකින් 10,000 විතර දීල පෙන්ටියම් කෑල්ලක් අරන් දුන්නම..කෑලි මාරු කර කර වැඩ ගන්න පුරුදුවෙයි…..

  3. Sadeepa says:

    හිතවත් පින්තූ සර් ,
    ඔබේ සටහන් බ්ලොගයක කියවන්න ලැබීම සතුටක් !! මම මුලින්ම මේ සටහන දැක්කේ සිංහල බ්ලොග් කියවනයේ . බ්ලොග් එකේ ලිපිනය දකින්නත් කලින්ම ඒ ඔබේ සටහනක් බව දැනුන .🙂 මොකද ඒ දවස් වල පරිගණක ඩිප්ලෝමා පන්තියේ ඔබේ මේ මනසට අලුත් යමක් දෙන කතන්දර මතක නිසා.

    දරුවන්ගෙ නිර්මාණශීලී මනස ගැන කතා කරද්දී මට මගේ ළමා කාලය මතක් වුනා. මම ගෙදර තියන ගුවන්විදුලිය මිටියකින් ගහල තමයි කොටස් කරලා තියෙන්නේ🙂

    මට නිතරම හිතෙන දෙයක් තමයි ලංකාවේ ගුරුවරු දරුවන් තුල ඇති නිර්මාණශීලි මනස මොට කරන බව. ප්‍රශ්නයක් ඇහුවම බනින ජාතියේ ගුරුවරු තවම ඉන්නවා.

    දිගටම ලියන්න , මේක කියවන විට හැගෙන්නේ තාමත් ඔබේ පන්තියේ ඉන්නවා කියල.

    • kumudupinto says:

      මේ බ්ලොග් එකට ලිපි ලියන එකෙන් හුඟාක් හොඳ වැඩකුත් වෙලා. කාලෙකින් පරණ ගෝලයො මුණ ගැහෙනව. ඒක ලොකු දෙයක් නෙ.

  4. Hasitha says:

    සර්ෆ් එක්සෙල් වලින් කරපු පැල්ලම් නැත්නම් ඉගෙනීමකුත් නැහැ කියන වෙළෙඳ දැන්වීම් මාලාව තමයි මට මතක් වෙන්නේ🙂

  5. අමිල says:

    මමත් ඒ ජාතියේ නේ.. කඩන බිදින.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s